අනේ මගෙ නංගිව එයා හොඳින් බලගනියි -නාමල්ගේ දියණිය වෙනුවෙන් කාවින්ද්‍යා අධිකාරී තැබූ සටහන



 කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ලංකාවම දන්න කියන තරු දරුවෙක්.ඒත් එයාගෙම අනන්‍යතාවයක් සදාගෙන ගමනක් යන කාවින්ද්‍යා ලංකාවේ ඉන්න නිහතමානීම කලා තරුවක් ලෙස හඳුවන්න පුළුවන්.ඉතින් මේ කියන්න යන්නේ ඇය ගැන නම් නෙවෙයි.ඇය තැබූ සටහනක් ගැන.ඒ නාමල් උඩුගමගේ දියණිය වෙනුවෙන්. නාමල් - රුවන්ති දෙන්නගේ ආදරණීය දියණිය පසුගියදා විවාහ වුණා.ඒ වෙනුවෙන් කාවින්ද්‍යා මේ සටහන තබා තිබුණේ.


ඊයෙ දවසේ, මූණට කියාගන්න බැරුව ගොඩාක් හැඟීම් හිතේ හිර වෙලා තිබුනේ. ඉතින් මෙසේ සටහනක් ලියන්න හිතුනා.

මගෙ අම්මාගෙ කුසින් නූපන් එහෙත්, මගේම නංගිගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ මෙහෙම ඉන්නවා දකිද්දී ඒ ආව හැඟීම කියන්න ඒ වෙලේ වචන තිබුනේ නෑ.නාමල් උඩුගම uncle, රුවන්ති aunty ගෙ මූණවල් වල තිබුනේ ලොකු ආඩම්බරකමක්, ලොකු දුකක්, ඒ වගේම පුදුම ලොකු සතුටක්, ඒ වෙන දේකට නෙමේ... "මෙච්චර ලස්සන,හොඳ දුවෙක් එයාලා බිහි කරානෙ කියලා ආව හැඟීමට වෙන්න ඕනේ.ඒ වගේම තමයි, මෙච්චර කාලයක් මලක් වගේ බලාගත්ත මේ ලස්සන කෙල්ලව වෙන ගෙදරකට යවන්න වෙන නිසා,කියන එක මගේ අදහස.Shenal මල්ලිව හම්බුන පළවෙනි දවසේ දැනුන ඒ හැඟීමමයි ඊයේ ඔහු නංගි එක්ක ඉද්දී දැනුනෙත්, "අනේ මගෙ නංගිව එයා හොඳින් බලගනියි"කියන දේ.නාමල් uncle සහ පවුලේ හැමෝම මට මගේ පවුලේ අය වගේමයි.එදත්, අදත්, ඉදිරියටත් ඒ ආදරය, ගරුත්වය හැමදාටම තියෙනවා.

ඉතින් මගෙ නංගී සහ මල්ලී

අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ, අවුරුදු ගානක් රැකගෙන ආව මේ ආදරය හැමදාටම තියාගන්න.මොන දේ උනත් දෙන්නට දෙන්නා ඉන්නවා කියන දේ හැමතිස්සෙම හිතේ තියාගෙන, මේ ජීවිතේ ලස්සනටම අරං යන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

ආදරෙයි ගොඩාක්!

-කවී අක්කී-



Previous Post Next Post