තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පස්සේ පුතු ලැබීමත් සමඟ එදා මෙන්ම නිරතුරුව දකින්න නොලැබුණත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන “අකුරට යන වෙලාවේ” නාට්‍යය තුළින්. ඒ ගැන වගේම කලා ලොවේ ඉදිරි කටයුතු ගැන අපි තාරුකා සමඟ කතා කළා.
මේ දවස්වල මොකද වෙන්නේ?
අවුරුද්දේ අන්තිම මාසේ, දෙසැම්බර් මාසේ නිසා පොදුවේ කලාකරුවන්ට කාර්යබහුල කාලයක්නේ. ඒ නිසා මමත් ගත කරන්නේ කාර්යබහුල කාලයක්.
තාරුකාගේ නර්තන හැකියාවෙන් ප්‍රයෝජන ගන්නෙත් මේ කාලේ දී නේද?
ඔව්… ඔව්. මේ ටිකේ නම් උපරිමයෙන් ඒ වැඩසටහන් තියෙනවා. මේ දිනවල රිදී රැයක්, සිහින රැයක් වගේ විවිධ වැඩසටහන්වල පුහුණුවීම් සිදුවෙනවා.
මේ කාලයේ නිර්මාණ කටයුතු මොනවද?
මේ දවස්වල “අකුරට යන වෙලාවේ” නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
අලුත් ටෙලි නිර්මාණ භාර ගත්තේ නැද්ද?
භාරගෙන තියෙනවා. එහි රූප ගත කිරීම් ලබන ජනවාරි මාසයේ පටන් ගන්නවා. ඒක අතීතය සහ වර්තමාන කාලය අතර දිවෙන කතාවක්. කුමාරසිරි අබේකෝන් අධ්‍යක්ෂණය කරන නිර්මාණයක්. මේ අවුරුද්දේ හොඳ නිර්මාණ ලැබුණා. සමහර නිර්මාණවලට පිටරට යන්නත් තිබුණු නිසා මඟ හැරුණා.
කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?
මම ආසාවෙන් ඉන්නවා විකෘති චරිතයක් කරන්න. තවම එහෙම චරිතයක් ලැබුණේ නැහැ. බලමු ඉස්සරහටවත් මගේම ප්‍රඩක්ෂන් එකකදී හෝ එවැනි චරිතයක් කරන්න.
ඒ කියන්නේ නිෂ්පාදනයට එන්න අදහසක් තියෙනවාද?
ඔව්. එහෙම අදහසක් තියෙනවා. මේ වෙද්දීත් අපේ ප්‍රවීණ කලාශිල්පියෙක් එක්ක සම්බන්ධ වෙලා වැඩක් කරන්න කතා කරගෙන තියෙනවා.
සිනමාවට සම්බන්ධ වුණේ නැද්ද?
මේ දවස්වල මම ෆිල්ම් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ එක්කම අලුත්ම ෆිල්ම් එකකට කතා කරලා තියෙනවා. තවම පිටපත ලැබුණේ නැහැ. පිටපත කියවලා බලලා තමයි තීරණයකට එන්නේ.
ඉන්දියානු සිනමාවට අවස්ථාවක් ලැබිලා කියලත් සමාජ මාධ්‍යවල පළවෙනවා?
අනේ ඒ දේවල්වල නම් කිසිදු සත්‍යතාවක් නැහැ. මමත් ඒ දේවල් දකින්නේ සමාජ මාධ්‍යවල පළවෙද්දී.
තාරුකා එන්න එන්නම ලස්සන වෙනවා, මොකක් ද රහස?
අනේ ඒක මාව දකින හැමෝම කියනවා. එහෙම ලස්සන වෙන්න කියලා මම විශේෂ දේවල් කරන්නේ නැහැ. මම හිතන්නේ අපේ මනස නිරවුල් නම් හදවත ලස්සන නම් ඒ ලස්සන බාහිරින් පේනවා. මේ කාලයේ මම මානසික සුවය උපරිමයෙන් විඳිනවා. ඒ නිසා වෙන්න ඇති හැමෝටම මාව ලස්සනට පෙන්නේ.
අද වෙද්දී කැරලි කොණ්ඩයට ලොකු ඉල්ලුමක් තියෙන්නේ, තාරුකාටත් තියෙන්නේ කැරලි කොණ්ඩයක්?
මට ඒ ගැන හරි සතුටුයි. මම ක්ෂේත්රයට එන කාලේ කැරලි කොන්ඩේ නෙවෙයි ස්ට්‍රේට් හෙයාර් එක තමයි ෆේමස් වෙලා තිබ්බේ. දන්න හැමෝම ස්ට්‍රේට් කර ගත්තා. හැබැයි මට අම්මා ඒක කරන්න දුන්නේ නැහැ. නැත්නම් මාත් කරගෙන. ඒ කියන්නේ කැරලි කොණ්ඩයක් මේන්ටේන් කරන්න අමාරු නිසා තමයි මට එහෙම හිතුණේ. හැබැයි මට පස්සේ තේරුම් ගියා මේක තමයි මට හරියනම කොණ්ඩය කියලා. බොහෝ දෙනෙක් මගේ ගැන කතා කළත් මුලින්ම කතා කරන්නේ කොණ්ඩය ගැන. ඒ නිසා කැරලි කොණ්ඩයක් තියෙන ගැහැනු ළමයින්ට කියන්නේ කිසිම දෙයක් කර ගන්න එපා. පොඩි කාලයක් තමන්ගේ කොණ්ඩය වෙනුවෙන් දීලා පරිස්සමෙන් තියා ගන්න කියලා.
කොහොමද දැන් පුංචි පුතා?
එයාට දැන් අවුරුදු 4යි. හැමදේම තේරෙනවා. ගොඩක් දේවල් ප්‍රශ්න කරනවා. එයා ලස්සනට ලොකු වෙනවා අපි බලාගෙන ඉන්නවා.
අම්මා ටීවී එකෙන් දකිද්දී මොකද කියන්නේ
බලාගෙන ඉඳලා අම්මා කියලා කියනවා. සමහර වෙලාවට ලස්සන ගැහැනු ළමයෙක් දැක්කත් අම්මා කියලා කියනවා. ලස්සන අයට විතරයි එහෙම කියන්නේ.
ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?
ජිවිතේ ගැන සතුටක් තියෙන්නේ. අදටත් නිර්මාණවලට කතා කරන්නේ සහ ප්‍රේක්ෂක ආදරේ ලැබෙන්නේ කලින් කරපු නිර්මාණ එක්ක හිතේ ඇඳුනු දේවල් එක්ක. ඒ ආදරේට ගොඩක් ආදරෙයි. මම දවසින් දවස මම හිතපු තැනට වඩා අඩියක් හරි ඉස්සරහට ඇවිත් තියෙනවා. කලින් වගේ කාර්යබහුල ජිවිතයක් ගත කරන්න කැමති නැහැ. නමුත් කොහොම හරි නිර්මාණයක ඉන්නවා කියන එක මම හිතන් ඉන්නේ.
ඔබේ සැමියා ව්‍යාපාර ක්ෂේත්රයේ නිසා තාරුකා කැමති නැද්ද ව්‍යාපාර කරන්න?
මගේ ජිවිතේ බැරිම දේ තමයි ව්‍යාපාර. ඒ නිසා ඒ දේවල් ඔහුටම කරන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි නිර්මාණ අතින් හොඳ නිර්මාණයක් ලැබුණොත් කොහොම හරි කාලය හදාගෙන සම්බන්ධ වෙනවා කියන තැන ඉන්නේ.
ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති?
කලාකරුවෙක්ට ලැබෙන ඉහළම ගෞරවය ප්‍රේක්ෂක ආදරේ. ඒක එදා වගේම නොඅඩුව ලබනවා කියන්නේ මගේ වාසනාව. ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා අලුත් නිර්මාණ කරන්නේ නැද්ද කියලා. ඒ අහපු හැමෝටම 2025දී මාව නිර්මාණවලින් දකින්න ලැබෙනවා කියන එක කියන්න කැමතියි.
අනුෂා රණසිංහ