ජැක්සන්ගේ බිරිඳ කුමාරිය ඔහුගේ නික්මයාමෙන් පස්සේ ඇගේ හඬ අවදිකළේ මෙහෙමයි

 


ඔහු වසරකට අධික කාලයක්  ජීවිතයත් මරණයත් අතර සටන් කළා....ඔහු මරණයත් එක්ක සටන් කරද්දී ඇය සටන් කළේ ලෝකෙත් එක්ක...තමන් යදින සෑම දෙවියෙකුගෙන්ම ඇය ඉල්ලුවේ ඔහුගේ ජීවිතය... ඇය විශ්වාස කළා ඔහු නැගිටියි කියල... ඒකයි ලෝකෙම ඔහුව අතහරිද්දි ඇය අතහැරියෙ නැත්තේ...ඒත් අවසානයේ ඔහුත් පැරදුණා...ඇයත් පැරදුණා...

ඔහු පිළිබඳ අමුතුවෙන් අටුවාටීකා අවශ්‍ය නැහැ.. සැබවින්ම ඔහු එතරම් හිඩසක් ඉතුරු කර අපි අතරින් නික්ම ගිය චරිතයක්... ඉතින් ඔහුගේ පාසල් වියේ පටන් සිටි පෙම්වතිය ඇයයි...මේ හැම අඩියකින්ම ඉස්සරහට තබන විට ඇය පිටිපස්සේ ඉඳලා නිහඬ ආශිර්වාදයක් වුණා.... මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්... අද ඔහු නිකම ගියත් ඔහුගේ අඩුපාඩුව වැඩිපුරම දැනෙනවා ඇත්තේ ඇත්තේ ඇයට...කුමාරි මුණසිංග නම් වූ ඇය මේ සෝසුසුම් මැද අදහස් දක්වමින් කියා තිබුණේ මේ තරම් ප්‍රතාපවත් චරිතයක් ඇය මින් පෙර දැක නැති බවයි...

හැම වෙලාවකම හැම තත්පරයකම අලුතෙන් දෙයක් හොයන, අලුත් දෙයක් ඉදිරි පරපුරට ඉතුරු කරලා දෙන මේ වගේ චරිත තවත් ඉන්නවාද කියන ප්‍රශ්නය ඇත්තටම දැන් බොහෝ දෙනෙක්ට හිතට නැගෙනවා ඇති... මේ වෆ්ගේ චරිතයක් ආයේ කලාවට කවදා බිහිවෙයිද යන ගැටලු පවතිනවා කියලා ඇය කියනවා...තමන් හොයාගත්ත දෙයක් තව කෙනෙට කම්මැලි නොවන විදිහට ඔහු ඉදිරිපත් කරන්න හරිම රුසියෙක්.. ඒකයි ඉතිහාසය වගෙ කටෝර විශයන් ඔහු අපේ සමාජයට ලබා දුන්නේ...මේ අඩුව පුරවන්න බැරි වුණත්, ඒ අඩුව ටිකක් හරි මකන්න පුළුවන් නම් ඒ ඉතින් ජැක්සන්ගේ දරු තිදෙනාට පමණයි.. ඔහුන්ට ශක්තියක් වෙන්න මේ අම්මා ඉදිරියටත් සූදානමින් සිටින බව නොඅනුමානයි




Previous Post Next Post