අපේ අනන්‍යතාවත් එක්ක ජාත්‍යන්තරයේ සැරිසරනවා-ජය ශ්‍රී



 ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට නවමු ආරක ගීත කලාවක් මුසු කර සාමයේ පණිවුඩය ලොවට ගෙනයන අපූරු සංගීත කණ්ඩායමක් සමඟයි අද අපේ කතාබහ. ශ්‍රී ලාංකික නාමය අන්තර්ජාතික තලයට රැගෙන ගිය ඔවුන් ලාංකික සංගීතයට ඉටු කළ මෙහෙවර අති විශාලයි. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ සංගීත කණ්ඩායමක් වන ජය ශ්‍රී.


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස් යුරෝපයේ ගිම්හාන කාලය. ඉතින් මැයි මාසේ වගේ ඉඳලා ඔක්තෝබර් වෙනකල් වගේ අපි ඉන්නේ අපේ දෙවැනි ගෙදර වන ඔස්ටි්‍රයාවේ වියානා නගරයේ. මේ දවස්වල අපේ ෆුල් බෑන්ඩ් එක ජය ශ්‍රී සමඟ  ප්‍රසංගවලට සහභාගි වෙනවා. ප්‍රංශය, ඉතාලිය, ඔස්ටි්‍රයාව, ජර්මනිය වැනි රටවල අපි මේ දවස්වල ප්‍රසංගවලට සහභාගි වෙනවා. අගෝස්තු මාසේ මුල අපි අපේ බෑන්ඩ් එකත් එක්ක ඔස්ටි්‍රයාවේ තිබෙන. ලොකුම රෙගේ ෆෙස්ටිවල් එක වන One Love Reggae Festival 2024 ප්ලේ කළා. රෙගේ ලෝකයේ රජුන් ලෙස සලකන ජැමෙයිකාවේ Burning Spear, Black Uhuru, Yellowman, බෝබ් මාලිගේ මුනුපුරකු Skip Marley, Groundation ආදී විශිෂ්ටයන් සමඟ අපේ සංගීත කණ්ඩායම රඟ දැක්වූවා. ඒ වගේම මේ කාලේ නිවාඩුවට බලන්න ආස කරන, දැකපු නැති තැන් රටවල්, නගර බලන්නත් යනවා.


අද රෙගේ සංගීත ෂානරය ලංකාවේ හැම තැනකම මිනිස්සු ආදරයෙන් වැලඳගෙන. මෙම සංගීතය ලංකාවට හ¾දුන්වා දුන් පුරෝගාමින් ලෙස අද මොකද සිතෙන්නේ?


රෙගේ සංගීත ෂානරය ලංකාවට හ¾දුන්වා දුන්නේ අපි කියලා අපි කියන්න කැමති නැහැ. අපේ රටේ සංගීත  කණ්ඩායම් ගැයූ ගීතවල රෙගේ තිබුණා. නමුත් රෙගේ සංගීතය ගැන හරියට අධ්‍යයනයක් කරලා, ඉගෙනගෙන ඒ අත්දැකීම් එක්ක අලුත් ආරක දෙයක්, රෙගේ ෂානරයක් හ¾දුන්වා දෙන්න ජය ශ්‍රී අපිට හැකි වුණා. ජය ශ්‍රී හැදෙන්න ගොඩාක් කලින් 1992 වාගේ ඉස්සෙල්ලාම You are my Sunshine උඩ පල ගත්තත් වට්ටක්කා CON -DOM, JAYA 3 ප්‍රොජෙක්ට්ස් එකෙන් ලංකාවෙත් ජනප්‍රිය වුණා. ඉන් පස්සේ ජයශ්‍රී අපේ මුල්ම ඇල්බමයේ සුදු ඇ¾දුමින් Š (Roots+Lovers Reggae), මොඩ් ගොවියා “( Dancehall Reggae) දෙපැත්තකට හිට් වුණා. අපේ බූඩීගේ මිල්ලේ සොයා චිත්‍රපටයත්  එක්ක. ඒ වගේම රෙගේ සංගීතයේ ඇති හරය, වැදගත්කම, පණිවුඩය, අන්තර්ගතය, අධධබඵ මේවා දැනුවත් කිරීමටත් අපි මහන්සි වෙනවා. අපේ රටේ සමහරු රස්තියාදුකාරයන්ගේ සංගීතයක් ලෙස මේ ගැන හිතනවා. මේ සංගීත ෂානරය පෙනෙන දෙයට වඩා විශාල ගැඹුරක් තිබෙන ෂානරයක්.


ජයශ්‍රී සහෝදරයෝ කියන්නේ හොඳ බේස් ගිටාර් සහ ඩ්‍රම්ස් වාදකයෝ. ගායනය නිසා මේ දේවල් මඟහැරුණාද?


ඔව්. අපි පොඩිකාලේ ඉඳලම Instruments, Drums, Bass වාදනය හොඳින් ඉගෙනගෙන, වාදනය සමඟ ගායනා කරන බෑන්ඩ්කාරයෝ. අදටත් අපේ ජය ශ්‍රී සම්පූර්ණ සංගීත කණ්ඩායම එක එක්ක අපි වාදනය කරන ගමන් තමයි ගායනය කරන්නේ. ලංකාවේ සහ සමහර පිටරට සන්දර්ශනවලට අපි ආර්ටිස්ට්ලා හැටියට සහභාගි වෙනකොට තමයි අපි ගායකයෝ විතරක් වෙන්නේ. හැබැයි සමහරවිට ගිටාර්, ඩ්‍රම්ස් ගහලා සිංදුවක් කියලා ආතල් එකකුත් දෙනවා. කොහොමත් අපි පොඩි කාලේ ඉඳල ඇඟිලි, අත් රිදෙනකල් සංගීත භාණ්ඩ වාදනය කරපු අෑයෝ.


ජයශ්‍රී කියන්නේ ලංකාවේ ලෝකයට ගිය මුල්ම සංගීත කණ්ඩායම්වලින් එකක්. සංගීත කණ්ඩායමක් අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වීම මොන වගේ අත්දැකීමක්ද?


1992-1993 කාලේ යුරෝපයේ European Charts සහ රටවල් ගණනාවක ගීත දර්ශකවලට ගිය පළමුවැනි ශ්‍රී ලාංකිකයෝ අපි. ඒ වගේම ජාත්‍යන්තරයේ තරු වන Michael Jackson, Whitney Housten, Paul MacArtney, Shaggy, Ace of Base වාගේ අය සමඟ එකට චාර්ට්ස්වල ඔවුන්ගේ ගීත අතර ඉන්නත්, ප්‍රසංග වේදිකාවල සමහරුන් සමඟ එකට රඟදැක්වීමටත්, විදේශ ප්‍රසංගවලට යන්නත් අපිට අවස්ථාව ලැබුණා. CON-DOM, JAYA 3, Decadance, Ravers on Dope, Global Deejays, Banditos Bonitos වාගේ ඒ කාලේ අපේම ප්‍රොජෙක්ට්ස් එක්ක ආපු ගමනේ ලොකු ධෛර්යයක්, කැපවීම වගේම ලොකු වාසනාවකුත් අපිට තිබුණා. අදටත් ඒ ගමන අපි ජයශ්‍රී කණ්ඩායම සමඟ අපේම අනන්‍යතාව එක්ක ජාත්‍යන්තරයේ යමින් සිටිනවා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම තිබුණු හීන සැබෑ කරගෙන යන ජීවිත ගමනක් මේක.


පසුගිය දිනවල නැවතත් ගීතවල අයිතිය පිළිබඳව කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව ඔබේ අදහස?


අපේ කණ්ඩායමෙන් ගිහින් අවුරුදු 18ට පසුව, ලොකු බොරු සමඟ දාපු නඩු පැමිණිලි ගැන ගොඩක් කතා කරන්න අවශ්‍ය නැහැ. දැනට ගරු අධිකරණයේ ඒවා විභාග වෙමින්  පවතිනවා. කොහොමත් එදා මුලින්ම කිවුවා වාගේ ඒ ගීත 20න් 18ක් සුදු ඇ¾දුමින්, පියමැන්නේ, ශීලා, සුන්දරියේ, ආදර ලොවේ, මොඩ් ගොවියා, පෙරහර, ශ්‍රී ලංකා, මල්ලියනේ, ජුලියට්, හනුමන්තා, යුරෝපේ ඉඳලා ඇතුළු සියල්ල මම තනියම රචනා කළ ගීත. අපි තුන්දෙනා එකට සංගීතය සහ වාදනය කළේ සහෝදරකමින්. වඩුවා ගීතය පමණක් ලියුවේ අපේ යාළුවා පැටි්‍රක් රෝසා. පැමිණිලිකරු  මාධ්‍යවල බොරු කියමින්, සංවිධානාත්මකව මඩ ගසමින් කරන ක්‍රියා අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එතරම් පහත් තත්ත්වයකට යන්න අපිට අවශ්‍යත් නැහැ. අපි හොඳ යාළුවෝ කාලේ සියල්ලන්ගේ අනුදැනුම ඇතිව 2000, 2003 කාල වකවානුවල ඔස්ටි්‍රයාවේ ඒම්ර් බුද්ධිමය දේපළ ආයතනයේ ලියාපදිංචි කළ ඒ ගීත සියල්ලේම බුද්ධිමය දේපළ අයිතිය අදටත් එහෙමයි.


ඉහළ කොස්වාඩියේ බූඩි එක්ක ගෙවුණු මතක ගැනත් මතක් කරමු?


බූඩී කියන්නේ අපි පොඩි කාලේ ඉඳලාම එක ඉස්කෝලේ Maris Stella College ඉගෙනගත්තු, අපේ ගම් පළාතේම අපේ හොඳම යාළුවා. ඒ යාළුකම අදටත් එහෙමයි. අපි සති අන්තවල අපේ නාත්තණ්ඩියේ ගෙදර, නැත්නම් එයාලගේ කොස්වාඩිය ගෙදර, බටහිර ගීත ඇල්බම අහමින්, ෆිල්ම් බලමින්, වෙනස් විධියට සිතමින්, අලුත් අදහස් හුවමාරු කරගනිමින්  කාලය ගත කළා. 80 දශකයේ අන්තිම කාලේ බූඩී චිත්‍රපට සිනමා අධ්‍යයනයට ඇමරිකාවට යනවා. මම මගේ වාස්තුවිද්‍යා හැදෑරීමට ඔස්ටි්‍රයාවට යනවා. පස්සේ රෝහානුත් ඇවිත් ගොඩ කාලෙකින් පසු, 90 දශකයේ අග අපේ පලළමුවැනි ඇල්බමය අරගෙන ලංකාවට එනකොට බූඩීත් මිල්ලේ සොයා කරගෙන යන ගමන් සුදු ඇ¾දුමින්


ගීතය එහි තේමා ගීතයට තෝරාගෙන වීඩියෝ එක කළා. ඒ අපේ ලොකු අයියා මහේන්ද්‍ර සහ සංගීතා එක්ක. ඒක හිට් වුණා. ඉන් පස්සෙත් අපේ ගීත ගණනාවකටම බූඩී මියුසික් වීඩියෝස් කළා. අදටත් අපි අපේ අදහස්වලින් ගොඩක් දේවල් කරනවා. විශ්වයේ හෝ ලෝකේ අපි කොහේ හිටියත් අපේ සිතුම් පැතුම්, නව අදහස් කම්පන තරංග. එකට හමුවෙන වෙලාවල්, ස්ථාන එනවා. ඒ තමයි Cross Roads. එතැනදී ඒවා හරියටම වෙන්න ඕන විධියට වෙනවා. ඩේඩ් බෝවිගේ ගීතයක් තිබෙනවා. We can be Heroes කියලා. බූඩී එක්ක අපේ තියෙන්නේ ඒවාගේ ජීවිත බැඳීමක්.


අලුත් ඇල්බම් එකක් කරන්න අදහසක් නැද්ද?


අපි දැනට ජයශ්‍රී ඇල්බම 4ක් කරලා තිබෙනවා. සිංහල සහ ඉංග්‍රීසි ගීත 100ක් වගේ අපි නිර්මාණය කරලා තිබෙනවා. අන්තිමට “ආදරය – LOVE” ඇල්බමය නිකුත් කළා. අලුත් ගීත කිහිපයක්ම කළා. තව ගීත නිර්මාණ වෙමින් පවතිනවා. මේ කාලේ ගොඩක් සජීවී ප්‍රසංග නිසා ස්ටුඩියෝ යන්න වෙන වෙලාව අඩුයි.


රොක් මීට්ස් රෙගේ කොන්සට්ටුව ආයෙත් කරන්න අදහසක් නැද්ද?


අපේ ජයශ්‍රී සහෝදරයෝ ලංකාවට එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා. 2014, 2016, 2019 අපි Rock meets Reggae Concerts එකට ආවා. එන අවුරුද්දේ අපි ලංකාවේ, ඕස්ට්‍රේලියාව, ඩුබායි වගේ රටවල් කිහිපයක ටුවර් එකක් කරන්න සූදානම් වෙනවා. අපි වෙලාව ආවම කියන්නම්.


ඉදිරි වැඩකටයුතු ගැන කියමු?


ඉදිරියේදී අපි ලංකාවේ සහ පිටරට සංගීත ප්‍රසංග කිහිපයකට සූදානම් වෙමින් සිටිනවා. දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට උපකාරී වෙන්න, සමාජ සේවා කරන්න, පරිසරය සුරැකීමට ජයශ්‍රී ව්‍යාපෘති කිහිපයක්ම සූදානම් කරලා තිබෙනවා. ඉතින් කවදා හෝ කොහේදී හෝ අපි හමුවනතුරු අපි දෙන ආදරයේ පණිවිඩය බෙදාගන්න. ආදරෙයි. ජය ශ්‍රී.


ගිහාන් සචින්ත



Previous Post Next Post