වසරක් ගෙවෙන තැන මාධවී කියූ කතාව මෙන්න..

 


සමහර වෙන්වයෑම් තියනවා ඒ අඩුව පුරවන්න වෙන කිසිම දේකට බැරි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. 


ඔහු ප්‍රතාපවත් මහ රංගන පෞරුෂයක්.. ඒ විතරක් නෙවෙයි, ඒ කලා හැඩ අදටත් අපට දැකගන්න පුළුවන් වෙන විදිහේ පරපුරක් ජැක්සන් මේ වෙද්දීත් නිර්මාණය කරලා.. ඒ ඔහුගේ ආදරණීය දරුවන් කිව්වොත් හරි..


කලක් රෝගාතුරව සිටි ජැක්සන් ඇන්තනී මහා කලාකරුවා අප අතරින් සහදටම නික්ම ගොස් අදට වසරක්.. මේ බලන්නකෝ ඒ වෙනුවෙන් මාධවී එක්කරලා තිබුණ සටහන..


අප්පච්චි ගිහින් අවුරුද්දක්!! ජීවිතේ කවදාවත් ආයෙ මේ වගේ දුකක් දැනෙන්න විදිහක් නෑ අප්පච්චි. මේ ඇති වුන හිස්තැන කිසිම කාලෙක පිරවෙන්නෙත් නෑ. අප්පච්චි ඉන්නකොට හිනාවෙන් ආදරෙන් පිරිලා තිබුණු තැන් අද වෙනකොට පෙරේත ගුබ්බෑයම් වගේ. ආරක්ෂාවක් නෑ. සතුටක් නෑ. විශ්වාසයක් නෑ. අප්පච්චි එක්කම ඒ හැමදේම නැති වුනා. ඒ නිසාම හව්හරණක් නැතුව ඔලුව උස්සන විදිහ මට ඉගෙනගන්න වුනා. අප්පච්චි ලෙඩ වෙලා ඉද්දි වෙන අයගෙ වරදින් අපි අසරණ වුනු තැන් ගොඩයි. ඒ කාලෙත් අප්පච්චිගෙ හුස්ම ටික ගන්න පවුකාර පිසාචියෝ වලිකෑවා. පොරකෑවා. ඒත් අපි නිහඬව අප්පච්චි වෙනුවෙන් අදටත් දහස් ගානක හුස්මට පිටිවහලක් වුනා. ඉතිං ආයෙ මොන විදිහේ විපතක් වුනත් දරාගන්න හැටි දැන් දන්නවා. අප්පච්චි මට පොරොන්දු වුනා. "මළත් මම උඹට ඉන්නවා" කිව්වා. සමහර විට මේ වෙච්ච දේවල් නිසා වෙන්න ඇති දැන් වෙනදට වඩා මයෙ හිත හයිය. අප්පච්චි කොහේහරි ඉන්නවානම්, මෙහෙ හිටියට වඩා සතුටින් ඉන්න... එච්චරයි..!



Previous Post Next Post