අත්පොළසන් හඬට මම හරි ආදරෙයි -නයනා හෙට්ටිආරච්චි



මේ දිනවල ඔබ නියැලිලා සිටින නිර්මාණ මොනවද?


මේ දිනවල විකාශනය වන චන්දන ඉුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කරන "වියළි" ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ධනුෂ්ක රත්නායක අධ්‍යක්‍ෂණය කරන "මල් පිට මල්" ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ දිනවල විකාශනය වන "අකුරට යන වෙලාවේ" නාට්‍යයේ රූගත කිරීම්වලටත් සම්බන්ධ වුණා.


ඊට අමතරව ඔබ වේදිකා නාට්‍ය කිහිපයකටත් මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා නේද?


ඔව්... මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "එලොව ගිහින් මෙලොව ආවා" වගේම සැප්තැම්බර් මාසේ සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය උළෙල වෙනුවෙන් "වෙල්ල වැහුම්" වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල නිරත වෙනවා. ඒ වගේම ආර්.ආර්. සමරකෝන් මහතාගේ “කැලණි පාලම" හි රම්‍යා වනිගසේකර මහත්මිය අසනීපෙන් සිටියදී ඇය රඟපෑ "මැටිල්ඩා" චරිතය මට රඟපාන්න ආරාධනා කළා. ඒ නාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා.  රම්‍යා අක්කා වගේම ඒ චරිතය මට රඟපාන්න බැරි වේවි. හැබැයි ඒ චරිතයට උපරිමයෙන් සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.


මේ දිනවල විකාශනය වන "වියළි" ටෙලිනාට්‍යයට බොහෝ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදී ඔබේ චරිතය "වියළි" හරහා දැකබලා ගන්න පුළුවන් වේවි. ඒ නිර්මාණය ගැන කතා කළොත්?


“වියළි" කියන්නෙ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මියගේ  “දඩමංකඩ" නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවක්. ඊට පෙර ඇගේ නිර්මාණ කිහිපයකටම මම දායක වුණා. ඒ කතාවට හරි අපූුවට සමන්ත කුමාරගමගේ තිර පිටපතක් කරලා තිබුණා. "වියළි" වැනි ප්‍රබල නිර්මාණයකට නිෂ්පාදනයෙන් දිනූපා නිරෝෂණී ද අල්විස් දායක වුණා. ඉතා දුෂ්කර පළාතක් වටා ගෙතුණු "වියළි" ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ චන්දන ඉුගල් බණ්ඩාර. චන්දන කියන්නේ මම දකින විදියට නව පරපුරේ ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් අපි බලමු. මගේ චරිතයත් එක්ක වියළි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම හරිම කැමැත්තෙන් මේ නිර්මාණයට දායක වුණා.


ඔබ සිනමාව, පුංචි තිරය, වේදිකාව, එක සේ පරිශීලනය කරන කලාකාරියක්. වැඩි කැමැත්ත තියෙන්නේ කොතැනටද?


ඇත්තටම ඒ තැන් තුනෙන්ම තාමත් මම වේදිකාවට ආදරෙයි. මගේ ආරම්භය වේදිකාවයි. ඒ වේදිකාවේ චරිතයක් නිරූපණය කළාම ප්‍රේක්ෂකයන් ලබා දෙන අත්පොළසන් හඬට මම හරි ආදරෙයි. ඇත්තම කිව්වොත් සම්මානවලටත් වඩා ඒ සජීවීව ලබන ප්‍රේක්ෂක ප්‍රතිචාරවල හරි රහක් තියෙනවා. සජීවීව මට ප්‍රේක්ෂකයන්ට සතුටු කරන්න පුළුවන්. ඒ මොහොතෙම අපි කරන නිර්මාණවල අඩුපාඩු, පැසසුම්, ඒ අයගෙන් ලබාගන්න පුළුවන්.


වේදිකා නාට්‍ය කලාකාරියක් වීම හරි අපූුයි. නාට්‍ය බස් එකේ නැගලා පිට පළාත්වලට ගියාම ලැබෙන ප්‍රතිචාරත් හරි අපූුයි. ඔබත් එවැනි අත්දැකීම් ලබන කලාකාරියක්?


ඔව්.. ඒක හරි අපූුයි තමයි. පිට පළාත්වලට ගියාම ඒ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, ආදරය මුදලට ගන්න බැහැ. මට මිනිසුන් මේ තරම් ආදරෙයි කියලා මම දැනගත්තේ මට සිදුවූ හදිසි අනතුරකින්. 1995 වසරේදී "ඕලු" ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරන කාලයේදී මම හදිසි අනතුරකට ලක්වුණා. ඒක බරපතළ අනතුරක්. කළුබෝවිල රෝහලට ගෙනියද්දිත් බොහෝ දෙනා මගේ අනතුර දැනගෙන හිටියා. ඒ බොහෝ අය රෝහලට ඇවිල්ලා හිටියා. ඒ අනතුරෙන් මිනිසුන් "අපිට මේ තරම් ආදරෙයි නේද?" කියලා මම දැන ගත්තා. ඒ තරමටම චරිතවලින් මිනිස්සු අපිට ආදරේ කරන්න පටන් ගත්තා. මාව බොහෝ දෙනා හඳුනා ගත්තේ "ඉංගම් මාුව" ටෙලිනාට්‍යයෙනුයි.


ඔබ බොහෝ විට රඟපෑවේ මව් චරිතයි. ඒකට යම් කොටුවීමක් වෙලා තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?


අපි එක චරිතයක් හොඳට රඟපෑවොත් එවැනි චරිතවලට අපි කොටු වෙනවා. ඒක ඇත්ත. ඊට පස්සේ අපිට වැඩි වශයෙන් කතා කරන්නේ එවැනි චරිතවලටයි. ඉතින් මම  හරිම ආසාවෙන් එවැනි චරිත රඟපානවා. මේ දිනවල තිරගත වන සසික හේරත් අධ්‍යක්ෂණය කරන "සිහින සමීකරණ" චිත්‍රපටයෙත් මට රඟපාන්න ලැබිලා තියෙන්නේ තුණ පුතෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙ චරිතයක්.


ඔබට බොහෝ තුණ පිරිස්  සමඟ රඟපාන්න අවස්ථාව ලැබෙනවා. එදා හිටපු අයට වඩා වර්තමානයේදී කලාවට සම්බන්ධ වෙන තුණ පිරිස අතරින් කලාවේ රුඳී සිටින අය අඩුයි. මේ යාම් ඒම් ගැන මොකද හිතෙන්නේ?


අද නාට්‍යවලට රුල්ලට සම්බන්ධ වීමක් වෙනවා වගේ හිතෙන්නේ. තුණ ළමයි ටෙලිනාට්‍යයක රඟපාන්න තියෙන ආසාවට මේ ක්ෂේත්‍රයට එනවා. ආසාව තිබුණට මේ ක්ෂේත්‍රයේ රුඳී ඉන්න බැහැ. ඒකට වුවමනාව හා කැපවීමත් තියෙන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් හැදෑරීමක් කරන්න ඕනෑ. ඔය අතරේ වුවමනාව ඕනෑකම තියෙන දුවෝ ඕනෑ තරම් ඉන්නවා. නිර්මාණයක් කරද්දී අපෙන් උපදෙස් ලබාගන්න දුවෝ ඉන්නවා. චරිතවලට විවිධ වර්ණ ගැන්වීමක් කරන්න නම් අපි හැදෑරීමක් කළ යුතුමයි. හැබැයි මාත් එක්ක රඟපාන බොහෝ තුණ පිරිස දක්ෂයි. ඔය අතරේ අඩුපාඩු කියනවාට අකමැති දුවන් පිරිසකුත් ඉන්නවා. 


ඔබ කලාවට අවතීර්ණ වුණේ පාසල් වේදිකාවෙන්මද?


ඔව්.. මම පාසල් කාලේ පාසල් නාට්‍යවලට සම්බන්ධ වුණා. නාට්‍ය තරගවලින් "හොඳම නිළිය" වෙලා තියෙනවා. මම වළගෙදර සිරිනිවාස කනිෂ්ඨ විදුහලේ මූලික අධ්‍යාපනය ලැබුවා. ශිෂ්‍යත්වය සමත් වෙලා මතුගම ශාන්ත මේරි මහා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසලේදී මගේ වැඩි නැඹුුව වගේම කැමැත්ත තිබුණේ නර්තනයටයි.


ඒ කියන්නේ කැමැත්ත තිබුණේ නර්තන ගුුවරියක් වෙන්නද?


නැහැ. ගුුවරියක් තියා මට රස්සාවක් කරන්නවත් කිසිම ආසාවක් තිබුණේ නැහැ. ඉස්සර "කවුු වෙන්නද ආසා?" කියලා අහද්දී "මම රස්සාවක් කරන්නේ නැහැ" කියලයි කිව්වේ. ඒකට හේතුවක් තිබුණා. අපේ අම්මා හෙදියක්. තාත්තා සෞඛ්‍ය අංශයේ රුකියාවක් කළා. ඒ නිසා අපි හැදුණේ වැඩුණේ ආච්චි ළඟයි. මට තාම මතකයි ඒ නිසාම පුංචි කාලේ අපිට අම්මයි තාත්තයි ගොඩක් මග ඇුණා. මාසයකට විතර සැරයක් ලොකු බෑග්වල එළවළු, ගවුම් අරගෙන ඒ දෙන්නා අපිව බලන්න ඇවිත් ඉක්මනට ආයෙමත් ගියා. ඒ අයගේ රුකියාව නිසාම  අපිව මඟහැුණු බව මම තේුම් ගත්තා. ඒ නිසාම මම රස්සාවක් කරන්න අකමැති වුණා. මම මගේ දුවන් දෙන්නට ඒ ආදරේ රුකවරණය අඩුවක් නොවෙන්න පුංචි කාලෙ ඉඳන් දෙන්නාව බලා ගත්තා. රස්සාවක් කරනවාට වඩා සතුටක් මම ඒකෙන් ලැබුවා. ඒ වෙනුවෙන් මගේ සැමියා වන ප්‍රසන්න මට හරියට උදව් කළා. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් අද කලාවට සම්බන්ධයි.


නිළියක් වෙන්න නම් මුහුණේ  සුද, ලස්සන පෙනුම තියෙන්න ඕනෑ කියලයි සමහු හිතන්නේ. නමුත් අද වෙද්දි ඔබ අති දක්ෂ ප්‍රවීණ කලාකාරියක්. ඒ සම්බන්ධව ඔබට බලපෑමක් ඇතිවුණේ නැද්ද?


නැහැ... කොහෙත්ම බලපෑමක් ඇතිවුණේ නැහැ. මම එහෙම ලස්සන කෙනෙක් නෙවෙයි. හැබැයි මට ලැබෙන චරිතවලට මගේ පෙනුම ප්‍රශ්නයක් වුණේ නැහැ. මාව හැමවෙලේම මම විදිහට දකිනවට කැමතියි. මම අතිශය සරල, මේ පොළොවේ පය ගහලා ජීවත් වෙන ගැහැනියක්.


• දිශානි ජයමාලි




Previous Post Next Post