කොනිත්තලා ගැයූ වින්දුලා




මේ දිනවල යූ ටියුබ් හරහා නිතර දකින්න සහ අසන්න ලැබෙන ටේ‍රන්ඩින් වුණ ගීතයක් තමයි ‘කොනිත්තලා. කියන ගීතය. ඇත්තටම මේ ගීතය කාගේද?” කවුද පද රචනය? රූප රචනාව කළේ කවුද? කවුද මේ ගායිකාව කියලා සොයා බලන්න අපි අදහස් කළා. ඇය නමින් වින්දුලා ලංකේෂ්වරී. මීවිත පාඨකයන් වෙනුවෙන් අප ඇයව සොයාගෙන ගියා.


පියකරු සිනහවකින් මුව සරසාගෙන අපි පිළිගත් වින්දුලා සමඟ අපි කතාබහ ආරම්භ කළේ මෙලෙසිනි.


 ඉතිං වින්දුලා” මේ දවස්වල හැම තැනම ඇහෙන්නේ ‘කොනිත්තලා. ගීතයනේ? දේවිට කොහොමද?


(සිනාසෙමින්..). ඔයාලත් මට දේවි කියලද කියන්නේ. මගේ කොනිත්තලා ගීතය මේ දිනවල ටික ටික ජනතාව අතරට යන බව මට තේරෙනවා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 29 වැනිදා තමයි ගීතය එළිදැක්වූයේ. දවස් දෙක තුනක් යනකොට ට්‍රෙන්ඩි්‍රන් වුණ ගීත අතරට මේ ගීතයත් ආවා.


ඇත්තටම මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද?


මේ ගීතය පද රචනා කළේ ෘඹඛ්භ ්ඍඞ. තනුව වගේම සංගීතය චමත් සංගීත්. රූප රචනාව නිර්මාණය කළේ සංදේශ් බණ්ඩාර. සංස්කරණය වගේම වර්ණ සංයෝජනය හසිත ජයසංකගෙන්. රැප් කොටස නිර්මාණය කළේ කයිසර් කයිස්. මේ වෙලාවේ මම විශේෂ ස්තුතියක් කරන්න ඕනෑ මගේ පවුලේ අයටත්.


● මේ ගීතය රැප් කරන්න හිතුවේ ඇයි?


මගේ ගීතයට රැප් එකක් යොදන්න ඕනෑ කියන අදහසක් තිබුණේ නෑ. රැප් එකක් දාමු කියලා යෝජනා කළේ චමත් සංගීත් අයියා.


මෙය ඔබගේ පළමු ගීතයද?


පොඩි කාලේ ඉඳන්ම මම සින්දු කිව්වා. පොඩි කාලේ මගේ ගීත සිරස පුංචි පැංචි වැඩසටහනෙන් විකාශය වුණා. කොනිත්තලා ගීතයට කලින් මම කවර් සින්දු කිහිපයක්ම කළා.


● ඇයි එහෙනම් මෙච්චර කාලයක් නිහඬව හිටියේ ?


මම නිහඬ වෙලා හිටියා වගේ දැනෙනවාද?. ඒ කාලේ මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නා. ඒ වගේම රංගනයටත් යොමුවුණා.



ඔබ රඟපෑ නාට්‍ය ගැන කතා කළොත්?


මම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. පොඩි කාලේ ඉඳලම මගේ අම්මාගේ නාට්‍යවලත් රඟපාලා තියෙනවා.


දෙගොඩතුරාව” මීක්මල්” දියබැටේ” විලංගු” නිරෝලා” අප්පච්චි” ශ්‍රී වික්‍රම ඉන් කිහිපයක්. ඊට අමතරව උපුල් සේමසිංහ ගුරු පියාගේ විදුර නූර්තියේ එරන්දතී චරිතය රඟපාලා 2016 වසරේ දී ටවර් හෝල් නාට්‍ය උළෙලේදී මම හොඳම නිළිය විදිහට සම්මානය ලබාගත්තා.


● පවුලේ විස්තර?


මට ඉන්නේ අක්කයි” අම්මයි” තාත්තයි.


මගේ අම්මා නිසා තමයි මම කලාවට යොමුවුණේ. ඇය නමින් කුමාරි දසනායක. ඇය සංගීත විශාරදවරියක්. වේදිකා නාට්‍ය” ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් වගේම රචිකාවියක්. ඊට අමතරව රංගන ශිල්පිනියක් සහ අධ්‍යක්ෂවරියක්. අම්මාගේ සියලුම නිර්මාණවලට මමත් රංගනයෙන් දායක වුණා.


මේ වෙලාවේ මම විශේෂයෙන් සඳහන් කරන්නම ඕනෑ දෙයක් තියෙනවා.


● ඒ මොකක්ද?


පළමුවැනි වතාවට තමයි මාධ්‍යට කියන්නේ. මගේ අම්මාගේ ප්‍රථම චිත්‍රපටය ‘සුද්දි. 2024 ජනවාරි මාසයේ රූගත කිරීම් ආරම්භ කරනවා. මෙහිදී මගේ ප්‍රථම සිනමා රංගනයත් සිද්ධවෙනවා මගේ අම්මා තුළින්ම. අම්මාගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘සුද්දි. හි සුද්දිගේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මම. මේ දවස්වල මගේ පූර්ණ කාලය යොදවලා තියෙන්නේ චිත්‍රපටය වෙනුවෙන්.


● එතතොට ගීත ගායනයට මොකද වෙන්නේ?


මගේ ඊළඟ ගීතය කරන්න පළමු සාකච්ඡාව පැවැත්වූවා. මම රඟපෑ ඉන්දික ධර්මතිලකගේ යාදින්නි ටෙලිනාට්‍යයේ තේමා ගීතයත් ගායනා කරන්නට මට අවස්ථාව උදාවුණා. ඒ නාට්‍යයත් ළඟදීම විකාශය වීමට නියමිතයි.


දිනේෂ් විතාන





Previous Post Next Post