කින්ග් ඛාන් ලොව ධනවත්ම නළුවන් ලැයිස්තුවට




ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනා අතරට ෂාරුක් ඛාන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 770 ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.අවසන් වරට ෂාරුක් රංගනයෙන් දායක වූ ‘පඨාන්’ සහ ‘ජවාන්’ ඉහළ ආදායමක් ඉපැයූ බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඞ් සිනමා නිර්මාණයන් වේ.ෂාරුක්ගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ, ප්‍රහසන චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ය. ඩුන්කි රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටය දෙසැම්බර් 22 වැනිදා තිරගත වීමට නියමිතව අත.




Previous Post Next Post