මම සිංගල් මදර් ඒක ලොකු චැලේන්ජ් එකක්-යශෝධා රාධාක්‍රිෂ්ණන්




මාතා චිත්‍රපටයේ දඩබ්බර පාර්වතී ලෙසින් රංගනයට ආ යශෝධා රාධාක්‍රිෂ්ණන් ඉන් පසුව නම් වැඩිපුර සිනමාවෙන් දකින්න ලැබුණේ නැහැ. ආරංචි වෙන හැටියට 2024 වසරේ නම් සිනමාපට ද්විත්වයකින්ම ඇය ප්‍රේක්ෂකයින් අතරට එන්න සූදානමින්. ඒ නිසාම ඇය සමඟ රසඳුන කළ සොඳුරු කතාබහයි මේ….


යශෝධා රංගනයට එන්නේ කොහොමද?


මම මුලින්ම ශක්ති ටීවී සහ පසුව වසන්තම් ටීවී එකේ වැඩසටහන් කළා. ඔය අතරේ තමයි මට බූඩි කිර්තිසේන අධ්‍යක්ෂණය කළ මාතා චිත්‍රපටයට ඔඩිෂන් එන්න කිවුවේ. එකෙන් සිලෙක්ට් වෙලා තමයි චිත්‍රපට ක්ෂේත්‍රයට එන්නේ. ෆිල්ම් එකට කලින් ශක්ති ටීවී එකේ විෂුවල් එකකටත් මම හිටියා.


කොහොමද මුල්ම අත්දැකීම?


මම එතකොට චිත්‍රපට ක්ෂේත්‍රයට අලුත්. එතකොට මගේ වයස 19යි. චිත්‍රපටය රූගත කළේ යාපනයේ. ඒ චිත්‍රපටයේ මට ලැබුණේ අභියෝගාත්මක චරිතයක්. ගොඩක් මහන්සි වුණා ඒ චරිතය කරන්න.


මේ වෙද්දී නිර්මාණ කීයක් කරාද?


හිරු ටීවී එකේ ‘නිසල සඳ ඔබ‘ කියන නාට්‍යයේ දෙමළ චරිතයක් කළා. මම ඉන්දියාවේ ගිහින් රාජ් ටීවී එකේ ඩ්‍රාමා සීරියස් එකේ එකක් කළා. මෙහෙ ඇවිත් ඉන්නකොට මේ අවුරුද්දේ මට අවස්ථාව ලැබුණා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සූරිය සුළඟ චිත්‍රපටයේ පොඩි චරිතයක් කරන්න. ඔය අතරේ තමයි අසෝක ආතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ ආදර අනන්තය චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ලැබුණේ.


ආදර අනන්තය කොහොමද දැනුණේ?


ආදර අනන්තය චිත්‍රපටයෙ මට ලැබුණේ අභියෝගාත්මක චරිතයක්. අනතුරකින් පස්සේ ඔක්කොම අමතක වෙලා ගිය තරුණ ගැහැනු ළමයෙකුගේ චරිතයක් තමයි මට තිබ්බේ. එය දෙබස් අඩු චරිතයක්. මට තිබ්බේ ගොඩක්ම හැඟීම් භාව ප්‍රකාශන මඟින් චරිතය ගොඩනඟන්න.


යශෝධා ඔබේ උපන් ගම පවුලේ විස්තර කිවුවොත්?


මගෙ ගම හැටන් – මස්කෙළිය. මගෙ පවුලේ අම්මා තාත්තා. අයියා සහ මල්ලි ඉන්නවා. මට දැන් පුතෙක් ඉන්නවා. හැබැයි මම සිංගල් මදර්.


කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය


මගේ දක්ෂතා පෙන්වන නිසා ඔවුන්ගෙන් අකමැත්තක් නැහැ. සමහර වෙලාවට ඒ චරිතේ කරන්නම ඕනෙද වගේ කියලා නම් අහනවා. ඒ හැර ලොකුවට බලපෑම් කරන්නේ නැහැ.


ඔබ මේ වෙද්දි ද්‍රවිඩ චරිත විතරයිද කරලා තියෙන්නේ?


මට සිංහල කතා කරන්න ගොඩක්ම අමාරුයි. ඒ නිසා එක දිගටම සිංහල දෙබස් කියන්න අමාරු නිසා මම ටැමිල් චරිත විතරයි දැනට කරලා තියෙන්නේ.


යශෝධා තවමත් මීඩියාවල ඉන්නවද ?


නැහැ, දැන් චැනල්වල වැඩ කරන්නේ නැහැ. වෙ‍ෙළඳ දැන්වීම් පමණයි මම මෑතක කළේ. මම මේ අවුරුද්දේ ෆිල්ම් දෙකක් කොහොම හරි කරන්න ඕනේ කියලම හිතුවා. හිතුවා වගේම නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නේ?


මම මේ වෙද්දී ව්‍යාපාර පැත්තට යොමු වෙලා ඉන්නවා. මගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා CEMBARUTHI කියලා. එකේ කුර්තා, සල්වාර්,සාරි එහෙම තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව මගේ ව්‍යාපාර දියුණු කරන එක. තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා LOAD HORSE කියලා. ඒක මම කරන්නේ Rikaz එක්ක. ඒ දේවල් කරන ගමන් මේ වගේ තව චිත්‍රපට ලැබුණොත් මම කරනවා.


සිංගල් මදර් කියන එකත් එක්ක ජීවිතේ දකින්නේ කොහොමද?


ජීවිතේ ගොඩක් අමාරුයි. මම 19 දී විවාහ වුණේ. මට 26 වෙද්දී පුතා ලැබුණා. පුතා ලැබිලා පුතාට අවුරුද්දයි මාස හයක් වගේ වෙද්දී අපි වෙන් වුණා. කොච්චර අමාරු වුණත් පුතාව හොඳින් බලා කියාගෙන එයාගේ වැඩ කරගෙන ඉන්නවා.


නැවත අලුත් ජීවිතයක් ගැන හිතන්නේ නැද්ද?


නැහැ. මේ වෙද්දී මම විතරයි පුතාව බලන්නේ. ඩිවෝස් වෙලා ඉන්නකොට මේ සමාජයේ ඉන්න අමාරුයි. ආයෙමත් ආදරේ කරන්න විවාහ වෙමු කියන්න කට්ටිය ආවා. ඒ වුණාට මට සැටිස් නැහැ. ඒ නිසා මම මගේ වැඩ ටික කරගෙන යනවා. ගොඩක් ආමාරුයි සිංගල් මදර් කෙනෙක් වීම. පුතා නිසා මට ඒක ලොකු චැලේන්ජ් එකක්.



Previous Post Next Post