ප්‍රතික්ෂේපවීම් දරාගෙන ජීවිතයේ ඉස්සරහට යන නෙරංජනී කියන කතාව මෙන්න

 


ඇය සම්මානනීය නිළියක්...නෙරංජනී ශන්මුගරාජා, ඒ නම කියූ සැනින් ඔබ ඇයව හඳුනනවා... ඇය තුළින් මතුවූ ප්‍රතිභාපූර්ණ රංගන ඇගේ මේ ගමන් මඟ ශක්තිමත් කළා.. ඉතින් අද වෙනකොට තමන්ගේ ගමන තහවුරු කරගත්තු ඇය කාලෙකට පස්සේ ඒ හඬ අවදි කරලා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්...


ඕනම කෙනෙක්ට වයස කියන්නේ ගොඩක් විශේෂ දෙයක්... ඉත්න් සමහ‍ර අය එ වයස හංගද්දී තව සමහරක් දෙනා ඒ වයස ගැන කියන්නේ ගොඩක් ආඩම්බරයෙන්..ඉතින් මේ බලන්නකෝ නිරංජනී එයාගේ වයස ගැන එයා ජීවිතයේ ලබපු අත්දැකීම් පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මෙහෙමයි..


"අපි ලස්සනට ඉන්නවා කියන එක වෙනම එකක්. ඒත් වයසට යනවා කියන එක නවත්වන්න බැහැ. ලයිෆ් එක කියන්නෙ එන්ජෝයි කරන්න ඕන දෙයක්. ඒ නිසා වයසට යන එක ගැන මම නම් සතුටුයි. මට 34 ක් කියලා මම කියන්නෙ ආඩම්බරයෙන්. මොකද මම පරිණත බව මම දන්නවා. විසි ගණන්වලදී ගත්ත තීන්දු තීරණ වැරදි බව මම දැන් දන්නවා."





Previous Post Next Post