ඕනම චරිතයක් මම අභියෝගයක් විදිහට භාර ගන්න කැමැති - කැළුම් ශ්‍රී

 


මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ දකින කැළුම් ශ්‍රී වර්තමානයේ බොහෝ පිරිසක් ආදරය කරන යොවුන් රංගන ශිල්පියෙකි. වසර කිහිපයකට පෙර කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඔහු මේ වනවිට සිය ස්ථාවරත්වය කෙමෙන් ගොඩ නගා ගනිමින් සිටින රංගන ශිල්පියෙකුද වෙයි. මේ නිසාම මෙවර අප ඔහුටද ඉඩක් වෙන් කළා.


මේ දිනවල අපි ඔබව නිර්මාණ කිහිපයකින්ම දකිනවා?


හිරු රූපවාහිනියේ දිග හැරෙන දිවිතුරා සහ ස්වාධින රූපවාහිනියේ විකාශය වන සික්ස්පක් ටෙලි නාට්‍යයවලින් මාව මේ දවස්වල ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන්. ඊට අමතරව ආරාධනාවක් ලැබිලා තියනවා චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න. ඊට අමතරව තවත් අලුත් ටෙලි නාට්‍යය දෙකක් සඳහා සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ දවස්වල ඒ පිටපත් අධ්‍යයනය කරමින් ඉන්නවා මම.


ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් ඔබ කාලයක් වෙනවා නේද.?


ඔව්. යම් ස්තාවරත්වයක් ක්ෂේත්‍රය තුළ දැන් ගොඩ නගා ගෙන තියනවා කියලා මට හිතෙනවා.හැබැයි තමන්ගේ තැන රැකගෙන මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන එක තමයි ගොඩක්ම අමාරු. මුත්, මගේ බලාපොරොත්තුව නම් මේ තුළ ලොකු ගමනක් යන්න.


තරුණ රංගන ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?


විශේෂයෙන්ම තමන්ගේ විනය රැක ගත යුතුයි කියන අදහසේ මම ඉන්නවා. ඒ වගේම කරන වැඩේ කරන්නන් වාලේ කරන්නේ නැතුව ඊට තමන්ගේ උපරිමය දෙන්න ඕනා. තමන්ගේ පාඩුවේ වැඩේ හරියටම කරනවා නම් කිසිම කරදරයක් නැතුව මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න පුළුවන් වගේම හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසයේ මම ඉන්නවා.


ක්ෂේත්‍රයට එන නවකයින්ගේ අභියෝගයක් නැද්ද ඔබට?


ඇත්තටම එහෙම කිසිම අභියෝගයක් නැහැ මට. එහෙම අභියෝගයක් තියෙනවා නම් ඒ මාත් සමග විතරයි.


කාලයත් සමග දැන් විවිධ නිර්මාණ බිහි වෙනවා නේද?


ඇත්තටම ඒක හොඳ දෙයක් විදිහට තමයි මම දකින්නේ. විවිධ ගුණාත්මක කලා නිර්මාණ බිහිවෙනවා ක්ෂේත්‍රයත් දියුණු වෙනවා කියන අදහසේ මම ඉන්නවා. හොඳ නිර්මාණ බිහිවෙන තරමට  ඒවායේ රඟපාන අපිටත් හොඳ වටිනාකමක් ලැබෙනවා කියලයි මම හිතන්නේ.


ඔබ පෙම්වතාගේ චරිතයටම කොටු වෙලා කියලා අපිට හිතෙනවා?


ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ පෙම්වතාගේ චරිත තමයි. නමුත් මේ දවස්වල විකාශනය වන සික්ස්පීක් එකේ වෙනස්ම චරිතයක් මම කරනවා. පෙම්වතාගේ චරිතය විතරක් නෙමෙයි දෙන ඕනම චරිතයක් මම අභියෝගයක් විදිහට භාරගෙන කරන්න කැමතියි. මොකද, මම අභියෝගවලට කැමති රංගන ශිල්පියෙක්.


පවුලේ අයගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මම විවාහක කෙනෙක්. පවුලේ අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මගේ බිරිඳගෙන්. ඇත්තටම මගේ පවුලේ අයෙගන ලැබෙන ප්‍රතිචාර මගේ රංගන දිවියට හොඳ පිටුවහලක් ලැබෙනවා. ඒ නිසා තමයි මගේ රඟපෑම් කටයුතු අපහසුතාවයකින් තොරව කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.


බුද්ධික සේනාධීර






Previous Post Next Post