කාටවත් ඇඟිල්ල දික් නොකර ඉමු , ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගෙන ඒමට අපි එකතු වෙමු - ඩිල්ෂාන් කියන කතාව



ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන TM ඩිල්ෂාන්පවසනවා.සිය මුහුණුපොත හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු මේ අදහස් පළ කර සිටිනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරී පත්වීමට ද මෙම අවස්ථාවේදී සුභ පැතුම් එක්කරන ඔහු පවසන්නේ අර්ජුන රණතුංග ඉල්ලා සිටින්නේ විදේශගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසයි.ඒ සදහා තමන්ද සුදානම් බවයි ඩිල්ෂාන් පවසන්නේ.




Previous Post Next Post