දසුන් වැඩියෙන්ම දුකින් හිටියේ එදා - ක්‍රිකට් දසුන් ගැන බිරිද කාටවත් නොකී කතාවක් කියයි.



දසුන් ශානක කියලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම ක්‍රීඩකයෙක්නේ. ඉතින් අද අපි කියන්න යන්නේ දසුන්ගේ ආදරනීය බිරිද කියපු කතාවක් ගැන පුවත් පතක පල වෙලා තිබුන කතාවක්.


උපුටා ගැනීම

මේ දිනවල හැමෝගෙම අවදානය දිනාගෙන තියෙන්නේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහායි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නායකත්වය දෙන්නේ දසුන් ශානකයි. පසුගිය දින සති කිහිපයේම කරළියේ මාතෘකාව වුණේ දසුන් ශානක සහ නායකත්වය ගැන.කොහොම වුණත් මෙවර ශ්‍රී ලංකා ලෝක කුසලාන කන්ඩායම මෙහෙය වීමේ වගකීම දසුන් ශානක හිමිවී තිබෙනවා. දසුන් ශානකගේ පසුබැසීම ගැන සමාජ ජාලා තුල ඉතාමත් විවේචනාත්මක ලෙස කතාබහ කලත් ඔහුව දිරිමත් කරන්නටත් බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කටයුතු කලා.ආසියානු කුසලාන එක්දින තරඟාවලියේදි අනපේක්ෂිත ලෙස පරාජයකට ලක් වූ පසු දසුන්ගේ හැසිරීම මොන වගේද?සමාජ ජාලා තුල විවේචනයට ලක් වූ දසුන් ගැන එයගෙ ආදරනීය බිරිඳ චේවන්ති කියපු කතාව.

"අන්තිම මැච් එකේදි එදා වෙච්ච දේ ගැන දසුන් ගොඩාක් දුක් වුණා. හරියට කල්පනා කලා. මම හිතන්නේ එයාගේ ක්‍රිකට් ජීවිතයේ වැඩිපුරම දුක් වුණේ එදා දවසේ. හැබැයි අවසන් මහ තරඟයකට යන්න පුළුවන් වුණ එක ගැන එයාට සතුටක් තිබුනා. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා එයාලා ගොඩාක් මහන්සි වෙලා  පුහුනු වීම් කලා.

දසුන් මේ පාර ගියේ විශාල ආත්ම විශ්වාසයකින්.මම හිතනවා එයා හරි  ශක්තිවන්තයි. ඒ වගේම නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්දව සමාජ මාධ්‍ය  තුලින් පැමිණි එක් එක් කතා සම්බන්ධවද ඇය අදහස් දක්වා තිබුනා.

"සමාජ මාධ්‍යවල විවිධ දේ පල වෙලා තිබුනා. ඒත් ඒ කිසිම දේකට කඩා වැටුනේ නැහැ. දසුන් හැමවෙලාවෙම කිව්වේ මම මගේ රට වෙනුවෙන් මගේ උපරිමය කරලා තියෙනවා. ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. එයාලගෙ  කැමැත්ත අනුව මම වැඩ කරනවා කියලා කිව්වා.




Previous Post Next Post