ලවන් අභිෂේක් කරළියට එන්නෙ ඩී්රම් ස්ටාර් රියැලිටි වැඩසටහන හරහා. අනතුරුව රංගන ක්ෂේත්රයට පිවිසෙන ඔහු, සංගීතේ, හිරිපොද වැස්ස වැනි ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරා ගන්නව. රංගන ශිල්පියකුගේ, ශිල්පිනියකගේ එකම හීනය වෙන්නෙ යම් දවසක රිදී තිරයේ තම රුව දැකීම. ‘සුපෙම් සුළඟක්’ සමගින් ලවන්ගේ ඒ සැබෑ වෙන සිහිනය ගැන කතාකරන්න මීවිත අපි, ඔහු මුණගැසුණා.
ලවන් සිනමාවට වරම් ලැබුවා කියල ආරංචියි?
ඔව්, මම ටෙලි නාට්‍ය නළුවෙක් විදිහට දැනට අවුරුදු හයක පමණ කාලයක් කටයුතු කරනව. ටෙලි ෆිල්ම් කිහිපයකටත් සම්බන්ධවෙලා තියෙනව. මීට කලිනුත් සිනමාවට ආරාධනා ලැබිල තියෙනව. නමුත් වැඩක් කරනකොට අපි ආස විදිහේ දෙයක් කරන්න ඕනනෙ. ඒ නිසා ලැබුණ ආරාධනා අතහරින්න සිද්ධ වුණා.
මේ ආරාධන ලැබෙන්නෙ කාගෙන්ද?
මට මේ ආරාධනය ලැබෙන්නෙ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන රන්ජන් ප්‍රසන්න අයියගෙන්.
මම මින් පෙර ඔහු සමග ටෙලිඩ්‍රාමාවල වැඩකරල තියෙනව වගේම අපි බොහොම ළඟින් ආශ්‍රය කරන අය. ඒ නිසා මම හරිම සතුටින් මේ ආරාධනය භාරගත්තා. මේ මගේ පළමු සිනමා රංගනය.
සුපෙම් සුළඟක්’ සිනමා නිර්මාණයේ ඔබ පෙම්වතියන් දෙදෙනකුගේ ආදරයට මැදිවෙනව?
මේ ආරාධනය මට ලැබුණට පස්සෙ මම මුලින්ම කිව්වෙ පිටපත බලන්න ඕන කියල. සුනෙත් මාලිංග අයිය තමයි පිටපත රචනා කරන්නෙ. ඔහු මට කතාකරල කිව්ව කතාව මොන වගේද කියල. ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුණෙ මම මේ චිත්‍රපටය බැලුව වගේ. ඒ තරම්ම ලස්සනයි. මට ලැබුණ ලස්සනම පිටපත කිව්වොත් මම නිවැරදියි. කාස්ට් එක ගැන හොයල බලද්දි රොෂෙල් සහ සචින්තනී ගැන දැනගන්න ලැබුණා. රොෂෙල් එක්ක නම් මම මීට කලින් වැඩ කරල තියෙනව. සචින්තනී තමයි ‘හිරිපොද වැස්ස’ ටෙලි නාට්‍යයේ මගෙ අක්කට රඟපාන්නෙ. ‘සුපෙම් සුළඟක්’ හි මම මැදිවෙන්නෙ ඔවුන් දෙදෙනාගේ ආදරයට.
ආරාධනය ලැබුණ මොහොතෙ මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?
මට මේ ආරාධනය ලැබෙන්නෙ රූගතකිරීම්වලට මාසෙකට කලින්. මොකද ටයිට් ෂෙඩුල් එකක තමයි ඔවුන් හිටියෙ. පිටපත කිව්වට පස්සෙ මම හිතුවා අනිවාර්යයෙන්ම මම මේක කරනව කියල.
‘හිරිපොද වැස්ස’ත් එක්ක ලවන් දැන් හරි ජනප්‍රියයි?
ඇත්තටම හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ අභීගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනව. මොකද රසිකයන් කියන්නෙ මින් පෙර මගෙන් නොදැකපු විදිහේ චරිතයක් ඔවුන්ට දැකගන්න ලැබෙනව කියල.
රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?
රූගතකිරීම්වල අත්දැකීම් හරිම විනෝදජනකයි. තිශාක්‍ය සහ රමිදු, එහෙමත් නැතිනම් පිලා සහ කූරා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔවුන් තමයි මගේ යාළුවො. මේ ටෙලියෙදිම තමයි අපි හඳුනාගන්නෙ. නමුත් මේ වන විට මගේ සහෝදරයො වගේ දැනෙන්නෙ. එකට වැඩකරන්න ඉන්නෙ තරුණ පිරිසක් නිසා අපි හරිම සතුටින් රූගතකිරීම්වලට සහභාගි වෙනව.
ලවන් හිතුවද අභී මේ තරම් හිට් වෙයි කියල?
ඇත්තටම මේ වැඩේ අපි පටන්ගනිද්දිම එහෙම හිතුව. මොකද අද සමාජයේ සිදුවෙන දේවල් තමයි මේ පිටපතේ තිබුණෙ. ඒවා බොහෝ දෙනෙක් එළියට පෙන්නන්නෙ නැහැ. මේ නිසා අපි සියයට සියයක් හිතුව මේ වැඩේ පත්තු වෙනව කියල. ඒ හිතුවාටත් වඩා දෙයක් අදවෙනකොට ලැබිල තියෙනව.
කොහොමද සංගීත වැඩකටයුතු?
මේ දවස්වල සංගීත වැඩකටයුතු ටිකක් විතර මගහැරිල තියෙනව. නමුත් එහෙමයි කියල අමතක කරන්නෙ නැහැ කිසිම වෙලාවකවත්. මොකද මගෙ ආසාව, විනෝදාංශය මේ හැමදේම තමයි සංගීතය කියන්නෙ. මේ වෙද්දි මම බෑන්ඩ් එකක් කරගෙන යනව ‘සෙවන් වින්ග්ස්’ කියල. ඒකෙ මගේ අයියල දෙන්නයි, තව සහෝදරයො ටිකක් ඉන්නෙ.
කොහොමද වැඩකටයුතු?
අපේ බෑන්ඩ් එකට මේ වනවිට අවුරුදු දෙකක් වෙනව. අපි හිතුවට වැඩිය ලොකු ගමනක් ආව වගේම තව ඉස්සරහට ලොකු ගමනක් යන්න තියෙනව. අපි හැමෝම එකතුවෙලා වැඩකටයුතු හොඳින් කරගෙන යනව.
වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ මොන වගේ අවස්ථාවන් සඳහාද?
වෙඩින්ස්වලට, කොන්සර්ට්වලට අපිට වැඩිපුර ආරාධනා ලැබෙනව. ඒ වගේම ඉදිරියේදි ටුවර්ස් යන්නත් බලාපොරොත්තුවක් තියෙනව. තව අපේම ගීත කිහිපයක් රිලීස් කරන්නත් සැලසුම් කරල තියෙනව.
ලවන් අභිෂේක් කියන ගායකයාට මොකද වෙන්නෙ?
මං තුළ ඉන්න නළුවා නිසා ගායකයාට තිබුණ ඉඩකඩ පොඩ්ඩක් විතර අඩුවෙලා තියෙනව. නමුත් මේ වනවිට මගේ ගීත කිහිපයකම වැඩකටයුතු අවසන්වෙලා තියෙනව. ඒවායේ විෂුවල් වැඩටික තමයි ඉතිරිවෙලා තියෙන්නෙ. ඒකත් ඉක්මනින්ම අවසන් කරන්න ඕන.
වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ නළුවාටද? ගායකයාටද?
මට හිතෙනව ඒ දෙන්නටම සමාන ප්‍රතිචාර තියෙනව කියල.
ඔබ ඩී්රම් ස්ටාර් තරගයට ඉදිරිපත් නොවුණා නම්?
මම ඩී්රම් ස්ටාර් තරගයට ඉදිරිපත් නොවුණත් ගායනය පැත්තෙන් ඉදිරියට එන්න ලොකු උත්සාහයක් ගනීවි. මොකද අපේ තාත්තා වගේම පවුලේ අයත් සංගීතයට සම්බන්ධතාවක් තියෙන නිසා.
‘සංගීතේ’ සෙට් එකත් සිනමාවට එන්න හදනව කියල ආරංචියි?
ඉස්සර ටෙලි නාට්‍ය නළු නිළියන් සිනමාවට සම්බන්ධකරගන්නෙ නැහැ. එහෙම පොඩි බෙදීමක් තිබුණා. ඒක එක පැත්තකින් අසාධාරණ වැඩක්. එහෙම විය යුතු නැහැ. දක්ෂතාව තියෙන කෙනකුට ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවලත් රඟපාන්න ඉඩක් තියෙන්න ඕන. මේ වෙද්දි ඒ සිස්ටම් එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙමින් යනව. ඒ වගේ චාන්ස් එකක් තමයි සංගීතේ සෙට් එකටත් ලැබිල තියෙන්නෙ.
සාරංගගේ ෆිල්ම් එකකටත් ආරාධනා ලැබුණ නේද?
ඔව්, සාරංග අයියගෙ ‘කල්පනා’ චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒ වැඩකටයුතුත් කෙරීගෙන යනව.
ලවන් කියන්නෙ හොඳ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්?
ඔව්, මම පාසල් ගියේ ගම්පල සහිරා විද්‍යාලයට. එහි ෆුට්බෝල් කණ්ඩායමේ මමත් ක්‍රීඩා කළා. සහිරා කියන්නෙ ෆුට්බෝල් ක්‍රීඩාවෙන් රටේ නමක් තියපු පාසලක්.
මහේෂ් එදිරිසිංහ