අපි හරිම ලකී තමයි - රංගන ශිල්පිනී රාධිකා ගුණවර්ධන



 බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන ඇය එකල දක්ෂ ක්‍රීඩිකාවකි. ක්‍රීඩාවට මෙන්ම කලා කෞශල්‍යයට ද පාසලේ කැපී පෙනුණු චරිතයක් වූ ඇය පාසල් ජීවිතයෙන් සමු ගත්තාට පසු නිරූපණ ක්ෂේත්‍රය තුළ ඇගේ ගමන සනිටුහන් කර ගත්තාය. පුංචි තිරයේ ඇගේ රුව දිගහැරුමත් සමඟ වෙළඳ නාමයන් අතර ඇය ප්‍රසිද්ධියට පත්වූවාය. විවිධ විලාසිතා දැක්මවල් සමඟ අන්තර්ජාතික තරගාවලින් ජය ගැනීමෙන් පසු සිරස කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය ද ඇය හිමි කර ගත්තාය. විවිධ විලාසිතාවන්හි නියැළෙන අතරතුර ඇයට සිනමාවට අවතීර්ණ වීමට අවස්ථාවක් උදා විය. මේ දිනවල තිරගත වන lockdown චිත්‍රපටයේ ළමා චරිතය නිරූපණය කරන සහ උප ප්‍රධාන චරිතයක් වන වෛද්‍යවරියකගේ චරිතය නිරූපණය කරන ඇය රාධිකා ගුණවර්ධන හා අශ්ලි ලියානා.


රාධිකාගේ ජීවිතය මාර ලකී කියලා කියන්නේ මොකක්ද?


Miss working girl 2005 බියුටි පැජන්ට් එකේ ජයග්‍රහණයත් එක්ක තමයි ක්ෂේත්‍රයට පිවිසුණේ⁣. 2005 වර්ෂයේ Capri queen top ten look of the year සහ ස්වර්ණවාහිනිය විසින් පවත්වනු ලබන Miss Working girl තරගාවලියකදී ජයග්‍රහණය හිමිකර ගන්නවා. 2007 වර්ෂයේ සිරස කුමරිය තරගාවලියේ දි දෙවැනි ස්ථානය සමඟ මගේ ගමන වෙනස් වෙනවා. මේ කාලවකවානුවේදී ම මම සිංගප්පූරුව සහ මැලේසියාවේ ට ගිහිල්ලා Tourism සම්බන්ධව රැකියාවක් කරනවා. නැවත මම ලංකාවට ඇවිත් 2012 වර්ෂයේ සිරස මාධ්‍ය ජාලයත් සමඟ එකතුවෙලා කැදැල්ල වැඩසටහන කරගෙන යනවා. පසුව ප්‍රවෘත්ති නිවේදිකාවක් බවට පත්වෙනවා. ඒ අතරතුර 2013 වර්ෂයේ සිරස මාධ්‍යයේ Miss world හි gold medall එක ලබාගැනිමද මේ ගමනේ ජයග්‍රහණයක් ලෙස මම දකිනවා. නැවත 2013 වර්ෂයේ දී චීනයේ පැවැත්වුණු ලෝක විවාහක රූ රැජින තරගයේ දි Gold Medal Winner 2015 වර්ෂයේ Miss Asia International Tittle එකක් දිනාගන්නට හැකි වුණා. අන්තර්ජාතික Title දෙකක් එක්ක මෙහිදී පැවැත්වුණු Beauty pageant ගත්තාම title 15ක් මේ වන විට මම හිමිකරගෙන තිබෙනවා. මේ හිමි වුණු දේවල් එක්ක වෙන්නැති ගොඩක් දෙනෙක් මම ලකී කියලා කියන්නේ. 


ඔබේ රුවත් සමඟ වෙළෙඳ දැන්වීම් කලාවට පමණයි නේද යොමු වෙලා හිටියෙ?


ඒක ඇත්ත, මට වැඩිහරියක් වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීමට තමයි අවස්ථාව හිමි වුණේ. එයට හේතුව ලෙස මම දකින්නේ මම විලාසිතා කරණයට යොමු වෙලා හිටපු නිසා වෙන්න ඕන. ඒ හරහා ගොඩක් දෙනෙක් මම අඳුනගත්තේ commercial Modele කෙනකු ලෙසයි. මම ඒ කාලය හරිම ආසාවෙන් තමයි නිරූපණ ක්ෂේත්‍රයේ රැඳීලා සිටියේ. ඒ ගමන නිසා මගේ ගමන් මග වෙනස් කරන්නටත් යම් අවස්ථාවල සිදුවුණා. ඒ නිසා මම 2015 වර්ෂයේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනවා. නැවත ලංකාවට එන්නේ මම 2019 වර්ෂයේ covid ලෝක වසංගතයක් සමඟයි. ඒ ආපු ගමනෙදි තමයි මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. සුජීව අයියා සහ දුලිකා මාරපන අක්කා යන දෙදෙනාගේ ආරාධනයෙන් තමයි පළමුව ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.


පැජන්ට්වලින් අයින් වුණු ඔබ වෙනත්ම දේකට යොමු වෙලා කියලා කියන්නේ මොකක්ද?


මේ ගමනට එන්න ලබාගත්ත අත්දැකීම් සමග තවදුරටත් පැජන්ට්වලට තරග කරන්නේ නැතුව ලබාගෙන තියෙන අත්දැකීම් උපයෝගී කරගෙන රටට යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පසුගියදා වස්කඩුව ජඪබපභඵ හෝටලයේදී අවසන් කරනු ලැබු රටවල් 28 ක සහභාගිත්වයෙන් ලංකාවේ පැවැත්වුණු ර්ඪඵඵ ඹධපතඤ බධභපඪඵථ තරගාවලිය. ලංකාවට අයිති තියන එකම ලෝක පැජන්ට් එක. එහි නිර්මාතෘවරි විමේ වාසනාව ලැබිමද සතුටක්. මේතාක් පැජන්ට්වල හිමිකාරිත්වය දැරුවේ පිරිමි අය පමණයි. එය වෙනස් කරමින් මම අද ලෝකේ ඕඥචභබර නචඨඥචදබ එකක හිමිකාරත්වය දරන එකම කාන්තාව බවට පත්වෙනවා. මේ සියලු දේම පිටුපස සිටින්නේ මගේ ස්වාමියායි. මේ නචඨඥචදබ එකට සහභාගි වුණු සියලු දෙනාම ලංකාවේ විවිධ ආගමික ස්ථාන හා සංචාරක ස්ථානයක් නැරැඹීමට රැගෙන ගියා. ඔවුන් ඒ හැම විටකම කියා සිටියේ අනිත් සංචාරකයන්ටත් මේ ස්ථානයට ඇවිල්ලා දැකබලාගන්න මේ ලංකාවේ තියෙන සුන්දරත්වය කියන එකයි. ලෝකයට අපේ නම රැගෙන යන්නට මේ ආපු සියලු දෙනා හරහා මට කරන්න ලැබීමත් මම ලබපු සතුටක් කියලා මම හිතනවා. මේ හරහා තවත් අන්තර්ජාතික ඉවෙන්ට් දෙකක් කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක මට වගේම රටට ලැබුණු ලොකු භාග්‍යයක්.


ලොක් ඩවුන් සිනමා පටයට සම්බන්ධ වන්නේ කොහොමද?


ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහත්තයාගේ ආරාධනාවකින් තමයි මට lockdown සිනමාපටයට සම්බන්ධ වෙන්නට ලැබෙන්නේ. සිනමාපටයට දුවෙක් අවශ්‍ය වී තිබෙන නිසා සුනිල්.ටී ප්‍රනාන්දු මහත්තයා සිනමාපටය අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්න මහත්තයාටද දැනුම්දීලා තිර පරීක්ෂණයක් කරලා තමයි සිනමාපටයට තෝරා ගත්තේ. සිනමාපටයට දුව තෝරාගන්නට ඉස්සෙල්ලා වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිට තියෙනවා. දුවගේ රංගනයෙන් එකතු වුණු පළවෙනි සිනමාපටයයි. සිනමාපටය ප්‍රධාන භූමිකාව කරන වෛද්‍යවරියගේ දුවට තමයි අශ්ලි ලියානා එකතු වෙන්නේ. එයාගෙ පළමු නිර්මාණයට හොඳ ප්‍රතිචාර මේ වන විට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙමින් පවතිනවා. ප්‍රධාන භූමිකාවේ උප ප්‍රධාන චරිතය වන දෙවන වෛද්‍යවරියගේ චරිතය මට හිමිවුණා. මගේ මුල්ම වෛද්‍යවරියකගේ චරිතයක් මෙම සිනමා පටය හරහා තමයි ප්‍රේක්ෂකයාට දැකගැනීමට හැකි වෙන්නේ.


අම්මයි දුවලා දෙන්නයි එකට රඟපාන කොට මොකද හිතුණේ?


එහෙම සිනමාපට වලට දායක වෙන්නට ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒත් ඒ දෙන්නම කලාවට හරිම නැඹුරුතාවයක් දක්වන නිසා තුන් දෙනාටම එකට රඟපාන්න ලැබීම සතුටක්. ජීවිතය ලැබීම් හා නොලැබීම් කියලා දෙකක් තියෙනවා .ඒ අතර මට ලැබෙන දේවල් වැඩියි. සමහරු කියනවා lockdown සිනමාපටය පවුලම හිර වෙලා නේද කියලා. ඒ කියන්නේ සිනමාපටය සාර්ථකයි කියන එකයි මම දකින්නේ. දුවගේ රංගනය දකින විට මගේ ඇස්වලින් කඳුළු වැටුණා සතුට දරාගන්න බැරිව. 


මේ සිනමාපටය රූපගත කෙරුණේ lockdown කාලය ඇතුළත ම නිසා සමාජයේ සිදු වෙච්ච හැලහැප්පීම් හා මිනිසුන්ට සිදු වෙච්ච දේවලුත් එක්ක මට ගොඩක් දැනෙන්න ගත්තා.


අනපේක්ෂිත ආකාරයෙන් දරුවකු කරන ක්‍රියාකාරකමක් තුළ දෙමාපියන් හැටියට සැලකිලිමත් වීම අතිශයින් වැදගත් බව මේ සිනමාපටය පුරාවටම කියවෙනවා. ලෝක වසංගතය ආවත් නාවත් සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා කියන එක නම් කිව යුතුයි. මේ කතා තේමාව තුළ මට තදින්ම දැනුණේ මමත් දරුවන් තිදෙනෙකුගේ මවක් නිසයි. දෙමාපියන් හැටියට අපි හිතන් නැති පැතිකඩ වල් ගොඩක් විවරණය කරනවා සිනමාපටය තුලින්. ගෙදර වටපිටාව තුළින් තමයි ළමයකු යහපත් සහ අයහපත් බවට පත් වන්නේ. ඒ නිසා ළමයාට යහපත් දේ කියා දීම තුළින් සමාජගත කිරීමෙන් යම් අරමුණක් කරා දරුවන්වට ළඟා විය හැකි බව කියා දෙන්න තියෙන හොඳම පාඩමක් ලෙසත් මේ සිනමාපටය හඳුන්වා දෙන්න පුළුවන්.


ඔබට සහ අනිත් අයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ වෙන විට සාර්ථක ලෙස තිරගත වීම දිවයින පුරා සිදු වෙනවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපි සියලු දෙනාටම ලැබෙනවා. මේ තාක්කල් තිරගත වුණු දින සිට ප්‍රේක්ෂකයන්ගෙන් කිසිදු අනපේක්ෂිත දේවල් අහන්නට ලැබුණේ නැහැ. කදිර දිව්‍ය රාජ සහ කතුරු මිතුරු අතර ලෝක්ඩවුන් සිනමාපටයත් තිරගත වෙනවා කියන්නේ මේ කාලවකවානුව හොඳ ප්‍රවණතාවක් ලෙස දකින්නට පුළුවන්. ප්‍රේක්ෂකයන් අපිව වැලඳ ගන්නවා කියන්නේ අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියන එකයි.


දැනට ඔබ සිනමාපට කීයකට දායක වෙලා තියෙනවද?


මේ වනවිට සිනමාපට පහකට වැඩිය දායක වෙලා තියෙනවා. ලොක් ඩවුන්, මේක පුදුම ලෝකයක්, රිදී සිනු, සාජන් පුණ්‍යසෝම, අපේ ප්‍රින්සිපල් යන එවායි. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයකම දැනට රූපගත කිරීම්වල ඉන්නේ. ඉදිරියේදී මේ සිනමාපට පහෙන් ඉතිරි වි තිබෙන හතර තිරගත වීමට නියමිතයි. වේදිකා නාට්‍යය දෙකකටත් දැනටමත් කතා කරල තියෙනවා.


නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා නේද?


මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආසා කරපු විෂයක් තමයි නිවේදක වෘත්තිය. මම කෙටි කාලයක් සිරස මාධ්‍ය ආයතනය නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඉන්පසු රූපවාහිනිය සහ අයි .ටී. එන්. යන දෙකේම නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ප්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක් ලෙස කටයුතු කළා. මේ වන විට යූටියුබ් නාලිකාවක් වන Miss world tourism නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා ඒ වගේම 1.5 මි. ග්‍රහකයන් ප්‍රමාණයක් මෙම චැනල් එක නරඹ්නවා .මට ඉඩ ලැබෙන හැම විටකම නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නවා. අපේ ජයග්‍රහණ පවතින්නේ බලාපොරොත්තු මතයි.ජීවිතයේ හැම මොහොතකම සතුට රඳා පවත්වා ගත්තොත් ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන්

කියලා මම හිතනවා. 


අශ්ලි ලියානා චුටි දුවට කොහොමද ලොක් ඩවුන් සිනමාපටය ගැන දැනෙන්නේ?


මමයි අම්මි අක්කි තුන්දෙනාම මේ සිනමාපටයේ රඟපෑවා. එක හරිම සතුටක් කියලා මට දැනෙනවා.සුනිල් අන්කල් මට කරන්න කියපු දේ මම කරා.මම හරිම ආසාවෙන් රගපෑවේ. එකේ රඟපාපු අංකල්ලා ඇන්ටිලා ඔක්කොම මට උදව් කළා.


කාර් එකේදි දාලා යනකොට බය හිතුණේ නැද්ද?


චූටි බයක් දැනුණා. ඒත් සුනිල් අන්කල් කියපු විදිහට මම කරපු නිසා ඒක මට එච්චර දැනුණේ නැහැ. මේ සිනමාපටය බලලා සීයලා, ආච්චිලා, අංකල්ලා ඇන්ටිලා අයියලා⁣, අක්කලා මට ගොඩාක් ස්තුතියි කළා හොඳට රඟපෑවා කියලා.මට ඒ නිසා හරිම සතුටුයි. මම රඟපාපු මුල්ම චිත්‍රපටය මේකයි. රූපගත කරන කොට සියලු දෙනත් එක්කම හරිම සතුටින් මම ඒ දවස් ටිකේ හිටියේ.


දුව ඉස්සරහට රඟපාන්න කැමතිද?


ඔව් මම රඟපාන්න කැමතියි. මේ සිනමා පටයෙන් පස්සේ මට කතා කරලා තියෙනවා රඟපාන්න එන්න කියලා අංකල්ලා දෙන්නෙක් තුන්දෙනෙක්. අම්මි තාත්ති දෙන්නා යන්න කිව්වොත් රඟපාන්න යනවා. මම පාසලේදී සෞන්දර්ය වැඩ වලට එකතු වෙනවා.මගේ යාළුවොත් ගොඩක් ස්තූති කරනවා සිනමාපටය බලලා.


චුට් දුවට සහ අම්මට මොනාද විශේෂයෙන් කියන්න තියෙන්නේ ?


මම හරිම ආසයි රඟපාන්න මට හොඳ ළමා චරිත ලැබුණොත් මම හොඳටම රඟපානවා. මාවා තෝරාගත්ත මාමලා නැන්දලා ට සිනමාපටය බලලා මට හොඳ ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තූති කරනවා.


ඇත්තටම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කර්මාන්තය වෙනුවෙන් යම් දෙයක් කරන්න තියෙනවා නම් මම ඒ දෙයට නොපැකිළිව කටයුතු කරන්න මම සූදානම්. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරවලට ඒ සියලු දෙනාටම මම මේක ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. ඉදිරියේදී මගේ හොඳ නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ලැබෙනවා ඒ දේවල් රස විඳීන්න රසවිඳීන්න කියලා හැමෝටම කියනවා.


- නිශ්ශංක විජේරත්න




Previous Post Next Post