මිෂෙල් දිල්හාරා රංගන ශිල්පිනියක් ලෙස රසිකයන් අතර ජනප්‍රිය වුණත් මෑතකාලයේ ඇය වඩාත් ජනප්‍රිය වෙන්නෙ සමාජ සේවිකාවක් හැටියට. මේ වැඩරාජකාරි අතර වුණත් මිෂෙල් අලුත්ම සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙනව. ඒ ‘සෝලෝ ටවුන්’. මේ දිනවල රට වටා සිනමා ශාලාවල තිරගතවන ‘සෝලෝ ටවුන්’ ගැන වගේම මිෂෙල්ගෙ ජීවිතයේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇය සමග මේ විදිහට කතාබහක යෙදුණා.
සෝලෝ ටවුන්’ චිත්‍රපටයේ බෑන්ඩ් මැනේජර්ට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
චතුරංග සිල්වා සහ සහන් වික්‍රමාරච්චි සම අධ්‍යක්ෂණයක් ලෙසින් එන සෝලෝ ටවුන් චිත්‍රපටය මේ මාසෙ පස් වැනිදා සිට තිරගතවීම ආරම්භ වුණා. පිටපත අයේෂා ජයරත්නගෙ. නිෂ්පාදනය කළේ උදිත කුරේ. සෝලෝ ටවුන් හි මම නිරූපණය කරන්නෙ අමාගෙ චරිතය. චිත්‍රපටයට වගේම මගේ චරිතයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.
අමාගේ චරිත ස්වභාවය ගැන කතා කළොත්?
අමා කියන්නෙ බෑන්ඩ් එකේ මැනේජ්ර්. අනෙකුත් බෑන්ඩ්වල අයට වගේම ඔවුන්ටත් ලොකු හීන තියෙනව. අමා නිතරම බලන්නෙ තම කණ්ඩායම මැනේජ් කරගෙන හීන සැබෑවෙන ගමනක් යන්න.
හීන දෙකම සැබෑ වුණා… - මිෂෙල් දිල්හාරා
මිෂෙල්ට කොහොමද අමාගේ චරිතය ලැබෙන්නෙ?
චිත්‍රපටයේ කාස්ටින් වැඩවලට සම්බන්ධ ගංගීත් හරහා මට චතුරංග සිල්වා හඳුනාගන්න ලැබෙනව. දවසක් ඔහු මට කතාකරල, මම මේ වගේ වැඩක් කරනව කියල චිත්‍රපටය ගැන පැහැදිලිකිරීමක් කරනව. ඒ අනුව අපි කතාබහ කරල තමයි මේ නිර්මාණයට එකතු වෙන්නෙ.
ඔබ සමග මේ නිර්මාණයට දායක වන අනෙකුත් ශිල්පීන් ගැන මතක් කළොත්?
රවීන් කණිෂ්ක, සේමිණී ඉද්දමල්ගොඩ, ෂෙනායා වැන්හොෆ්, දුලීකා මාරපන ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනෙක් මේ නිර්මාණය සඳහා රංගනයෙන් දායක වුණා.
මෙවැනි චරිතයක් ලැබුණ පළමු වතාව?
ඔව්, මම හිතන්නෙ බෑන්ඩ් එකක් මූලික කරගෙන චිත්‍රපටයක් හැදුන පළමු වතාවත් මේක වෙන්න ඇති. ඒ වගේම මටත් මෙවැනි චරිතයක් ලැබුණ පළමු වතාව තමයි මේ. මම විශ්වාස කරනව මේ කාලය තුළ තිරගත වුණ චිත්‍රපට අතරින් පොඩි හරි වෙනසක් වෙයි කියල. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ටි්ර එක ඉන්ටර්නැෂනලි රීච් කරන්න පුළුවන් තැනකට ගෙනියන්න. ගොඩක් ෆිල්ම්ස් දැන් කොලබරේෂන් පවා පටන්ගෙන තියෙනව. ඒ ගැන සතුටුයි.
ෂූටිං අත්දැකීම් මොන වගේද?
ඇත්තටම අපි හරිම විනෝදෙන් තමයි ෂූටිංවලට සහභාගි වුණේ. මේක මියුසික් වලට සම්බන්ධ නිසා ඒ විනෝදය තවත් වැඩියි. චිත්‍රපටය තුළත් ගීත ගොඩක් තියෙනව.
පැය ගාණක් නිදි නැතිව ඉන්න වුණා කියන්නෙ?
ඔව්, චිත්‍රපටය පටන්ගන්න ෂොට්ස් ටික ෂූට් කරන්න අපිට පැය විසිහතරක් නිදි නැතිව ඉන්න සිද්ධ වුණා. මොකද නිදාගත්තොත් මූඩ් එක අවුල් වෙනව, මේකප් ප්‍රශ්න වෙනව. ඒ නිසා අපි හැමෝම ඇහැරගෙන කකා බිබී හිටිය.
මේ අතර රෙස්ටුරන්ට් එකකත් වැඩ කියල ආරංචියි?
මේ දවස්වල මගේ අලුත්ම ඩ්‍රාමා එක ‘රස රහසක්’ විකාශය වෙනව. ලියන්නෙ සුනෙත් මාලිංග මහත්මයා. අධ්‍යක්ෂණය කරන්නෙ අරුණ ජයවර්ධන මහත්මයා. එහි මම නිරූපණය කරන්නෙ නිශාරා කියන චෙෆ්ගෙ චරිතය.
මෙවැනි චරිතයක් අධ්‍යයනය කළාද?
මම මෙතනදි නිරූපණය කරන්නෙ චෙෆ් කෙනකුගෙ වෘත්තීයමය චරිතයක්. ඒක ලොකු වගකීමක් නිසා මේ චරිතය ගැන අධ්‍යයනයක් කරන්න සිද්ධ වුණා. චෙෆ් කෙනෙක් කතාකරන විදිහ, අඳින පළඳින විදිහ, කිචන් රූල්ස් මෙවැනි ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න සිදු වුණා.
ක්ෂේත්රය ගැන අදහස මොන වගේද?
රංගන ක්ෂේත්රය කියන්නෙ හැමදාමත් අප්ඩේට් වෙන, හැමදාමත් ඉගෙනගන්න දෙයක් තියෙන තැනක්.
අද තියෙන ජනප්‍රියත්වය මිශෙල්ට දැනෙන්නෙ කොහොමද?
මම ක්ෂේත්රයට ඇවිත් දැනට අවුරුදු හතහමාරක් විතර වෙන්නෙ. මුල් කාලෙ මගෙත් එක්ක හිටියෙ මගේ දෙමව්පියො. ඉන් පස්සෙ ඕඩියන්ස් එක. අපි රඟපාන නාට්‍යයක් බලන්න කවුරුවත් නැති වුණොත් මේ චරිත එළියට එන්නෙ නැහැ. මට අවස්ථාව ලැබුණ විවිධ චරිත නිරූපණය කරන්න. ඉදිරියටත් එවැනි චරිත තෝරාගෙන ප්‍රේක්ෂකයන් අතරට යන්න බලාපොරොත්තු වෙනව. ඔවුන්ගේ ප්‍රතිචාරය තමයි අපිව දිරිමත් කරන්නෙ.
මෙතෙක් ලැබුණු අගැයීම්, විටිනාකම් ගැන කතා කළොත්?
ඇත්තටම සතුටුයි. කලාකරුවකුට අගැයීමක් ලැබෙනව කියන්නෙ ලොකු වගකීමක් වගේම, ලොකු පන්නරයක්. තව පියවරක් ඉදිරියට තියන්න ලොකු ශක්තියක්. මේ දක්වා මට යම් සම්මානයක්, අගැයීමක් ලැබුණා නම් ඒ විනිශ්චය මණ්ඩලයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනව. ඒ වගේම යම් නාට්‍යයක් නිසා නම් ලැබුණෙ එක නරඹපු ප්රේක්ෂකයන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනව.
මොකක්ද මිශෙල්ගෙ හීනය වුණේ?
මට හීන දෙකක් තිබුණා. එකක් ගුරුවරියක් වෙන්න, අනික රංගන ශිල්පිනියක් වෙන්න. ඒ එක හීනයක් සැබෑ වෙලා රංගන ක්ෂේත්රයට එන්න ලැබුණ එක ගැන සතුටුයි.
සැබෑ නොවුණ හීනය ගැන පසුතැවෙනවද?
වෘත්තීයමය විදිහට නැති වුණත් ඒකත් යම් තරමක් දුරට සැබෑ වුණා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් සමග එකතුව අලුත් වැඩක් කළා?
ඔව්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තියෙනව හන්තාන සංරක්ෂණ නමින් සංගමයක්. මේක නිර්මාණය වෙලාතියෙන්නෙ පීට නවයක සිසු සිසුවියන්ගෙ එකතුවෙන්. මෙහි එක් ව්‍යාපෘතියක් ලෙස පැළ දෙසීයකට අධික ප්‍රමාණයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා Re Green Hanthana තේමාව යටතේ. මෙහි ප්‍රධානියා විදිහට ඉන්නෙ චමුදිත සිසුවා. ඔහු ඇතුළු මහාචාර්ය ගෙහාන් ජයසූරිය, මහාචාර්ය තිලංක ගුණරත්න, ආචාර්ය කුමුදු විජේසූරිය යන අය සමග මමත් මෙම වැඩසටහන සඳහා සහභාගි වුණා.
මහේෂ් එදිරිසිංහ