කටවල්වලට බ්‍රේක් නැති අයට රයිනි දුන්න අපූරු උත්තරේ

 


යොහානි ඩී. සිල්වා සහ රයිනි චාරුකා ගුණතිලක කියන්නේ අපේ ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය තරුණ ගායිකාවෝ දෙන්නෙක්. පසුගිය දිනක රූපවාහිනි නාළිකාවක පැවැත්වූ අවුරුදු වැඩසටහනකට මේ ගායිකාවෝ දෙන්නම ඇවිත් හිටියා. ඒ වැඩසටහන අතරතුර නිවේදිකාව යොහානිගෙන් අහපු ප්‍රශ්නයකට යොහානි දීපු උත්තරයට රයිනිගේ මූණේ ඉරියව් වෙනස් වුණා කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල රයිනිව


බොහොම නරක විධියට විවේචනය කරනවා. එතැනදි නිවේදිකාව යොහානිගෙන් අහන්නේ කාලයකට පස්සේ අවුරුද්දට ලංකාවේ ඉන්න එක ගැන මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ කියලා. එහිදී යොහානි උත්තර දෙනවා, ගිය පාර අවුරුද්දට ලංකාවේ නොසිටිය නිසා එයා කරන්න ආසම දෙයක් මිස් වුණා. ඒත් මේ පාර ලංකාවේ ඉන්න නිසා එයාට ඒ දේ කරන්න පුළුවන් කියලා. යොහානි අවුරුද්දට කරන්න ආසම දේ විධියට එයා කියන්නේ “අවුරුද්දට උතුරවන කිරිවලින් තේ හදලා බොන එක” කියලා.


කොහොම හරි යොහානි මේ කතාව කියනවත් එක්කම ඒ වයිරල් වුණු වීඩියෝ ක්ලිප් එකේ ඊළඟට පෙන්නන්නේ රයිනිගේ මූණ. එතැනදී රයිනිගේ මූණේ ඉරියව් වෙනස් වෙන ආකාරයක් පෙනෙනවා. ඒ සිදුවීම අලළා තමයි ප්‍රේක්ෂකයන් රයිනිට විවේචන එල්ල කරන්නේ.


එතැනදී ඇතැමුන් රයිනි මවුපියන්ගේ පිහිටෙන් ක්ෂේත්‍රයට ආපු කෙනෙක් විධියට හ¾දුන්වලා, යොහානි ස්වෝත්සාහයෙන් ඉදිරියට ආපු කෙනෙක් විධියට සඳහන් කරලා තිබෙනවා. මෙවැනි අදහස් අදාළ නාළිකාව නිකුත් කළ යූ – ටියුබ් වීඩියෝවට වගේම සමාජ මාධ්‍ය වීඩියෝවලත් සඳහන් කරලා තිබෙනවා. ඇතැම් රසිකයන් රයිනිගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන්නේ ඇය යොහානිට ඊර්ෂ්‍යාව නිසා බවත් සඳහන් කර තිබෙනවා.


කොහොම වුණත් රයිනි සහ යොහානි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ උපරිම දක්ෂතා පෙන්වූ දෙදෙනෙක්. රයිනි මේ ක්ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්ත දෙකක් වන, රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙදෙනාගේ හැකියාවන් සම්මිශ්‍රණයක් ලෙස උපතින් රැගෙන ආ තැනැත්තියක්. ඇයගේ හඬ, ඇයගේ දක්ෂතාව කිසිම විටෙක අවතක්සේරු කළ නොහැකියි. යොහානි මේ ක්ෂේත්‍රයට එන්නේ මෑෂප් ගායනය හරහා. අවසානයේ කුමාර් සානු සමඟින් එකම වේදිකාවක ගී ගයන්නට තරම්, ලෝකයේ ප්‍රබලම සිනමා කර්මාන්තයක් වන බොලිවුඩ් චිත්‍රපටවල ගීත ගයන්නට තරම් ඇය මේ ක්ෂේත්‍රයේ මුල් ඇදුණු ගායිකාවක් බවට පත් වනවා.


කෙසේ හෝ මේ සිදුවීම අලළා ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා රයිනිට විශාල වශයෙන් අයහපත් ප්‍රතිචාර එල්ල වෙද්දි ඇය ඒ කාරණය පිළිබඳව ඇගේ නිල ෆේස්බුක් ගිණුමේ විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබුණා. පහත දැක්වෙන්නේ ඇගේ ඒ සටහන.


“media’s අපිව ගෙන්න ගන්නේ මොනවහරි reach එකක් ඒගොල්ලන්ට ගන්න. අපිත් යන්නේ එකට තමයි. අපි හැමෝම දන්නවා marketingවලට negative & positive marketing කියලා දෙකක් තියෙනවා. ඒකත් එක්ක අපිත් බලාපොරොත්තුවන reach එකක් තියෙනවා.


මේ video එක trending වෙනකොට හැමෝම comment කරනකොට මම ඇත්තටම සතුටින් හිටියා. එදා ඒ show එකට අපිව ගෙන්න ගත්තට ඒ media එකටත් අපිටත් reach එකක් හම්බුන නිසා. ඒකයි මම ඒක වෙන්න දීලා සද්ද නැතිව හිටියේ.


හැබැයි මමත් දැන් කතා කරන්න ඕනේ වෙලාව ඇවිල්ලා මම හිතන්නේ. මම Yohani වගේ තමන්ගේම hardwork වලින් field එකට ආපු කෙනෙක් නෙමෙයි. එහෙම එන අයට මම දෙන respect එක වෙනස්. මොකද මම මගේ අම්මා, තාත්තා නිසා ලේසියෙන් මේ industry එකට ආපු කෙනෙක්.


දැන් මම මේ field එකේ අවුරුදු 15ක් තිස්සේ ඉන්නවා. මම කොයි වෙලාවක හරි තනියෙන් hard work කරලා ආපු තවත් කෙනකුට disrespect කරලා නම්, මම වගේ ලේසියෙන් ආපු කෙනෙක්ට දෙවියෝ මෙච්චර අවුරුදු ගාණක් මෙහෙම ඉන්න දෙන්නේ නෑ.


ඕගොල්ලෝ Tv එකේ දකින හැමදේම විශ්වාස කරනවාද? මේක Live show එකකුත් නෙමෙයි. ඔයාලා මේ බලන ඥඤඪබ එකේ මම වෙනත් දෙයකට දුන්න reaction එකක් මෙතනට edit in කරල නම්?


අන්න එහෙම තමයි media’s වැඩ කරන්නේ. ඒවට තමයි ඔයාලත් කැමැති. ඕගොල්ලෝ හැමදාම බලන artistsල එන talk showsවල එහෙම තමයි වෙන්නේ. එහෙම කියලා මම media’ඵවලට බනින්න යන මෝඩයෙකුත් නෙවෙයි.


Yohaniත් මමයි හොඳ friendship එකක් තියෙන artistsල දෙන්නෙක්. මමත් Yohaniගෙ achievements share කරලා, ඒවාට ජධථථඥදබ කරලා තියෙනවා. as a proud Sri Lankan citizen. මේකත් මම share කරන්න හිතුවේ මේ video එකට වැටිලා තියෙන සමහර හිත රිදෙන වචන නිසා.


දැන් ඔයාලා මගෙන් ඇහුව්වොත් මෙතැනින් එහාට මම මේ වගේ tv showsවලට ගියොත් මීට වඩා පරිස්සමෙන් ඉන්නවාද කියලා. ඒත් නෑ. මම මම විදිහටමයි ඉන්නේ. හැමදාම හිටියෙත්. ඒවා Tv එකේ දාන විදිහට තමයි දාන්නෙත්. ඒක අපේ control එකේ නෑ.


හැබැයි, එකම එක දෙයක් අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඒ තමයි එක artist කෙනෙක් තවත් artist කෙනෙක්ව පල්ලෙහාට දාන්න ඕනේ නම්, ඒ කෙනා ඒක media එකට පේන්න එළිපිට කරන්නේ නෑ. ඕගොල්ලෝ කාටවත් පේන්න ඒ දේවල් කරන්නේ නෑ. ඒ වගේ මිනිස්සු media’ඵවලට ඇවිල්ල ඔයාලට පෙන්නන්නේ ලොකු යාළුකමක් එච්චරයි.”


ඔබ ඒ කියෙව්වේ රයිනිගේ සටහන. බොහෝ අවස්ථාවලදී කලාකරුවන් විෂයෙහි රසිකයන් හැසිරෙන්නේ අදාළ කලාකරුවන්ට පෞද්ගලික ජීවිතයක් ඇති බව අමතක කරලා. රසිකයන් වශයෙන් අපි කොතරම් කලාකරුවන්ට කැමැති වුණත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ සීමාවන් අතික්‍රමණය කිරීම නොකළ යුතුයි.


එමෙන්ම රයිනි පවසන ආකාරයෙන් ඇය හා යොහානි හොඳ මිතුරියන් වෙද්දි යොහානිට, රයිනි ලබා දුන් ප්‍රතිචාරය පිළිබඳව සඳහන් කරමින්, එයට විරුද්ධ වෙමින් හා කෝප වෙමින් අදහස් ඉදිරිපත් කිරීම් සිදු කරමින් තම වටිනා කාලය කැප කළ යුතුද රසිකයන් දෙවරක් සිතිය යුතුයි.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post