නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල ටික් ටොක් හරහා නාදෙන් ගීතය අතිශයින් ජනප්‍රිය වුවද පසුගියදා දකුණු ඉන්දීය කේරළ ළමා ගායිකා මීහා කුට්ටි එරට ටීවී වැඩසටහනකදී එය ගායනා කිරීම සමාජ මාධ්‍ය කලඹන්නක් බවට පත් විය. ඉන් පසුව එය මෙරට ද ජනප්‍රිය විය. නාදෙන් ගීතය මායම් නමින් ටැමිල් වර්ෂන් එකක් බවට පත්වීමට උත්තේජකයක් වන්නේ ද මීහාගේ ගායනයයි. කාංචනා අනුරාධි සමඟින් සුපුන් පෙරේරා ගයන ගීතයට මීහා සම්බන්ධ වන්නේ ද ඒ ඔස්සේය. ගුවනට මුදා හැරි ඇසිල්ලේම එය ජනප්‍රිය වීම ද සුවිශේෂී කරුණකි. ප්‍රාතිහාරී, මහමායා, නාදෙන් වැනි අතිශයින් ජනප්‍රිය වුණු ගීතවලින් ප්‍රේක්ෂක ආදරය දිනූ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පී සුපුන් පෙරේරා එක්වූයේ මායම් නිමවුණු අයුරු අප හා පැවසීමේ අදහසිනි.
නාදෙන් සිංහල වර්ෂන් එකටත් වඩා මායම් ප්‍රේක්ෂකයන්ට දැනිල වගේ නේද?
මායම් කියන්නෙ නාදෙන් ගීතයේ ටැමිල් වර්ෂන් එක. පහුගිය 10 වැනිදා රිලීස් කළා. මේ වෙද්දිත් ට්‍රෙන්ඩිං ලිස්ට් එකේ ඉහළටම ඇවිත්. නාදෙන් ගායනා කළේ මායි කාංචනා අනුරාධියි. මායම් එකේදි මායි කාංචනයි ටැමිල්වලින් කියද්දි මීහා කුට්ටි ඒක සිංහලෙන් ගායනා කරනවා.
ඇයි නාදෙන් ගීතයට ටැමිල් වර්ෂන් එකක් කරන්න හිතුවෙ?
ලංකාවෙ ලොකුවට වයිරල් නොවුණට නේපාලයේ ටික් ටොක් හරහා නාදෙන් සෑහෙන්න වයිරල් වුණා. ඊට පස්සෙ බංග්ලාදේශයේ. ඔය විදිහට දකුණු ආසියාතික රටවල මේක වයිරල් වෙන්න ගත්තා. අපිටත් මැසේජ් ආවා දකුණු ඉන්දියාවෙත් වයිරල් වෙනව කියලා. ඔය අතරෙ තමයි දකුණු ඉන්දීය කේරළ ළමා ගායිකා මීහා කුට්ටි ඒ ගීතය එයාලගෙ ටීවී වැඩසටහනක ගායනා කරන්නේ. අපිත් ඒක දැක්කා. ඊට පස්සෙ නාදෙන් මියුසික් ප්‍රොඩියුසර් චමත් සංගීත් කිවුවා අපි මේකට වෙන වර්ෂන් එකක් කරමු කියලා. මුලින්ම අපි මලයාලම්වලින් කළා. ඒක රිලීස් නොකර අතේ තියාගෙන ඉද්දි තමයි චමත් කිවුවෙ නෑ අපි මේක ටැමිල්වලින් කරමු කියලා. මීහා කියපු එක ලංකාවෙත් වයිරල් වෙන්න පටන් ගත්ත නිසා අපිට හිතුණ මීහත් මේකට සම්බන්ධ කරගන්න ඕන කියලා.
මීහා ඒ වෙනුවෙන් ලංකාවට ආවද?
නැහැ. එයා තාම පොඩි ළමයෙක්. එයාගෙ මවුපියන් සම්බන්ධ කරගෙන එයාල හරහා මීහාගෙ වොයිස් එකේ වෝකල් ටේක්ස් ටිකයි, වීඩියෝ ටිකයි එහෙ එයාර් ලයින් ස්ටුඩියෝ එකක කරල ගෙන්න ගත්තා.
මායම් රිලීස් වුණු ගමන්ම නේපාලයේ වයිරල් වෙලා නේද? නේපාලය අපේ සින්දුවලට ගොඩක් කැමතියි වගේ?
නේපාලයේ තමයි නාදෙන් ගීතයත් මුලින්ම වයිරල් වුණේ. මායම් ගීතයත් රිලීස් වුණු ගමන්ම ටික් ටොක් හරහා වයිරල් වෙලා. මායම් නිර්මාණය කරන්න දායක වුණු කණ්ඩායම ගැනත් මතක් කරන්නම ඕනෙ. සිංහල පද රචනය දුලාන් ARXගෙ. ටැමිල් එක ක්‍රිෂ් මනෝජ්ගෙ. සංගීතය චමත් සංගීත්. මියුසික් වීඩියෝව කළේ පුෂ්පිත නිර්මාල්.
ඔබ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ඔබේ ගීත රියැලිටි වැඩසටහන්වල නිතරම ගැයෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?
රාධාවණී, මහමායා වගේ සින්දු ගොඩක් ආධුනික ශිල්පීන් ගයනවා. මගේ ගීතයක් තවත් අලුත් කෙනෙක් ගයනවා කියන්නෙ මට ලොකු සතුටක්.
සුපුන්ගේ ක්ෂේත්රයට පිවිසීම ගැන සඳහන් කළොත්?
රාධාවණී ගීතයෙන් තමයි ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තේ. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සෙ ප්‍රාතිහාරී, මහමායා නිර්මාණය වුණේ. ඒවත් ගොඩක් ජනප්‍රිය වුණා. ගොඩක් අය හිතුවෙ මං දන්නෙ ඒ ශෛලිය විතරයි කියලා. නාදෙන් කියන්නෙ ඒ රාමුව කඩාගෙන ගිය නිර්මාණයක්. ඒ වගේම රමියා එක්ක රෙගේ ස්ටයිල් එකට කළ ගීතයත් එහෙමයි. මං කැමැති නිතරම සංගීතය තුළ අත්හදා බැලීම් කරන්න.
ඒ වගේම මේ දවස්වල හිරු නාළිකාවෙ විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍යක් වන සංසාරිණීහි තේමා ගීතය ගායනා කරන්නේ කාංචනයි මායි. ධරණි තේමා ගීතයත් මගේ. ඊට අමතරව චන්න පෙරේරාගෙ චිත්‍රපටයක ගීත ගායනා කළා. ආදරණීය ප්‍රාර්ථනා වගේම ඉදිරියට එන්න තියෙන චිත්‍රපට කිහිපයකත් ගීත ගායනයෙන් සම්බන්ධ වුණා.
කොවිඩ් නිසා මගේ කටහඬ නැතුව ගිය අවස්ථාවක් තිබුණා. වෛද්‍යවරුන්ට පවා හිතාගන්න බැරි වුණා මොකද වුණේ කියලා. ගායකයකුට තමන්ගෙ හඬ නැතුව යනව කියන්නේ ජීවිතේම නැති වුණා වගේ දෙයක්. වාසනාවකට මාස තුනකින් විතර මට ආයෙමත් සින්දු කියන්න පුළුවන් වුණා. ඒක නම් අමතක වෙන්නැති දෙයක්.
සිරස වොයිස් කියන්නෙ සුපුන්ට විශේෂ මතකයක් එක්කරපු වැඩසටහනක් නේද?
සිරස වොයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක්. ඒකෙ පස්වැනි කෝච් විදිහට මං සම්බන්ධ වුණා. ඒක විශේෂ අවස්ථාවක්. ආසියාවෙ මීට කලින් පස්වැනි කෝච් කෙනෙකුගෙ සංකල්පය තිබුණෙ නෑ. ආසියාවෙ ඒ වගේ වුණු පළමු කෙනා මම. මීට කලින් ජර්මනිය, ස්පාඤ්ඤය විතරයි මේක කරල තිබුණෙ. තවත් පැත්තකින් මට ඒක සුවිශේෂී වුණේ මගේ තරගකරුවා විදිහට රෙගේ ස්ටයිල් එකට ගයන රමියා ජයග්‍රහණය කිරීම. මීට කලින් ලෝකයේ වොයිස් ටයිට්ල් එකක් ජයග්‍රහණය කරල තිබුණෙ ස්පාඤ්ඤයෙ විතරයි. මේ දෙවැනි වතාව. ඒක තමයි මගේ ජීවිතේ අමතක නොවන හොඳම මතකය.
ලෝකයේම අවධානයට ලක්වුණු සුපුන්ගෙ අවධානය දිනාගනිපු ආදරණීය කෙනෙකුත් ඇති නේද?
ඔය අහන්නෙ ආදරවන්තිය ගැන නම් ඒකට උත්තරයක් නැහැ. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. ප්රසංගවලදි නම් ඕන තරම් මල් ලැබෙනවා. ඒ ඉතින් රසික ආදරේනෙ.