මේක තමයි මගෙ පළමු වැනි ඒක පුද්ගල ප්‍රසංගය-මිහිදු ආරියරත්න




ඔහු ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. ප්‍රබල හඬ පෞරුෂයකින් තම රසිකයන් තමා වෙතට නතු කර ගන්නා ඔහු සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ ඉසව්වලට ගමන් ගන්නා යාත්‍රිකයෙක්. අද හදගැස්ම හා එක් වන්නේ ලාංකේය රසිකයන් චකිතයට පත් කළ ප්‍රවීණ ගායන ශිල්පී මිහිදු ආරියරත්න  ප්‍රථමයෙන්ම ෆේසස් ඔෆ් මිහිදු ඒක පුද්ගල


 ප්‍රසංගය කතා කරමු?


Faces of Mihindu තමයි මගේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය. මේක මගේ ජීවිතයේ විසල් කඩඉමක්. මම මීට පෙර චිත්‍රාල් සෝමපාල සහ ඉන්ද්‍රචාප ලියනගේ සමඟ මගේ යාත්‍රිකයා සංයුක්ත තැටිය නිකුත් වන වේලාවෙත් යාත්‍රිකයා කියලා කොන්සට්ටුවක් පැවැත්වූවා. නමුත් Faces of Mihindu කියන්නේ මගේම ඒක පුද්ගල ප්‍රසංගය. මේකට මේ නම දාන්න හේතු වුණේ මම එක ශානරයකට කොටු වී නැති නිසා. මා තුළ විවිධ මුහුණත් තිබෙනවා. මම Reggae, R&B, Rock වගේ ශානරයන් තුළ ගීත ගායනා කළා. මේ නිසා මගේ විවිධ මුහුණුවරයන් එක තැනකට ගෙන ඒම නිසා තමයි මේ කොන්සට්ටුව Faces of Mihindu කියන නමින් නම් කළේ.


ඉඩචචථ ඩ්චඪවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ ගීතය තමයි මගේ පළමු ඔරිජිනල් හින්දි ගීතය. මේ වනවිට මේ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හින්දි භාෂාව තම මවු භාෂාව ලෙස වහරන පිරිස් පවා මට කතා කරලා ප්‍රශංසා කළා. මොකද මෙහි උච්චාරණය නිවැරැදිව මම ගායනා කරපු නිසා. මේකට ස්තූතිවන්ත වෙන්න ඕන මේ ගීතයේ පද රචිකාව වෙන දේශානි විතානගේට. ඇය මට හින්දි භාෂාවෙහි ඉතා සූක්ෂ්ම තැන්, ව්‍යාකරණ, හැඟීම් පවා කියා දුන්නා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ඉසුරු වික්‍රමනායක සහ ඩී.ජී. තිසරව.


රොක් සංගීත ශානරය ගැන ඔබේ අර්ථ කථනය කුමක්ද?


රොක් කියන්නේ සංස්කෘතියක් සහ ආකල්පයක්. රොක් කියන්නේ හැත්තෑව අසූව දශකවල එක යුගයක්. එය තවමත් නොනැසී පවතිනවා. පසුකාලීනව එංගලන්තයේ, ඇමරිකාවේ ඒක ප්‍රධාන සංස්කෘතියක් බවට පත් වුණා. නමුත් ලංකාවේ ඒක ප්‍රධාන සංස්කෘතියක් බවට පත් වුණේ නැහැ. අපි පටන් ගත්ත කාලේ ලංකාවේ Rock Company, Kandy Rock Merger වගේ උප සංස්කෘතීන් තිබුණා. රොක් කියන්නේ ඉතා ප්‍රබල සංගීතයක්. කෑගහපු පලියට, ඩිස්ට්‍රෝෂන් ගිටාර් පාට්ස් දැම්ම පලියට ගීතයක් රොක් වෙන්නේ නැහැ. රොක් කියන්නේ විශාල හැදෑරීමක් ඉල්ලා සිටින සංගීත ශානරයක්.


ඔබ රොක් ශානරයේ විවිධ උප ශානරයන්වල ගීත ගායනා කළ ගායකයෙක් ලෙස කැමැතිම උප ශානරය ගැන කියමු?


අපේ Nemesis සංගීත කණ්ඩායම ගොඩක් වෙලාවට වාදනය කළෙත් Thrash Metal ගීත. මම කැමැති උප ශානර බොහොමයක් තිබෙනවා. ඒ අතුරින් මම ගොඩක්ම ලෙන්ගතු Thrash Metal කියන උප ශානරයට. Megadeth, Metallica, Slayer, Anthrax වගේ සංගීත කණ්ඩායම්වලට මම ඉතා කැමැතියි. මම පටන් ගත්තේ එතැනින්. Glam Rock සංගීත කණ්ඩායම් වන Guns N’ Roses, Def Leppard වගේම, British New Wave of Heavy මෙටල් සංගීත කණ්ඩායමක් වන Iron Maiden වගේම, ට්පභදඨඥ සංගීත කණ්ඩායම් වන Nirvana, SoundGarden වගේ සංගීත කණ්ඩායම්වලටත් ඒ ඒ ශානරයන් නිසා මම කැමැතියි.


සංගීත කණ්ඩායමකින් සංගීතඥයෙක්ට ලැබෙන පන්නරය ගැන කතා කරමු?


සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්ව සිටීමෙන් යම් සංගීතඥයෙක්ට ලොකු පන්නරයක් ලැබෙනවා. මම Nemesis, Freeze, Wayo වගේ සංගීත කණ්ඩායම් සමඟ වැඩ කරලා තිබෙනවා. මම මේ සංගීත කණ්ඩායම්වල සාමාජිකයෙක්ව සිටීම නිසා ගොඩක් දේ ඉගෙන ගත්තා. මම තනිවම සිටියා නම් එක් රාමුවකට කොටු වෙනවා. මිහි¾දු ආරියරත්න කියලා සෝලෝ ආටිස්ට් කෙනෙක් හිටියට මගේ වටා සංගීත කණ්ඩායමක් සිටිනවා. ඔවුන් තමයි මගේ සංගීතය නිර්මාණය කරන්නේ. ඉතින් සංගීත කණ්ඩායමක සංගීතඥයෙක් වීම ලොකු පන්නරයක්.


රොක් සංගීත ශානරය කියන්නේ ප්‍රබල ලෙස දේශපාලනය ගැන කතා කරන සංගීත ශානරයක් දේශපාලනය ගැන ඔබේ අර්ථකථනය කුමක්ද?


රොක් සංගීත කණ්ඩායම් විවිධ මාතෘකා කතා කරනවා. දේශපාලනය කියන්නේ එහෙම කතා කරන එක මාතෘකාවක් විතරයි. Megadeth වගේ සංගීත කණ්ඩායමක් ගත්තොත් ප්‍රබල අයුරින් දේශපාලනය ගැන කතා කරනවා. දේශපාලනය කියන දෙය ඉතා තදින් මේ සංගීතය හරහා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මේ සංගීතය තදින් බලපෑමක් කරන්න පුළුවන්. මම ගායනා කළ කන්‍යාවි, ක¾දුළු ගෑස් වගේ ගීත තුළ මම දේශපාලනය ගැන කතා කරනවා. මම පක්ෂ දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ නැහැ. මම කිසිම පක්ෂයකට කඩේ ගිහින් නැහැ. හෙටටත් එහෙම තමයි. මම විශ්වාස කරන දෙයක් තමයි ජනතාවට තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තමන්ගෙ පාලකයාව පත්කර ගන්න පුළුවන්. මට ඒකට බලපෑම් කරන්න බැහැ. මේ රටේ වෙන දේවල් ගැන මම මගේ ගීතවලින් කියනවා. ඇලිස් කූපර් පවා මේ ගැන කියලා තිබෙනවා.


ලාංකික යටිබිම්ගත මෙටල් සංගීත දහරාව ගැන ඔබට මොකද හිතන්නේ?


ලංකාවේ ඉතා විශිෂ්ට මෙටල් සංගීත කණ්ඩායම් තිබෙනවා. ලංකාව තුළ ඉතා හොඳ යටිබිම්ගත සංගීත දහරාවක් තිබෙනවා. ඔවුන් ඉතා අභියෝග මැද තමයි මේ දේවල් පවත්වාගෙන යන්නේ. ඔවුන් ඉන්නේ යම් අන්තයක. ඒ නිසා මේ දහරාව වටා මිනිසුන් එක් වෙන්නේ අවම ලෙස. චකිතය කියන්නෙත් ඉස්සර ටිකක් හෙවි ගීතයක්. නමුත් අපි ඒක බිලී ෆර්නෑන්ඩු එක්ක එකතු වෙලා සාමාන්‍ය මිනිස්සුන්ට අහන්න පුළුවන් විධියට වෙනම තැනකට ගෙනාවා. සාමාන්‍ය මිනිස්සු මේ දහරාවට ගෙන එන්න නම් තව තවත් රොක් සංගීත දහරාවට මිනිස්සු හුරු කරගන්න ඕන. ලංකාව තුළ  වසර ගණනාවක් පුරා පවතින මෙටල් සංස්කෘතියක් තිබෙනවා. ඒක සතුටට කරුණක්.


මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ රොක් ගායන ශිල්පියෙක් ලෙස ඉදිරියට යෑමේදී ඔබ මුහුණ දුන් අභියෝග ගැන කතා කරමු?


රොක් ගීත පමණක් ගායනා කරන ගායන ශිල්පියෙක් වෙනවා නම් ඒක ලොකු අභියෝගයක්. එහෙම වෙනවා නම් වෙනත් ආදායම් මාර්ගයකින් පෝෂණය වෙමින් තමයි මේ දෙය කරන්න වෙන්නේ. මම ඒ සංගීතයට තිබෙන ආදරය නිසාම ඒ දේවල් නිර්මාණය කරන්නේ වෙනත් සංගීතමය කටයුතු සිදු කරමින් ලැබෙන මුදල්වලින්. ඒක විශාල අභියෝගයක්. ඔය වගේ අපහසුතා තිබෙනවා. අපි  ඉස්සරහට බලමු ලංකාව තුළ ඉතා ශක්තිමත් රොක් සංගීත ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න.


කවුරු හරි මිහි¾දු ආරියරත්න මහා ප්‍රවාහයට එක් වූ පසුව තම මූලයන් අමතක කර දැමුවා කියලා ප්‍රශ්නයක් නැඟුවොත් ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද?


මම කොහෙත්ම ඒ දෙය පිළිගන්නෙ නැහැ. මම තවමත් යටිබිම්ගත දහරාව සමඟ ගනුදෙනු කරනවා. ඉස්සර වගේම ඒ අය තවමත් මගේ යාළුවෝ.  මම තවමත් රොක්, මෙටල් ගීත නිර්මාණය කරනවා. මම ගොඩ කාලෙකින් ඒ ශානරයේ ගීතයක් නිකුත් කළේ නැහැ. Faces of Mihindu කොන්සට්ටුවේදී මගේ නවතම මෙටල් ගීතය නිකුත් වෙයි. මම කවදාවත් මගේ මූලයන් අමතක කරලා නැහැ.


 ගිහාන් සචින්ත



Previous Post Next Post