අනවශ්‍ය දේවල් ඕනවට වඩා හිතට අරගෙන ඒවා ගැන වද වෙන්න එපා- නායෝමි තක්ෂිලා



අපිට ජීවිතේ සිද්ධ වෙන ගොඩක් දේවල් කලින් කියන්න බෑ.කොහොම වුණත් ඒ වෙන හැම දේකටම මුහුණ දෙන්න ඕනම කෙනෙක්ට ශක්තියක් තියෙන්න ඕන.. 


මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන නයෝමි ඇගේ මුහුණු පොතට එකතු කරපු සටහනක්.. හැම වෙලාවකම අපිට දැනෙන ප්‍රශ්න ගැටලු ඕනවට වඩා හිතන්න යන්න හොඳ නැහැ.. එහෙම වුණොත් ෛතින් අපිට ජීවත් වෙන්න ගොඩක් පහසුයි.. මේ වචන ටික දැක්කම ඇයට ඒක මුහුනුපොතට එකතු කරන්න හිතෙන්න ඇත්තේ මේ වගේ අත්දැකීම් ඇගේ ජීවිතයෙත් ඕන තරම් තියන නිසා වෙන්න ඇති..


" ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න "

ඒ මට ලැබුණු හොඳම අවවාදය....

අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැති,

එක සිතුවිල්ලකින්වත් හිතන්න සුදුසු නැති,

අනවශ්‍ය දේවල් ඕනවට වඩා හිතට අරගෙන ඒවා ගැන වද වෙන එක !!!

ඒත් අපි අනවශ්‍ය දේවල් ගණන් ගන්නේ නැතුව ඉන්න තරමට අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා දන්නවද පුංචි ළමයෝ....

ඒක නිසා හිත රිදෙන දේවල් වැඩිය ගණන් ගන්න එපා !

ඒවට ඔයාගේ හිතේ ලොකු තැනක් දෙන්න හිතන්නවත් එපා..




Previous Post Next Post