ජීවිත අවදානමක් තියාගෙන රඟපෑවා-සෙලීනා කෲස්



ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටයවන ‘රිදී සීනු’ හරහා සිනමා ලෝකයට පායපු අලුත්ම තාරකාව තමයි සෙලීනා කෲස්. ඉතින් තවමත් යොවුන් වියේ ඉන්න සෙලීනාගේ විස්තර දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න.




සෙලීනා ගැන විස්තර ටිකක් කියමුද?




ම⁣ගේ නම සෙලීනා කෲස්. පදිංචිය වෙන්නප්පුව. මේ වෙද්දි උසස් පෙළ අධ්‍යාපනය හදාරන ගමන් ඉන්නෙ.




රිදී සිනූ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?




මම උදයකාන්ත වර්ණසූරිය අංකල්ගේ තිර පරීක්ෂණයකට සහභාගි වුණා. ඒකෙදී මගේ රංගන හැකියාව හොඳයි කියලා දැකලා උදයකාන්ත අංකල් මාව රිදී සීනු චිත්‍රපටයේ රඟපාන්න තෝරගත්තා.








උදයකාන්ත වර්ණසූරිය වගේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක රඟපාන්න ලැබුණ එක ගැන මොකද හිතන්නෙ?




ඇත්තටම ගොඩක් සතුටුයි. අධ්‍යක්ෂවරයෙක් විදිහට වගේම ගුරුවරයෙක් විදිහට උදයකාන්ත අංකල්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. මම දන්නෙ නැති දේවල් කියලා දීලා චරිතය හරියට කරන්නෙ කොහොමද කියලා උදයකාන්ත අංකල්ගෙන ගුරුහරුකම් ලැබුණා. ක්ෂේත්‍රයේ ඉන්න ඒ වගේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබුණ එක ඇත්තටම භාග්‍යයක්.




රංගනයේදි මුහුණ දෙන්න වුණ අභියෝග මොනවද?








රිදී සීනු චිත්‍රපටයේදි කළු ගල් කන්දක මුදුණක ඉඳලා රඟපාන දර්ශනයක් තිබුණා. ඒ කන්ද පල්ලෙහා අඩි දාස් ගානක හෙලක් තිබුණෙ. ඉතින් ලොකු අවදානමකුත් එක්ක මම ඒ දර්ශනය රඟපෑවෙ. නිෂ්පාදක කණ්ඩායමේ කෙනකුත් කැමරාව⁣ට අහුවෙන්නෙ නැතිව මගේ කකුල අල්ලගෙන හිටියෙ මාව වැටෙන්නෙ නැතිවෙන්න. කොහොම හරි ඉතින් හැමෝගෙම සහයෝගය ඇතිව ඒ දර්ශනය සාර්ථකව රඟපෑවා.




සැ


බෑ ජීවිතයේදි මොනවගේ කෙනෙක්ද?








සැබෑ ජීවිතයේදි මම හැමෝම එක්ක සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න කැමති ආඩම්බර නැති චරිතයක්.




රඟප


ානවා වගේම නටන්නත් පුළුවන් කියලා ආරංචියි?








ඔව්. පුංචි කාලෙ ඉඳලා මට බටහිර නර්තනය හොදට පුළුවන්. හිරු සුපර් ඩාන්සින් තරගයේ ඉදිරි පෙළ තරගකාරියක් විදිහටත් මම හිටියා. ⁣




පවු


ලෙ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?






මමා පපා දෙන්නම කැමතියි මම නිළියක් විදිහට කලා ක්ෂේත්‍රයේ වැඩකරනවට. පපා නිතරම මට ලැබෙන නිර්මාණවල විස්තර අහලා ඒව හොඳට කරන්න මට උපදෙස් දෙනවා. මමා නම් රූගත කිරීම් කරන තැන්වලට ඇවිත් මට හොඳ සහයෝගයක් දෙනවා. රිදී සීනු චිත්‍රපටයේදි මගේ කොණ්ඩෙ ගෙතුවෙත් මමා. එළිමහනෙ රූගත කරන දර්ශනවලදි ඇඳුම් මාරු කරන්න අවශ්‍ය වෙනකොට මමා තමයි මගේ ළඟින්ම ඉඳලා පහසුකම් වගේම ආරක්ෂාව සැලසුවෙ. එයාලා ගොඩක් කැමතියි මාව නිළියක් විදිහට දකින්න.




සෙලී


නා චිත්‍රපට නිළියක් වගේම ටෙලි නාට්‍ය නිළියක්...








ඔව්. මේ වෙද්දි ටී.වී. දෙරණ නාළිකාවෙ විකාශය වන ‘සිත නිදි නෑ’, ‘සිහින ගෙනෙනා කුමරියේ’ යනාදී ටෙලි නාට්‍යයවල මම රඟපානවා. ඒ වගේම මම රඟපාපු තවත් ටෙලි නාට්‍යයක් ඉදිරියේදි විකාශය වෙන්න තියනවා.




විලා


සිතා කරන්නෙ වෙනස් විදිහටද?






මම ලස්සනට ඉන්න කැමැති කෙනෙක් නිසා නිතරම අලුත් විදිහෙ විලාසිතා කරනවා. එහෙමයි කියලා නොගැළපෙන විලාසිතා කරන්නෙත් නෑ. තැනට ගැළපෙන විදිහට සුදුසු විදිහේ විලාසිතා කරනවා.




ඇඟ ල


ස්සනට තියාගන්න මොනවද කරන්නෙ?






ඇඟ ලස්සන කරගන්න මම ජිම් යන්නෙවත් විශේෂ දේවල් මුකුත් කරන්නෙ. පොඩි කාලෙ ඉඳලා මම නර්තනය කරනවා. ඒ නිසා ඇඟ සිහින් විදිහට හැදිලා තියනවා.




දිගටම රඟපාන්නද අදහස?






විනෝදාංශයක් විදිහටයි මම රංගනය කරන්නෙ. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළාට පස්සෙ වෙනත් වෘත්තීයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි රංගනය අතාරින්න මගේ අදහසක් නැහැ. රංගනයත් සමබරව කරගෙන යනවා.



Previous Post Next Post