හැමෝම ආදරය කරන සචින් සහ යොහානි විවාහ වුණාද ?

 ජනප්‍රිය නළු නිලියන් දෙදෙනෙකු වන සචින් චතුරංග සහ යොහානි ගේ විවාහ ඡායාරූප බොහෝ ප්‍රමාණයක් පසුගියදා සමාජ ජාලා කළඹන්න සමත් වුණානේ.




ඒ දෙන්නා ඇත්තටම විවාහ වුණාද ? එයාලට ආදරය කරන බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයක් බවට පත්වුණේ ඒක.ඉතින් ඒ ගැන සචින් පුවත්පත් සාකච්ඡවකදී අදහස් දක්වා තිබුණා.


සචින් චතුරංග කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. සචින් කාටත් හොරා විවාහ වුණා කියන කතාව ඇත්තද?


ඕක මේ දවස්වල ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. ඇත්තටම ඒක ෆොටෝ ෂූට් එකක්. මගේ පළමුවැනි ගීතය ශෘංගාරියේ පහුගිය දා රිලීස් වුණා. ගීතයේ විෂුවල් එකට ඉන්නේ යොහානි නංගියි, මායි. මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒකට උදවුවක් විදිහට තමයි මේ වගේ ෆොටෝ ෂූට් එකක් කළේ. ඒක විවිධ හෙඩ්ලයින්වලින් වයිරල් වුණා. මගේ ගීතය ජනප්‍රිය වෙන්න ඒකත් රුකුලක් වුණා කිව්වත් හරි. ගොඩක් දෙනා හිතන් හිටියා යොහානියි මායි විවාහ වෙලා කියලා. නෑ. නෑ. අපි විවාහ වෙලා නෑ. අනික මට ආදරවන්තියක් ඉන්නවා. ඒ වගේම යොහානිටත් ආදරවන්තයෙක් ඉන්නවා. මේක ෆොටෝ ෂූට් එකක් විතරයි. ගීතයට සහාය වුණු යොහානි නංගි ඇතුළු කණ්ඩායමට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා.








Previous Post Next Post