පාසල් කාලෙ ඉඳලම මම ශිහාන්ගෙ මාර රසිකාවියක් - පියුමි හංසමාලි

 


ශිහාන් මිහිරංග කියන්නේ තරුණ ප්‍රේක්ෂක හදවත් ආදරණීය ගීත ගායනයෙන් මුසපත් කළ කඩවසම් නිහතමානී, රියැලිටි වේදිකාවෙන් බිහි වූ වෙනස්ම ගායන තරුවක්. ඔහු ප්‍රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගත්තද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙලා සිටියා.ඒ ආදරය තවමත් නොඅඩුව ලබන ඔහු පහුගිය දවසක ''Dreamz of Shihan” නමින් ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණා.


ඒ පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේද ව්ව්ධ සටහන් හා ඡායාරූප හුවමාරු වනවා.ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිත් මෙලෙස සටහනක් තබා තිබුණේ ශිහාන් ගැන පාසල් කාලෙ පටන් තිබුණු ආදරේ අකුරු කරමින්....

”හොඳ වෙලාවට මම ලංකාවෙ හිටියෙ නැත්තෙ. එහෙනම් මම ඔය show එක බලන්න යනවා යනවාමයි.

පාසල් කාලෙ ඉඳලම මම Shihan mihirangaගෙ මාර රසිකාවියක්.

මාත් ගිහින් එහෙනම් බදා ගන්නවා. පෙරලගෙන උම්මා එකක් දෙනවා.

ගෙදර ගියාම මගෙ මාත්තයා ඇඳුම් අරන් යනවලු. උඹ Shihan එක්කම හිටපන් මම යනවා. එදත් අදත් බලනන්කො එයාට තියන ආදරේ.

සංසාරෙ මාර ගොඩාක් පිං කරපු මනුස්සයෙක් ඔය.

මෙච්චර රසික ආදරයක් මීට පෙර කිසිම කෙනෙක් ලබනවා මම දැකලා නෑ.

ඒත් අපෙ අම්මා නම් කියලා තියනවා නාමල් උඩුගමට ඔය වගෙ ලංකාවෙ කාන්තාවන් පිස්සුවෙන් වගෙ ආදරෙ කරාලු.

ඒ ⁣සිංදුවලට ඔහුගෙ පෙනුමට. ඉතින් ඊට පස්සෙ එහෙම කෙල්ලො පිස්සු වැටුණෙ Shihan ට විතරයි මම නම් දන්න විදිහට.

මාත් පාසල් කාලෙ හොඳටම පිස්සු.

අම්මා කන්න දෙන සල්ලිවලින් Shihanගෙ day cards එහෙම එකතු කරා මාර ගොඩාරියක්

good luck Shihan mihiranga ”





Previous Post Next Post