වැරැදියට හිතපු හැමෝටම උමාලි-ගෙවින් දුන්න උත්තරේ




උමාලි තිලකරත්න හා ගෙවින් අභිෂේක් කියන්නේ කලා ලෝකයේ දිදුලන තාරකා දෙකක්. උමාලි තිලකරත්න අවස්ථා කිහිපයකදීම මෙරට හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි  සම්මානයටත් පාත්‍ර වුණා. උමාලිට වඩා නවක නළුවෙක් වුණත් ගෙවින් කියන්නෙත් හොඳ විභවයක් සහිත දක්ෂයෙක්. පසුගිය සුමති සම්මාන උළෙලේ හොඳම නැඟී එක නළුවා බවට පත් වෙමින් ඔහු ඒ බව ඔප්පු කළා.


කොහොම වුණත් මේ උමාලි හා ගෙවින් යුවළ මුල්ම වතාවට එකම තිර අවකාශයක් බෙදා ගන්නේ පීතෘ ටෙලි නාට්‍ය හරහා. එහි ඔවුන් දෙපළ පෙම්වතුන් ලෙසයි රංගනයේ යෙදුණේ. ඔවුන් අතර තිබූ තිර රසායනය නිසාම ඔවුන්ගේ රංගනයන් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වුණා. ඒ කතාව එසේ වෙද්දි  මෑතකදී, මේ තිරයේ පෙම්වතුන් බවට පත් වුණු උමාලි හා ගෙවින් යුවළ විවාහ ගිවිසෙන තිබෙන බවට සඳහන් කරමින් කතාවක් පැතිර ගියා. එයට හේතුව වුණේ උමාලි හා ගෙවින් ඔවුන් සමාජ මාධ්‍ය ගිණුම්වල “ජීවිතයේ නව ඇරඹුමක්… ආදරයට කළ නොහැක්කක් නොමැත…


New beginning. There is nothing that Love cannot do.. 29th March 2024 is our day!”


වශයෙන් ඔවුන් විවාහ ගිවිස ගත් බවට ඇඟවෙන ඡායාරූපයක්ද සහිතව සටහනක් දමා තිබීම.


මේ සටහන නිසාම බොහෝ දෙනෙක් මොවුන් දෙදෙනා විවාහ වී ඇති බව සිතමින් ඔවුන්ට සුබ පැතීමට කටයුතු කර තිබුණා. මේ අතර කලා ලෝකයේ ජනප්‍රිය පුද්ගලයන්ද වුණා. ඒ වගේම ඇතැමුන් ගෙවින්, උමාලිට වඩා බොහෝ සෙයින් ළාබාල බව සඳහන් කරමින් ඔවුන්ට බැන වැදීමටත් කටයුතු කර තිබුණා. කොහොම නමුත් දින දෙක තුනක් ගතවෙන විට එම සටහන ගෙවින්ගේ “මිණිනේත්‍රනී” ගීතය සම්බන්ධයෙන් කරන ලද ප්‍රචාරණයක් බව දැනගත් වහාම විවිධ ආකාරයේ ප්‍රතිචාර ලබා දුන් පුද්ගලයන් සියල්ලම තමා රැවැටුණු බව අවබෝධ කර ගත් නිසා නිහඬ වුණා.


කොහොම නමුත් මීට දින කිහිපයකට කලින් උමාලි තිලකරත්න පිළිබඳව නැවතත් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වීමට පටන් ගෙන තිබෙනවා. ඒ ඇය ඇගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එක්කළ සටහනක් නිසා. එක්තරා ෆේස්බුක් පිටුවක් මඟින් ඇය ගීතයක් ගායනා කරන වීඩියෝවක් බෙදා ගනිමින් ඇයව අගය කර තිබුණා.


එහිදී එම පිටුව මඟින් උමාලිගේ ගායනය දක්වමින්


“සුන්දරත්වය, රංගනය, ගායනය හැම අතින්ම ඇය සම්පූර්ණයි… ඉතින් මගෙ සිත ඇය සොරා ගත්තේ නැත… ඇගේ හැකියාවට මා විසින්ම ඇයට ප්‍රේම කරමි.” යනුවෙන් සටහන් කර තිබුණා.


මෙය බැලූ බැල්මට අගය කිරීමක් ලෙස පෙනුණත්. උමාලිගේ වීඩියෝව යොදාගනිමින් අදාළ ෆේස්බුක් පිටුව ඔවුන්ගේ වෙළෙඳ ප්‍රචාරණයන් සිදු කර තිබූ බැවින් ඔවුන්ගේ මේ සටහනට එරෙහි වෙමින් උමාලිද තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම තුළ සටහනක් එක් කර තිබුණා. එහිදී ඇය සඳහන් කර තිබුණේ,


“මේ නම් කිසිසේත්ම ඇගයීමක්වත් සාර්ථක විවේචනයක්වත් නොවේ… පැහැදිලි අවභාවිතාවක්. යම්කිසි කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රසංගයක කොටසක් මේ ආකාරයෙන් වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීම; කිසිදු අවසරයකින් තොරව; සයිබර් අවකාශයේ සැරිසරන ඔබවත් මාගේ ඉදිරිපත් කිරීමත් මේ රූපරාමු පාවිච්චි කරමින් සිදු කරන්නේ අපයෝජනයක්. Report කරමු නේද. (Name) ඔයා මේ සිදුකරන වැඩේ නම් ලස්සන නෑ . Law & Society Trust මේ වගේ දේකට පොදුවේ අපිට මොනාද කරන්න පුළුවන්?” යනුවෙන්.


එහිදී ඇගේ වීඩියෝවක් අනවසරයෙන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීමට විරෝධය පාමිනුයි ඇය එම සටහන එක්කොට තිබුණේ. ඇගේ මෙම සටහනට හොඳ වගේම නරක ප්‍රතිචාරත් බොහෝමයක් ලැබී තිබුණා.


බොහෝ දෙනා ඇගේ අදහසට එකඟ වෙමින්, අදාළ ෆේස්බුක් පිටුවට එරෙහිව අදහස් දක්වලා තිබුණා වගේම කිහිප දෙනෙක් ඇයට එරෙහිවත් අදහස් දක්වලා තිබුණා.


ඒ වගේම මේ අතරතුර ගෙවින් හදිසියේම වගේ තමන්ගේ මිණිනේත්‍රනී ගීතය වෙනුවෙන් නිකුත් කළ ඡායාරූප නිසා තමා හා උමාලි විවාහ වූ බවට දක්වමින් පැතිර ගිය විවිධාකාර කතාවලට එරෙහිව උත්තර දෙන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව පසුගිය දිනක ඔහු තමන්ගේ නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් තමා හා උමාලි විවාහ වූ බව සඳහන් කරමින් පුවත් මවන අයට පිළිතුරු දීලා තිබුණේ මේ විධියට.


“පොඩි comment එකක් දැම්මා. විවාහ වුණේ නෑනෙ.


දැන් කෙල්ලෙක්වත් බලන්නෙ නෑ


අපි music video එකක් කළේ ළමයි.


මේ මිනිස්සු සල්ලි හොයන්නෙ බොරු විකුණලා. අපි විවාහ වුණේ නෑ.


එහෙම වුණා කියලා අපි කොහෙවත් කිව්වෙත් නෑ. ඒත් මේ ඔයාලගෙ ආදරයට අපි ආදරෙයි. ජය වේවා..


අනිත් එක මේ අය මගෙ නමවත් හරියට දන්නෙ නෑනෙ. මම ගෙවින්. ගෙවිදු නෙවෙයි….”


කොහොම නමුත් ඔහු මේ සටහනට, ඔවුන් දෙදෙනාගේ ඡායාරූප යොදාගෙන සුබ පතලා තිබුණු එක්තරා යූ ටියුබ් වීඩියෝවකට දමා තිබූ පිළිතුර අමුණන්නත් අමතක කරලා තිබුණේ නැහැ.


ඒ වීඩියෝවට ඔහු ලබා දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්


අපි music video එකක් කළේ ළමයි. මේ මිනිස්සු සල්ලි හොයන්නේ බොරු විකුණලා. අපි විවාහ වුණේ නැහැ. එහෙම වුණා කියලා අපි කොහෙවත් කිව්වෙත් නැහැ. ඒත් මේ ඔයාලගෙ ආදරයට අපි ආදරෙයි. ජය වේවා.. මේ නඩධබධඵ අපිට ඇ¾දුම් සපයපු UR Bridals විසින්


එයාලගේ promotionවලට ගත්තු photos. ඒවා අරගෙන  ගොසිප් හදන මෙයාලත් හොඳට සල්ලි හම්බ කරලා සතුටින් ඉන්න ඕනෙ එහෙනම්… ජය… අනිත් එක මේ අය මගේ නමවත් හරියට දන්නෙ නෑනෙ. මම ගෙවින්. ගෙවිදු නෙවෙයි.”


ගෙවුණු දින කිහිපය ඇතුළත ඔන්න ඔය විධියට තමයි ගෙවිනුයි, උමාලියි සමාජ මාධ්‍ය ඇතුළේ ආයෙත් වතාවක් කතාබහට ලක් වෙලා තිබුණේ.


පියුමි විජේරත්න



Previous Post Next Post