දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් සංගීත ක්ෂේත්රයට පිවිසුණ පියුමි භාග්‍යා වන්නිනායක තමයි මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍යය ගායිකාවට හිමි සම්මානය පිදුම් ලැබුවේ. එයද ටී.වී. දෙරණ නාළිකාවේ විකාශය වුණ රෝස සුදුයි ආදරියේ ටෙලි නාට්‍යයේ සංකා හංගා ගීතය වෙනුවෙන්. ගායන ක්ෂේත්රයට නවකයෙක් වුණත් සම්මානනීය ගායිකාවක් විදිහට ලබපු ජයග්‍රහණය ගැන පියුමි එක්ක කතා කරන්න අපි හිතුවා.
පියුමි ගායන ක්ෂේත්රයට ආවෙ කොහොමද?
පුංචි කාලෙ ඉඳලා මම ගායනයට සංගීතයට ළැදි කෙනෙක්. ඒ ළැදියාව නිසාම මම සංගීතය ප්‍රගුණ කළා. පහුගිය අවුරුදු කීපය පුරාම මම ගායන රියැලිටි වැඩසටහන්වල තරගකාරිනියක් විදිහට සහභාගි වුණා. නමුත් ඒවයින් මගේ හැකියාවට වැඩි තැනක් ලැබුණෙ නැහැ. ඉතින් මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 වැනි අදියරේ තරගකාරිනියක් විදිහට තරග වැදුණා. මගේ හැකියාව තේරුම් අරගෙන දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය විතරයි. ගායිකාවක් විදිහට මගේ හැකියාව සංගීත ලෝලීන් අතරට ගෙනියන්න පුළුවන් වුණේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය නිසා.
දැන් වෘත්තීය ගායිකාවක්ද?
ඔව්, මම වෘත්තීය ගායිකාවක්. ඕනෑම විෂයක් හදාරලා වැඩ කරන්න ගත්තොත් වරදින්නෙ. ඒක නිසා මම සංගීතය විෂයක් වශයෙන් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හදාරමින් සංගීත ක්ෂේත්රයේ කටයුතු කරනවා.
රෝස සුදුයි ආදරියේ ටෙලි නාට්‍යයේ ගීත ගායනයට සම්බන්ධ වුණේ කොහොමද?
ටී.වී දෙරණ නාළිකාවේ සහකාර කළමනාකාරවරියක් විදිහට සේවය කරන රාජිකා ක්‍රිෂාන්ති මිස් තමයි මගේ ගායන හැකියාව මත රෝස සුදයි ආදරියේ ටෙලි නාට්‍යය ගීතය ගායනා කරන්න පුළුවන්ද කියලා මාව අධ්යක්ෂවරයාට යෝජනා කෙරුවෙ. මීට කලිනුත් මම ටෙලි නාට්‍යය කීපයකම තේමා ගීත ගායනා කරලා තියනවා. හැබැයි රෝස සුදුයි ආදරියේ ටෙලි නාට්‍යය වෙනුවෙන් ගායනා කරපු සංකා හංගා ගීතය තමයි ගොඩක්ම ජනතාව අතරට ගිය ගීතය වුණේ.
රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ගායිකාව විදිහට සම්මානය ලැබීම ගැන මොකද හිතන්නෙ?
රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ගායිකාව විදිහට නවකයෙක් විදිහට මම ලබපු ලොකු ඇගයීමක් වගේම හොඳ දිරිගැන්වීමක් කිව්වොත් හරි. මම ඒකට රයිගම් ආයතනයට ස්තුතිවන්ත වෙනවා.
සම්මානයට නිර්දේශ වෙනකොට හිතුවද ජයග්‍රහණය කරන්න ලැබෙයි කියලා?
අනේ නැහැ. සම්මානය ලැබෙයි කියලා තියා නිර්දේශ වෙලා තියනවා කියලා දැනගත්තහමත් මට අදහගන්න බැරි වුණා. අනිත් එක මේ සම්මානයට උපේඛා නිර්මාණි අක්කත් නිර්දේශ වෙලා තිබුණා. ඉතින් මම හිතුවෙ නැහැ සම්මානය ජයග්‍රහණය කරන්න ලැබෙයි කියලා.
කොහොමද ලැබෙන සුබ පැතුම්?
යාළුවන්ගෙන් අඳුරන අයගෙන් වගේම මගේ ගීත අහන අයගෙන් සුබ පැතුම් ගොඩක් ලැබෙනවා. ඒ අතරින් මගෙත් එක්ක හැමදාම ඉන්න පවුලේ අයවත් මතක් කරන්න ඕන. විශේෂයෙන් මගේ අයියා තිළිණ සුදේශ් තමයි මට ගොඩක් උදව් කෙරුවෙ. මම අද මෙතන ඉන්නෙ ඒ හැමෝගෙම ශක්තිය නිසා.
බාධක කැපිලි කෙටිලි තිබුණද මේ ගමනෙදි?
කැපිලි කෙටිලි බාධක නිමක් නැතුව තිබුණා. නමුත් කොහමහරි ඒවාට ධෛර්යෙන් මුහුණ දීලා ක්ෂේත්රයේ හොඳ ගමනක් ආවා. ඒ ගමනෙදි ටී.වී. දෙරණ මට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ හැමදේටම ටී.වී දෙරණට මම ස්තුතිවන්ත වෙනවා.
වැඩිපුර කැමැති මොනවගේ ශෛලියන්වලින් ගීත ගායනා කරන්නද?
උත්තර භාරතීය සංගීත ශෛලිය තමයි වැඩිපුරම මම ගායනා කරන්නෙ. සංගීත ක්ෂේත්රයේ වෙනස් මං හොයාගෙන ගමනක් තමයි මම යන්න බලාපොරොත්තු වෙලා තියෙන්නෙ.
සම්මානයෙන් පස්සෙ බලාපොරොත්තු මොනවද?
හොඳම ගායිකාව විදිහට සම්මානයට පාත්රවීමත් එක්ක මට ලොකු පන්නරයක් ආවා. ඉතින් ළඟදීම අලුත් ගීත වගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕන මගේ හැමදේටම ඉන්න තිළිණ සුදේශ් අයියත් දක්ෂ ගායකයෙක් ඉතින් ඔහුත් එක්ක කියන ගීතයකුත් ළඟදීම අසන්නන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.