ෂයිනි රෝචනා නෙත්තිකුමාර කියන්නේ කටකාර දඟකාර සුන්දර රංගන ශිල්පිනියක්. ඔබට මතක නම් ‘සුජාතා’ ළමා ටෙලි නාට්‍යයේ මලිති ඇයයි. මේ දිනවල පුංචි තිරයේ සහ රිදී තිරයෙන් ඇයව දැක ගන්න ලැබෙනවා. ඒ නිසාම කලා ලොවේ අලුත් නිර්මාණ ගැන කළ සොඳුරු කතාබහයි මේ.
ෂයිනි මොකද වෙන්නේ මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල මගේ පළමු සිනමා නිර්මාණය වන ශ්‍රී වික්‍රම චිත්‍රපටය තිරගත වෙනවා. ඒ එක්කම පුංචි තිරයේ නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණත් විකාශය වෙනවා. ඒ එක්කම මම ගුරු වෘත්තියට කැමැත්තක් දක්වන නිසා ගුරුවරියක් වීමේ අපේක්ෂාවෙන් ඒ අධ්‍යයන කටයුතු කරගෙන යනවා.
පාසල් වේදිකාවෙන් ලැබුණු පන්නරය ගැන මතක් කළොත්?
මගේ පාසල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය. පාසල් වේදිකාව තමයි මට රංගනයට මඟ හදලා දුන්නේ. නාලක ස්වර්ණතිලක මහතාගේ දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ නාට්‍යය තුළින් තමයි මට නාට්‍යය කරන්න පුළුවන් කියලා හඳුනා ගත්තේ. නුරාධිකා සේරසිංහ ගුරුතුමිය තමයි මගේ නර්තන සහ රංගන හැකියාවන් දැකලා මට ඒ ඔස්සේ යන්න උදවු කළේ. ඊට පස්සේ මට සමස්ත ලංකා නාට්‍යය තරගවලදී සහ අන්තර් පළාත් තරගවලදී හොඳම නිළිය සහ හොඳම සහාය නිළියට හිමි සම්මාන ලැබුණා.
ඔබ සුජාතා නාට්‍යය හරහා තමයි පුංචි තිරයට එන්නේ, ඒ අතීතය මතක් කළොත්?
ඊට කලින් මම සිරස නාළිකාවේ පුංචි පැංචි වැඩසටහනට ගියා. මහේෂ් මාමව ආදරෙන් මතක් කරන්න ඕනේ. මම කැමරාවක් ඉස්සරහ මුලින්ම පෙනී ඉන්නේ මහේෂ් මාමගේ පුංචි පැංචි වැඩසටහන නිසා. ඒ කාලේ තමයි සිරස නාළිකාවේ කරපු සුජාතා නාට්‍යයේ මලිති කියන චරිතය මට ලැබුණේ. එතැනින් පස්සේ තමා එක දිගටම ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණේ.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා තාත්තා සහ අයියා මට ලොකු සහයෝගයක් දෙනවා. මගේ අම්මා තාත්තා මගේ හැකියාවන් දැක්ක නිසා මටත් වඩා ආසාවෙන් මේ ගමන එන්න මට ලොකු සහයෝගයක් දුන්නා. අදටත් එහෙමයි. සමහර තැන්වලදී මම අතහැරලා දාන්න ගියත් නැහැ… නැහැ…. ඔයාට පුළුවන් කියලා මාව දිරිමත් කරන්නේ ඒ දෙන්නා තමයි.
පළමු සිනමා අත්දැකීම කොහොමද?
මොහාන් නියාස් මහතාගේ ශ්‍රී වික්‍රම චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ මිට අවුරුදු හත අටකට කලින්. එතකොට මම ගොඩක් පොඩියි. මට සිනමාව ගැන ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. මාව කොහොම පිළිගනීද කියන බය මට තිබුණා. ඒ වුණාට අකිල අයියා සහ චුලක්ෂි අක්කා මට පුදුමාකාර සහයෝගයක් දුන්නා. ඒ දෙන්නා මාව ගොඩක් ආදරෙන් බලාගත්තා. මම හිතපු නැති විදියට ඒ අයත් එක්ක විනෝදෙන් සතුටින් ඒ නිර්මාණය අවසන් කළා.
මේ වෙද්දී තව සිනමා නිර්මාණවලට ඇරයුම් ලැබුණද?
චිත්‍රපටය කරලා අවුරුදු හත අටක් වුණාට දැන් තමයි ඒ චිත්‍රපට තිරගත වෙන්නේ. ඒ නිසා මාව රිදී තිරයෙන් දකින්නේ දැන්. තවම මට සිනමාවෙන් එහෙම ඇරයුම් ලැබිලා නැහැ. ඉදිරියට හොඳ නිර්මාණවලට ඇරයුම් ලැබුණොත් භාර ගන්න ආසාවෙන් ඉන්නවා.
මේ කාලේ ඉන්න නාට්‍යයවල චරිත ගැන කිව්වොත්?
ස්වර්ණවාහිනියේ හපන්නු නාට්‍යයට මට ආරාධනා ලැබුණේ ස්වර්ණවාහිනියේම විකාශය වුණු නොනිමි නාට්‍යය දැකලා. බුද්ධික ලොකුකැටිය මහතා තමයි මට කතා කළේ. නොනිමි කියන්නේ ගොඩක් කොටට අඳින පොෂ් චරිතයක්. හපන්නුහි දැන් මට ලැබිලා තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. අපි ෂූටින් කරන්නේ මහව ප්‍රදේශයේ. චීත්ත ගවුම දිගට අඳින ගැමි සංස්කෘතිය එක්ක හැදෙන චරිතයක්. කතා කරන භාෂාව වුණත් වෙනස්. දෙරණ නාළිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ සකුණි කියන්නේ කැම්පස් යන ගැනූ ළමයෙක් ගැන කියැවෙන චරිතයක්.
ඉස්සරහට තියෙන බලාපොරොත්තු මොනවද?
මම ආසාවෙන් ඉන්නේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් වෙන්න. ඒ දේත් කරන ගමන් කලාවේ නිර්මාණවලටත් දායක වෙමින් සතුටින් ඉන්න තමයි කැමැත්ත.
ෂයිනි සුන්දරත්වය පවත්වාගන්න මොනවද කරන්නේ?
එහෙම විශේෂයෙන් කියලා දෙයක් නම් කරන්නේ නැහැ. අම්මා හදලා දෙන කෑම ටික කාලා ඉන්නවා. මහත් වීගෙන වගේ එනවා නම් පොඩ්ඩක් කෑම පාලනය කරනවා.
කලාවට එන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?
මම කලාවට එන්න පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියා. මට ඕනේ වුණේ ජිවිතේ ආස කරන චරිත ටිකක් කරන්න. කලාවට එන්න ලැබීමත් එක්ක ජීවිතේට ලොකු අත්දැකීම් ටිකක් එකතු කර ගන්න පුළුවන් වුණා. ඒ දේවල් සහ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය එක්ක නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
ෂයිනිටම කියලා අාදර කතාවක් තියෙනවද?
එහෙම එකක් නම් නැහැ.
කොයි වගේ කෙනෙක් ගාව හිත නතර වෙයිද?
තවම ඒ ගැන හිතලා නැහැ. මම කවදත් කැමති නිහතමානී කෙනෙක්ට.
ලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති නේද?
ඒ ලැබෙන ආදරේ නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒ නිසා ඒ අයට මම ගොඩක් ආදරෙයි. කවුරුහරි මා එක්ක කතා කළොත් මම හරිම ආදරෙන් ගෞරවයෙන් ඒ අය එක්ක කතා කරනවා.
අනුෂා රණසිංහ