මට ලස්සන ආදර කතාවක් තිබුණා ඒක දැන් ඉවරයි-සුහන්දි උපෙත්මා




මේ දිනවල තිරගත වන නාට්‍යය අතරේ මන්දාරම් කතාව කියන්නේ ප්‍රේක්ෂක ආදරේ ආකර්ෂණය ඉහළින්ම දිනාගෙන තියෙන නාට්‍යය නිර්මාණයක් බව නොරහසක්. මේ නාට්‍යයේ එන විදු කියන්නේ බොහොම අහිංසක ආදරණීය චරිතයක්. ඒ නිසාම මේ වෙද්දී විදු තරුණයින් අතර වැඩි කතා බහටත් ලක්ව තිබෙනවා. ඒ නිසා අපි හිතුවා විදුට ජීවය දෙන සුහන්දි උපෙත්මා සමඟින් කතා කරන්න.


මන්දාරම් කතාවේ විදූ චරිතය කොහොමද දැනෙන්නේ?


සුහන්දිට වඩා විදු ගොඩක් වෙනස් චරිතයක්. විදු කියන්නේ හරිම ආදරණීය චරිතයක්.


සාමාන්‍ය ජීවිතේ ලැබෙන ප්‍රතිචාර කොහොමද?


අපි කරන නිර්මාණ වැලඳ ගන්නේ ප්‍රේක්ෂකයින්. ඉතින් ප්‍රේක්ෂකයින්ගේ ආකල්ප අදහස් සහ ප්‍රතිචාර මත තමා අපේ රංගනය කොයිතරම් දුරට සාර්ථක ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ලැබෙන ප්‍රතිචාර එක්ක මට දැනෙනවා මම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියන එක.


මේ වෙද්දී නිර්මාණ කීයකට දායක වුණාද?


මන්දාරම් කතාව මම දායක වුණු තුන්වැනි නිර්මාණය. 1990 තමයි මගේ ප්‍රථම නිර්මාණය. මේ වෙද්දී ටෙලි නාට්‍යය හයකට දායක වෙලා තියෙනවා. තව එක ටෙලි ෆිල්ම් එකක් ඉවර කළා.


සුන්දරත්වය රැක ගන්න මොනවද කරන්නෙ


මම පාටින් සුන්දර කෙනෙක් නෙවෙයි. හිරු එළියට සංවේදී සමක් තියෙන්නේ. මේ ළඟදී අනුරාධපුර පැත්තේ ෂූටින් ගිහින් සෑහෙන්න කළු වුණා. සුදු වෙන්න කියලා මම මුකුත් කරන්නේ නැහැ. මම ආසයි මට උපතින්ම ලැබුණු මේ හමේ පාටට. ඒ සුන්දරත්වය රැකගන්නයි මම කැමැති.


මේ වෙද්දී පෙම්වතියක් ද?


නැහැ. මට පෙම්වතෙක් නැහැ.


ඇත්තද ආදර යෝජනා බොහොමයක් එනවා කියන්නෙ?


කවුද එහෙම කියන්නේ. ඒක බොරු. බොහොමයක් ආදර යෝජනා එන්නේ නැහැ. ආවත් මම හිතන්නේ නැහැ ඒවා පිළිගනී කියලා. මට ලස්සන ආදර සම්බන්ධයක් තිබුණා. ඒක දැන් ඉවරවෙලා තියෙන්නේ. ඒ නිසා මම දැන්ම ආදරයක් ගැන හිතන්නේ නැහැ.


කොහොම කෙනෙක් ද හොයන්නේ


මම හොයන්නේ නැහැ. අපිට මෙහෙම කෙනෙක් කියලා කියන්නත් බැහැනෙ. ආදරේ ඇතිවෙන කෙනා කොහොම වෙයිද දන්නේ නැහැ. මම ඒ නිසා හොයන්නේ නැහැ. හැබැයි මට ආදරයක් ඇතිවුණොත් ඒ කෙනා කොහොම කෙනෙක් වුණත් එයාට මම ආදරේ කරනවා.


ක්ෂේත්‍රයේ ඉද්දි කට කතා හැදෙන්න තියෙන ඉඩ වැඩි නිසා ඒ ගැන කොහොමද හිතන්නෙ?


මට හැදෙන කට කතා මටත් ආරංචි වෙලා තියෙනවා. ඒ වෙලාවට මම හි‍ෙතන්නෙ ඒව අහන්නවත් වෙලාවක් අපිට නැති වුණාට, තව මනුෂ්‍යයෙක්ට මගේ ගැන ඒවගේ කට කතාවක් කියන්න වෙලාවක් හරි තියෙනවානේ කියලා. එහෙම හිතල හිත හදා ගන්නවා. ඒ අය අපි වෙනුවෙන් එයාලගෙ වටිනා කාලය කැපකරන එක ගැන සතුටුයි. ඒ නිසා කට කතා ගොසිප් කියන්නේ අපිව වට්ටන දෙයක් නෙවෙයි. තවත් අපිට හයියක් වෙන දෙයක්. අපි නොදන්නා අයත් අපි ගැන කතා කරනවා කියන්නේ අපි සතුටු වෙන්න ඕනේ කාරණාවක්.


ජනප්‍රිය කෙනෙක් වීම නිසා අපහසුතාවට පත් වුණු තැන් තියෙනව ද?


එහෙම නම් නැහැ. ජනප්‍රියයි කියන එක මම ඔළුවට අරගෙනත් නැහැ. සාමාන්‍ය කෙනෙක් විදිහට මම ජීවත් වෙන්නේ.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


ගොඩක් එන්න තියෙනවා. ඒ නිර්මාණ විකාශය වෙද්දී කතා කරමු.


අනාගත බලාපොරොත්තු මොනවද?


මට තිබුණු බලාපොරොත්තුවක් තමයි රංගනයෙන් ඉදිරියට යන එක. තාමත් බලාපොරොත්තුව හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා හෙමින් හොඳ ගමනක් යන එක.


 අනුෂා රණසිංහ




Previous Post Next Post