මනෝරත්න මහත්තයාට එදා බනින්න හිත දුන්නේ නැහැ - තුෂිනි ප්‍රනාන්දු




පාසල් යන කාලයේ ඔබ හරි දඟ ළමයෙක් කියලා කියනවා?


ඒ කතාවට මම නෑ කියන්නෙත් නෑ. ඔවු කියන්නෙත් නෑ. ජීවිතේ හැමෝම ඒ කාලේ තමයි සතුටින්ම සිටින කාලයේ. දුවලා පැනලා නටල දඟලලා හිටියේ නැත්තම් ඔය කාල සීමාව තුළ නිකම්ම ගුලිවෙච්ච චරිතයක් වෙන්න මම කවදාවත් කැමැති වුණේ නැහැ. මම හරිම විනෝදෙන් කාලේ ගත කළේ.


 


කෝටිපතියෝ ටෙලි නාට්‍යයට කොහොමද සම්බන්ධ වෙන්නේ?


මගේ ඡායාරූප දැකලා උදිත් වික්‍රමසිංහ මාව චාමර සමරවික්‍රමට හඳුන්වලා දුන්නා ඊට පස්සේ සූම් තාක්ෂණය හරහා සිවගුරුනාදන් මහත්තයා සහ සද්ධා මංගල මහත්යා මට ඔඩිසන් එකක් කළා සූම් තාක්ෂණයෙන් ඒ ඔඩිසන් එක පාස්වෙලා සිවගුරුනාදන් මහත්තයාතමයි මට කතා කරන්නේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා. හරිම කර්කශ පරිසරයක තමයි මේ ටෙලි නාට්‍යය රූගත කිරීම් කළේ.අභියෝගාත්මක චරිතයක් ලෙසට තමයි මට රංගනයේ යෙදෙන්න සිදුවුණේ.හැබැයි ඉතින් හරිම විනෝදජනකයි. මගේ පළවෙනි ටෙලි නාට්‍යය නිසා මම ගොඩක් අත්දැකීම් ලැබුවා මේ ටෙලි නාට්‍යය තුළින්. සිවගුරුනාදන් මාහත්තයා මට කතා කරේ නැත්නම් මට මෙච්චර දුර ගමනක් යන්න හම්බෙන්නෑ කියලා මම හිතනවා. මගේ ජීවිතේ මම ගොඩක් කැප කිරීම් කරල මේ ටෙලි නාට්‍ය රංගන කටයුතු වලට යොමු වුණේ. මට එහි දි ප්‍රවීණයෝ සියලු දෙනාම උදව් කළා. ඒ සියලු දෙනාම ඇත්තෙන්ම මෙ මොහොතේ සිහිපත් කළ යුතුම දෙයක්ය.


 


දැනට නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවා ද?


ටෙලි නාට්‍යය තුනයි, කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ අංජලී ලෙසද, අහස් මාලිගා ටෙලි නාට්‍යයෙන් මීනු ජපඪථඥ ඵජඥදඥ ටෙලිනාට්‍යයේ නිශාදි ලෙසද මම රංගනයෙන් එකතු වුණා. සිනමාපට දෙකයි, දෙවෙනි යුද්ධය සහ ගේම් සිනමාපටයයි


මේ සිනමා පටයෙන් පස්සේ මට සිනමාපට තුනකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. මගේ පළමු සිනමාපටය වෙන්නේ දෙවැනි යුද්ධයයි. දෙවෙනි යුද්ධයට ඉස්සෙල්ලා හැබැයි සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ගේම් සිනමාපටය තිරගත වුණා. ඒත් මම දෙවෙනි යුද්ධය සිනමාපටයෙන් ලබපු අත්දැකීම් මම ජීවිතය කවදාවත් ලබල නෑ කියා කියන්න පුළුවන්.


 


දෙවෙනි යුද්ධය වැනි සිනමා පටයක් ලැබෙයි කියලා හිතුවද?


කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ රූගත කරන කාලසීමාව තුළ මාස දෙකහමාරක් තුළ තමා මේ සිනමාපටයට ආරාධනාව ලැබෙන්නේ. කෝටිපතියෝ ටෙලි නාට්‍ය බලල සිවදාසන් සර් මාව තෝරාගෙන තිබුණේ. කෝටිපතියෝ ටෙලි නාට්‍ය හා දෙවෙනි යුද්ධය මගේ ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුළුවන්. එදා සිවදාසන් සර්. මට කතා කරලා කියනකොට මට දැනුණේ පුදුම සතුටක්. තිර පිටපත අතට ලැබුණට පස්සේ දැනුණේ ඊටත් වැඩිය සතුටක්. මම මගේ හිතින්ම ඇහුවේ ඇයි මෙච්චර ලොකු නිර්මාණයකට මට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද කියන එකයි. මගේ ජීවිතේ මට කවදාවත් හමුවෙලා දැකලා නැති කෙනෙක් මාව නිර්මාණය තුළින් දැකලා ගන්නවා කියන්නේ ඒක භාග්‍යයක් කියලයි මම සලකන්නේ හැම විටම.අපි අදහන ආගම දහම අනුව අපි හරි දේ කළොත් අපිට යම් සාධාරණයක් වෙනවා කියලත් මගේ හිත කියනවා.


රවීණයන් එක්ක දෙවැනි යුද්ධය රංගනයේ යෙදනවිට දැනුණේ මොනවාද?


මුල්ම දවසේ දර්ශන තලයට යන විට මට පොඩි චකිතයක් ඇති වුණා. කුඩා අලි පැටියකු අලි රංචුවක් මැදට යනවා වාගෙයි කියලා මට හිතුණේ.මට ලොකු අභියෝගයක් දැනුණා. මම ආධුනිකයකු සහ මගේ පළවෙනි සිනමා නිර්මාණය වන නිසා. ඒත් මම හිතාගෙන ගිය ලෝකේ සැබැවින්ම වෙනස් වුණා. ප්‍රවීණයන් පුදුම විදිහට මාව දිරිමත් කරලා ඒ චරිතයට සාධාරණයක් කරන්න උදව් කළා. දර්ශන තලයේ සිටි සියලුම දෙනා තිරයේ ඉදිරිපස සහ තිරය පිටුපස කාර්යභාරය කළ එකී මෙකී නොකී සියලුම අය මම ආධුනිකයකු කියලා නොසලකා මට උදව් කළ. එදා මම ජීවත්වුණේ වෙනමම ලෝකයක කියල මට දැනුණා. වෙනමම ෆැන්ටිසියක් කියලයි මම දර්ශන තලයේ දැක්කේ. කුඩා කාලයේ ඉඳලා තිබුණු ආසාවක් තමයි මගේ මේ ඉෂ්ට වුණේ. අධ්‍යක්ෂතුමා තමයි මේ හැමදෙයක් තුළම ඒ චරිතය තුළට මාව ගෙන ගියේ. එතුමාට ගොඩක් පින් කියන්න තමයි මට තියෙන්නේ.


 


ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට බනින කොට මොකද හිතුණේ?


එදා මම ඔහු සමඟ කළ හැම දර්ශනයකදී ම මගේ හිත පුදුම විදිහට චකිතයෙන් ගැහි ගැහී තිබ්බේ. ප්‍රවීණ රංගධරයකු ට ආධුනිකයකු එහෙම බනිනව කියන එකත් ක්ෂේත්‍රය තුළ සිදු වෙන්න පුළුවන්ද කියන එක මට එදා දැනුණා. මම අධ්‍යක්ෂක තුමාගෙන් වරින්වර ඇහුවා සර් මම එහෙම දෙබස් කියෙව්වොත් එහෙම මට බනීද දන්නෑ නේද කියලා. අධ්‍යක්ෂතුමා එවිට කිව්වේ ඔයා එහෙම නොකිව්වොත් තමයි ජයලත් මනෝරත්න මහත්තයා ඔයාටම බනින්නෙ කියලයි. කොහොම නමුත් ජයලත් මනෝරත්න මහත්තයාටත් අධ්‍යක්ෂක තුමාටත් මම හැමදාම ණයගැති කියලා මට හිතෙනවා. මම හැමදාම කියන්නේ කවදාවත් මම ඔහුට නොවේ බැන්නේ චරිතයට පමණයි කියන එක විතරයි. ඔහු වැනි ප්‍රවීණයකු වූ සමඟ රඟපෑමත් මම ලද භාග්‍යයක් කියලයි හිතෙන්නේ. ක්ෂේත්‍රයේ ඉන්න කීයෙන් කී දෙනාටද එවැනි අයත් සමග ප්‍රධාන භූමිකාවක ඉඳගෙන රංගනයේ යෙදෙන්න ලැබෙන්නේ. එදා ඔහු දුන්න ගුරුහරුකම් ටික මම මේ ක්ෂේත්‍රයේ ඉන්නකම් මට වටිනවා කියලා කියන්න ඕන.


 


දෙවෙනි යුද්ධය ඉන්න නිශා තරංගනී ම ද සැබෑ ජීවිතෙත් ජිවත්වෙන්නේ?


දැන් මම මගේ පවුලේ අයත් සමඟ ඉතාලියේ පදිංචි වෙලා ඉන්නේ. මගේ ජීවිතේ කවදාවත් එහෙම ජීවිතයක් නෙමෙයි. ඒත් නාගරීකරණයට වැඩිය මම ඇලුම් කළේ ගම්බද ජීවිතයටයි. මගේ කුඩා කාලයේ සහ පාසල් කාලය වැඩි හරියක් ගෙවුණේ ගම සහ නගරයට සමීප වයි. දෙවෙනි යුද්ධයේ නිශා තරංගනි කළ රංගනය තුළ සැබෑ ලෝකෙත් එවැනිම චරිත ජීවත් වෙනවා කියන එක සැබෑවක්. ඒ වගේමයි ඒ චරිත වැලළිලා යන්නේ සහ වලදමා අවසන් කළේ මොන විදියටද කියලා ධනපති පන්තියේ ඉදිරියේ සොයන්නේ නැහැ. ඒත් මේ නිර්මාණය තුළ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා ලොකු භූමිකාවක් සමාජයට කරල තියෙනවා. මම කැමති හැමදාම නිශා තරංගනී වගේ දෙවැනි වර වෙනස් වන ආගම දහමට ලැදි සංස්කෘතිය සභ්‍යත්වයට ගරු කරන අහිංසක ජීවිතයකටයි. ගැහැනියකට සමාජය තුළ හරියට වටින්නේ අව්‍යාජත්වය යි. මේ සිනමාපටයේ මම ද්විත්ව චරිතයක් රඟපෑවට සැබෑ ලෝකෙ මම තනි චරිතයක්.


ඉදිරියේදී මොනවගේ නිර්මාණවලටද දායක වෙන්නේ?


බොහෝ දුරට මම සිනමාපටවලට කෙටි චිත්‍රපටවලට තමයි වැඩි හරිය දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ටෙලි නාට්‍යවලට දායක වෙයි. හොඳ තිර පිටපතක් ලැබුණොත් මට යම් දෙයක් කරන්න ලැබුණොත් ඒ දේ බාර ගනියි. මෙගා රැල්ලේ ටෙලි නාට්‍යවලට නම් කොහෙත්ම සම්බන්ධ වීමට අදහසක් නෑ ඉදිරියේදී. මම ඉතාලියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ගමන් නිවාඩුව ලැබෙන කාල සීමාව තුළදී තමයි ලංකාවට එන්නේ. ඒ කාලසීමාව තුළදී මට යම් දෙයක් කරන්න පුළුවන් වුණොත් මම ඒ දෙයට මගේ උපරිමයෙන්ම සහයෝගය ලබා දෙනවා. දැනටත් මට සිනමාපට දෙකක ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දෙක වෙනුවෙන් තමයි ඉදිරියේදී එන්න අදහස් කරගෙන ඉන්නේ. පසුගිය කාලසීමාව තුළදී ඉතාලිය ටෙලි නාට්‍ය දෙකක් රූගත කිරීම්වලට අදහසක් තිබුණා ඒත් කෝවිඩ් ප්‍රශ්නයත් එක්ක ඒ දේ මගහැරුණා. ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර පහක කාලයක් ගත වුණා. ඉතාලියේ පදිංචි වෙලා ඉන්න හින්දා මට ලැබුණ හොඳ නිර්මාණ මගහැරුණා.


 


සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි හැමෝම දැන් ජනප්‍රියත්වයට පත්වෙන්නේ ඒ දේට කැමතිද?


මේ මොහොතේත් ඕනම කෙනෙකුට සමාජ මාධ්‍ය ජාලා හරහා ඕනම දෙයක් කරල කොපි කරලා ජනප්‍රියත්වයට පත් වෙන්න පුළුවන්. ඒත් ඒ ජනප්‍රියත්වය කොච්චර කාලයක් පවතිනවා ද කියල කියන්න අමාරුයි. මම ක්ෂේත්‍රයට ආදරෙයි. මම ආපු හිමින් ගමන තමයි මම හැමදාම බලාපොරොත්තු වෙන්නේ. මම නිර්මාණවලට දායක වීමට ඇත්තටම කෑදරයි. බඩගින්නෙන් සිටින සිංහයකු ට දඩයමක් ලැබුණා වගේ නිර්මාණයක් ලැබුණාම ඒ නිර්මාණයට මම හරිම කෑදර කමින් එය සාර්ථක කරගැනීම තමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ. සමාජ මාධ්‍ය ජාලා හරහා ජනප්‍රියත්වයට ආව නම් අද මම කොතනද කියලා කාටවත් කියන්න බැහැ. එය මා දකින්නේ උඩු සුළඟේ ගසාගෙන යාමක් පමණයි. යම් නිර්මාණයක් කරලා එකේ ආස්වාදය විඳීනවා තරම් තවත් දෙයක් මට නම් නැහැ.


 


ජනප්‍රියත්වයක් ලෙස ඔබ දකින්නේ කුමක්ද එහෙනම්?


නිර්මාණයකට දායක වෙලා සමාජගත වෙලා සමාජයට යම් මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒ චරිතයට ජනතාව විසින් දෙන සම්මානය තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ ඕනෑම නිර්මාණයක නළුවා හෝ නිළිය කරන කාර්යභාරය තුළ සමාජයට මෙහෙවරක් කළ යුතුයි. ඉන්පස්සෙ ප්‍රේක්ෂකයා විසින් ජනතාව විසින් ඔහුට හෝ ඇයට ඇගැයීමක් කරනු ඇත. මල්පිපිලා පරවෙනවා ඒ කාලේ කෙටියි කියලා මම හැමදාම හිතන්නේ. එක එක්කෙනා කරන කියන දේවල් මම කවදාවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.අනුකරණය කරන්න මම කිසිදාක කැමති නැහැ. ඒත් ලස්සනට ඉන්න කැමතියි. රූප එකිනෙකට වෙනස්ව පිහිටන්නේ. දක්ෂයන්ට මම හිතන විදියට කවදාක්වත් වරදින්නේ නැහැ.එනිසා ජනතා සම්මානය තරම් ප්‍රබල සම්මානයක් මම කිසිදිනෙක දැකලා නෑ.


මේතාක් කරපු චරිත සියල්ලම එකිනෙකට වෙනස් චරිත ඒත් වැඩියෙන් ප්‍රිය කරන්නේ මොන වගේ චරිත වලට ද?


මම රංගන ශිල්පිනියක් හැටියට මට ලැබෙන ඕනෑම චරිතයක් මම බාර ගන්නවා. හැබැයි ඒ තුළ නිර්මාණාත්මක කාර්යභාරය ඉටු විය යුතු නම් පමණයි. නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක භාවය මම හැමදාම අගය කරනවා. සමහරක් නිර්මාණ තියෙනවා තිරපිටපතේ තියෙන දේට අමතරව වෙනත් දේවල් ඇතුළත් කරනවා. එවැනි නිර්මාණවලට මම නම් කැමති නැහැ. මේතාක් කරපු හැම නිර්මාණයකම මට ලැබුණු චරිතයට මම සාධාරණයක් ඉටු කළා කියලා හිතෙනවා. ඒ නිසා ඒ හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන් වැලඳගත්තා. ප්‍රේක්ෂකයෝ මාව අගය කළා.


 


දෑගිලි බඳීමින් ජීවිතය වෙනස් කරගන්න හිතන් නැද්ද?


මම බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මගේ අනාගත දෙය ප්ලෑන් කිරීමයි. විවාහ වීමේ අදහසක් නම් මගේ තාම හිතකවත් නැහැ. විවාහය කරගන්න ඉස්සෙල්ලා අනාගතයට යමක් කරගන්න ඕන තැනයි මම ඉන්නේ. ජීවිතය කියන්නේ කෙනෙකුගේ විවහයමයි කියලා මම හිතන් නැහැ. පාලම ශක්තිමත් විය යුතුයි ගමන යන්න කියලයි මම හිතන්නේ. ඕනම කෙනෙකුට ආදරය කළත් නොකළත් ආදරේ දැනෙන්න ඕන කියන තැනයි මම ඉන්නේ.


 


මීළඟ අරමුණ මොකක්ද?


මම තාමත් ක්ෂේත්‍රය ගැන ඉගෙන ගනිමින් අත්හදා බලමින් යන්නේ. ක්ෂේත්‍රය තුළ මට ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝ. ඒ නිසා නිහඬව බොහෝ දේවල් ඉගෙන ගන්න ඕන. මම කවදාවත් කැමති නෑ එක එක තැන පල්වෙන චරිතයක් ලෙස රුඳී සිටින්නට. මේ තැනට එන්න ගොඩක් කැපකිරීම් කළා. අවුරුදු තුනක් විතර මම රැකියාවක් නොකර හිටියා. ලංකාවේ සහ අන්තර්ජාතික මට්ටමේ සිනමාපටයකට දායක වීම හා දක්ෂ හොඳ රංගන ශිල්පිනියක් වීමයි මගේ ඒකායන අරමුණ. අවසාන වශයෙන් මට උදව් කළ සියලුම දෙනාට මම ස්තූති කරනවා.


 




 

Previous Post Next Post