මේ පාර අපිට අවුරුදු දොළහයි- රැෆෙල්ලා ප්‍රනාන්දු

 


පසුගිය 21 වැනිදා සන්ධ්‍යාවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයට අපේ කලා ලොවේ තරු එකතු වුණේ RFCC 2024 අසිරිය විඳගැනීමේ අරමුණෙනි. ඇත්තටම කාගේ ෂූට් එකද ලස්සන. අපි කොහොමද, කාගේ ෂූට් එකද ලස්සන කියන්නේ. ඒ තරමටම මේ හැම ෂූට් එකක්ම ලස්සනයි. Celebritiesලා විසිහතරක් එක්ක පුංචි සර්ප්‍රයිස් එකකුත් එදා රාත්‍රියේ විඳගන්න හැකිවුණා. මේ රාත්‍රියේ එතැනට ආපු කලාකරුවන්ට විතරක් නෙමෙයි ආරාධිතයන්ටද විශේෂ රාත්‍රියක් වුණා. RFCC 2024 අභියෝගය ජයගත්තු ආකාරය ගැන රැෆෙල්ලා ප්‍රනාන්දු ‘මීවිත’ට මෙලෙස පැවැසුවා.


● RFCC 2024 අත්දැකීම් ගැන මුලින්ම කතා කළොත්?


ඇත්තටම මේ පාර අපේ 12 වැනි අවුරුද්ද. අවුරුදු 12 ක් අපි ලෝන්ච් එක කරගෙන ගිහිල්ලා, මේ පාර අපි කලාකරුවෝ 23 ක් එක්ක වැඩකළා. මම හිතන්නේ අඩු කාලයකින් කරපු ලොකුම ප්‍රොජෙක්ට් එක මේක.


අවුරුදු 12 ක් ලේසි නැහැ නේද?


අත්දැකීම් ගැන කතා කරන කොට අපිට ගොඩක් තිබෙනවා. මෙවර අපිට ගොඩක් ලොකු අභියෝග තිබුණා. කන්සෙප්ට් හදලා තිබුණට ආටිස්ට්ලා 23 ක් එකතු කර ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අනික මෙදාපාර අපිට ඕනෑ වුණා වෙනසක් කරන්න. මෙවර අපි ඒ. අයි. තාක්‍ෂණයෙන් ජැක්සන් සර්ට ටි්‍රබියුට් එකක් කළා.


● RFCC 2024 වන්නිලැ ඇත්තන්ට ඉඩක් වෙන් කරන්න හිතුවේ ඇයි?


අපි මේ කැලැන්ඩරය ලංකාවෙන් පිටතට අරගෙන යනවා. මට ඕනෑ වුණා අපේ අනන්‍යතාවය ලෝකයට අරගෙන යන්න. අනික අපි සෙලිබි්‍රටි ක්ලැන්ඩරයක් කරන්නේ. සෙලිබි්‍රටි කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ නළු නිළියෝ, ගායක ගායිකාවෝ, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විතරයි කියලා. ලෝකයක් පිළිගන්න සෙලිබි්‍රටි කැරැක්ටර් එකක් තමයි වන්නිලැ ඇත්තෝ කියන්නේ. ඉතිං මට ඕනෑ වුණේ එයාලව හයිලයිට් කරලා වැඩක් කරන්න.


රැෆෙල්ලා කියන්නේ වන්නිලැ ඇත්තොත් සෙලිබි්‍රටීස්ලා කියලද?


අනිවාර්යයෙන්ම. ඕනෑම රටක කෙනෙක් දන්නවා අපේ වැදි නායකයා විදිහට වන්නිලැ ඇත්තන්ව. සෙලිබි්‍රටි කියන්නේ යම්කිසි කලාවක් ඇතුළේ ඉස්මතු වුණ චරිතයක් ගැනම නෙමෙයි. මිනිස්සු අතර සෙලිබි්‍රටි වෙන්න පුළුවන් නම් ඔහු සෙලිබි්‍රටි කෙනෙක්.


● වන්නිලැ ඇත්තෝ මේ වැඩේට කැමැති වුණාද?


ඇත්තටම කැමැති වුණා. මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ වනඅරණ නේචර් ෆවුන්ඩේෂන් එකත්. ඔවුන් හුඟාක් ළඟින් වන්නිලැ ඇත්තොත් එක්ක වැඩ කරලා තිබෙනවා. ඔවුන් හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ.


මෙහිදී වන්නිලැ ඇත්තන්ටත් තේරුණා මම මේක වාණිජ අරමුණු වෙනුවෙන් කරන වැඩක් නෙමෙයි කියලත්. එයා හරි කැමැත්තෙන් වැඩේට සම්බන්ධ වුණා.


මේ වැඩේ කරන්න ගිහිල්ලා ඔබත් එක්ක අමනාප වුණ සෙලිබි්‍රටිස්ලා ඉන්නවාද?


ඇත්තටම හැම අවුරුද්දකම ඒ ප්‍රශ්නය අපිට තිබෙනවා. මෙදාපාර මම පළමු වතාවට කැලැන්ඩරයට එකතු කරගත්තු ගොඩක් කලාකරුවෝ හිටියා. අලුතෙන්ම RFCC එකට සම්බන්ධ වුණ 12 ක් 13 ක්ම හිටියා. ඒකෙන් වෙනස්ම හැඩයක් කැලැන්ඩරයට ආවා.


 මාස 12 ට පින්තූර 24 ක්. ලේසි නැහැ නේද වැඩේ?


වැඩේ ලේසි නැහැ. හැම පාරම වගේ මේ පාරත් ආටිස්ලා තෝරාගන්න එක තමයි අමාරුම වැඩේ. මොකද කන්සෙප්ට් ගොඩක් කල් ඉදලා ලෑස්ති කරලා තිබුණා. කාස්ට් කරන එක තමයි හරි අමාරුම වැඩේ. මොකද අපි චිත්‍රපටයකට කාස්ට් කරනවා වගේ මේ වැඩේටත් හිතනවා. අපේ වැඩේ ෆිල්ම් එකක් තරම් ලොකු දෙයක් නොවුණාට අපේ කන්සෙප්ට් එක ඇතුළේ අපිට කොච්චර සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්ද කියලත් අපි බලනවා. ඇඳුම්, මේකප්, මේකට ගැළපෙන ආර්ටිස්, ෆේස් කට් එක, එයාට හානියක් නොවෙන්න කොහොමද මේ දේ කරන්නේ කියන හැම දෙයක්ම සොයා බලනවා. අපි හරි අඩු කාලයකින් තමයි ෂූට් ටික කළේ.


● රැෆෙල්ලා ගේ කන්සෙප්ට් වලට අකමැති වුණ කලාකරුවෝ නැතිද?


ඇත්තටම අද වෙනකම් කවදාකවත් එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැහැ. අපි මේ වැඩේ කරන්න පටන් අරගෙන අවුරුදු 12 ක් වෙනවා. එක සැරයක්වත් කන්සෙප්ට් එකක් ෂෙයාර් කරද්දී මම මේකට කැමැති නැහැ කියපු ආර්ටිස්ලා කවුරුවත් නැහැ.


මෙවර එළිදැක්වීම වෙනස්ම ස්වරූපයක් ගත්තා?


අපි මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ එක්සිබිෂන් හෝල් එකකින්. දැන් අපි හොටෙල් එකක රෙඩ් කාපට් කන්සෙප්ට් එකකින් සිදුකරනවා. මට ඕනෑ වුණේ හැම පාරම එක්සිබිෂන් එකක් කියන ෆීලින් එක ලබාදෙන්න. අපි මේක ඩිස්ප්ලේ කරන්නේ කැලැන්ඩරයක පිටු 24 ක ආකාරයටයි. එතකොට එක්සිබිෂන් එක ඇතුළෙන් කැලැන්ඩරයට පිටු 24 තියෙන්නේ පින්තූර 24 ක් ඇතුළේමයි. එක්සිබිෂන් කියන කන්සෙප්ට් එකෙන් පිට යන්නේ නැහැ කියන මතයේ තමයි තවම මම ඉන්නේ. චිත්‍ර ශිල්පිනියක් විදිහට එක්සිබිෂන් කියන එකට මම හරි ආදරෙයි. මම හරි ආසයි ඉතිං ඒ කන්සෙප්ට් එකෙන් පිට යන්නේ නැහැ කියන මතයේ තමයි මම තාම ඉන්නේ. ඊට අමතරව අපේ කලර් තීම් එකක් තිබෙනවා. මෙවර අපිට තිබුණේ නිල්, සිල්වර් සහ සුදු කියන වර්ණ තුන. ඉතිං ඒ කලර් කෝඩිනේෂන් එකත් එක්ක ඉවෙන්ට් එක හරි ලස්සනයි පිළිවෙළයි.


● දිනේෂ් විතාන



Previous Post Next Post