රංගන ශිල්පීන් දේශපාලනයට යා යුතු නෑ - කුමාර තිරමාදුර

 


මුලින්ම කතා කරමු දිනාගත්තු ජාත්‍යන්තර සම්මානය ගැන.

කසාන් චිත්‍රපට උළෙල කියන්නේ විශේෂ සිනමා උළෙලක්. එතැනදී සරත්ට සහ මට හොඳම නළුවා සම්මානය ලැබුණා. අපි හැඟීම් දැනෙන රංගනයක් ඉදිරිපත් කළ නිසා තමයි විනිශ්චය මණ්ඩලයෙන් අපි දෙන්නට ඒ සම්මානය ලැබුණේ.

නළු නිළියන් යම් විදිහකින් දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ මොකද හිතන්නේ?

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා දේශපාලනය මඩ ගොහුරුවක් ඒකට යන්න එපා කියලා කිව්වා. දේශපාලනය නිසා විජය කුමාරතුංග මරලා දැම්මා. රන්ජන් හිරේ ගියා. ඇත්තටම රංගන ශිල්පීන් දේශපාලනයට යන්න ඕනේ නෑ කියන එකයි මගේ අදහස.



රංගන ශිල්පීන් ඔවුන්ගේ දේශපාලන අදහස් මිනිස්සුන්ට බලෙන් පටවනවා කියලා සමහරු චෝදනා කරනවා.

මම කවදාවත් අර පක්ෂෙට මේ පක්ෂෙට ඡන්දේ දෙන්න කියලා කිසිම අවස්ථාවක කාටවත් කියලා නෑ. බල්ලොත් එක්ක බෑ වගේ නාට්‍යවලින් අපි කියන්න උත්සාහ කළෙත් රටේ දේශපාලනික තත්ත්වය මෙහෙම වෙයි කියලයි. කෝ ඉතින් මිනිස්සු අපි කියන දේවල් අහනවද? අරිසෙන් අහුබුදු සූරින් හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. තනි මං කුමක් කරන්නද ජාතිය කළ පවට කියලා. ඒක තමයි මටත් මෙතැනදී කියන්න තියෙන්නෙ.

සිද්ධ ප්‍රබල නළුවෙක්නේ, ඔව් අනුගමනය කරන සිඛ කියන දේ පිළිගන්න පිරිකුත් ඇතිනේ?

ඔබ හරි. ඉන්නවා. එක් පක්ෂයකට නැග්ගොත් අනිත් පක්ෂවල මිනිස්සු තරහ වෙනවා. අහිංසක මිනිස්සු ජනතාව, රවට්ටපු කිසිම පක්ෂයක් මම ඇදගෙන යන්නේ නෑ.

ඒ කියන්නේ අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් ගැන ඔබේ විශ්වාසයක් නැ?

අපේ රටේ හැමෝම ආසයි දේශපාලනික වශයෙන් බෙදෙන්න සහ බෙදන්න. පොදුවේ හැම පක්ෂයකම මිනිස්සු මට ආදරෙයි. හැබැයි මම නම් හැමදාම ජනතාවගේ පැත්තේ.



වගකීමෙන් කියන්නේ

අදටත් රාජ්‍ය ආයතනයක කිසිදු ලියවිල්ලක මම අත්සන් කරලා නෑ. විවිධ තනතුරු අරගෙන නෑ. ජනතාවගේ සල්ලි කිසිම දිනක හොරකම් කරලා නෑ. මම බුද්ධාගම කියන දේ තදින්ම විශ්වාස කරනවා අධ්‍යයනය කරනවා. ජනතාවට වංචා කළොත් ඒවා පෙරළා ලැබෙනවා.

පුවත්පත් කලාවෙන් ඉවත් වි රංගන ශිල්පියෙක් වීම මොනවද ජීවිතේට ලබා දුන්නේ නැත්තම් මොනවද විචිතයෙන් අහිමි කළේ?

මම කාලයක් වැඩ කරේ proof reading එතකොට මට කලා, දේශපාලන, විමර්ශනාත්මක මේ හැම අංශයෙම ලිපි කියවන්න ලැබුණා. ඒක මගේ දැනුම වැඩි වෙන්න ලොකු හේතුවක් වුණා. ඒක චිත්‍රපට තිර පිටපත් රචනයේදී අධ්‍යක්ෂණයේදී මට ලොකු උදව්වක් වුණා. මම පුවත්පත් වලින් ඉවත් වුණේ ආයතනනවල ඇති වුණු ප්‍රශ්න එක්ක මගේ රංගනය සඳහා කාල වෙලාව මදිකම වගේ දේවල් නිසා. පත්තරකාරයෙක් වුණාට වඩා රංගන ශිල්පියෙක් නිසා මට රසික ආදරය, ගෞරවය, විශේෂ අවස්ථා වගේ තව වටිනා දේවල් ගොඩාක් ලැබුණා.


නළුවෙක් නැටියට ඉහළම සම්මානය දිනා ගන්නට පස්සේ දැන් මේ ලබා ගත්තු දේවල් ඇති කියල නිතුණාද?

ඒක මට ඊටත් කලින් හිතුණා. නමුත් මගේ යාළුවෝ මට කිව්වා තව දේවල් කරන්න නතර කරන්න එපා කියලා. මම ජීවිතේ ගැන ලොකු සැලසුම් ගහන කෙනෙක් නෙවෙයි. සතුටෙන් ජීවත් වීමයි දැන් මට වැදගත්.



සතුටෙන් ජීවත් වීම කියලා ඔබට දැනෙන්නේ මොකක්ද ?

මම කියන්නේ ඔබට පුළුවන් දෑත් විහිදල සතුටට නටන්න නමුත් ඇඟිල්ලක්වත් වෙන කෙනෙකුගේ ඇගේ වදින්න බෑ. අනුන්ට කරදරයක් නොවන තමන් සතුටු වන ඕන දෙයක් කරලා සතුටෙන් ජීවත් වන්න පුළුවන් නම් ඒක තමයි සතුට.

අලුතෙන් මොනවද කරන්න ඉන්නෙ?

අලුත් චිත්‍රපට 7ක් ලියලා තියෙනවා. අධ්‍යක්ෂණය කියන්නේ විශාල කාර්යභාර්යයක්. මම කැමතියි දැන් ටිකක් නිදහසේ ඉන්න. මමම කරන්න ඕනේ කියලා එකක් නෑ. අලුත් පරම්පරාවේ අධ්‍යක්ෂවරුන්ට ඒවා දෙනවා.

සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා ඔබ අලුත් පරම්පරාවේ අයට චෝදනා කරනවා?

නෑ, නෑ. ඒක වැරදියි. ඒ මම කියපු කතාවකින් කොටසක් අරගෙන ගහලා තියෙන නිසා ඔහොම කියන්නේ. මම කියන්නේ රංගන වෘත්තිය බොහොම වැදගත් ස්ථානයක්. එතනට එන්න ඕනේ ඉගෙන ගෙන කියලයි. මේක විනෝදාංශයක් නෙවෙයි. අලුත් අයට නෙවෙයි මම බැන්නේ. මම කියන්නේ ඇඟ පෙන්නගෙන මේක ගණිකා මධ්‍යස්ථානයක් කරන්න එපා කියලා.

ඒ මොකක්ද යනම කියන්නේ?

ඒ අය නළුවෝ, නිළියෝ නෙවෙයි, නිකන් කැමරාවක් ළඟින් ගිය අය විතරයි. නමුත් නම යන්නේ නිළියක් අරහෙම කරා මෙහෙම කරා කියලා. මාධ්‍ය තමයි ඒ වට වගකියන්න ඕනේ. ඒ වගේ අය උලුප්පලා දක්ෂ නළු නිළියන්ට ඉඩ දෙන්නේ නැති නිසයි මේවා වෙන්නේ.

දිනිති ලියනගේ‍

Previous Post Next Post