ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාගේ විවාහ මංගල්‍ය මේ මස 17 වැනිදා?

 


ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන ශලනි තාරකා ගැන පසුගිය දිනවල හැමෝම කතා කරන්න ගත්තේ ඇය විවාහ වෙන්න යනවා කියන ආරංචියත් එක්කමයි. ඇය ඉතාම ඉක්මනින් විවාහ වෙන්නට සූදානම් වෙන බවට ආරංචි දස අත පැතිරෙද්දි තවමත් ඇය පෙම්වතාගේ ඡායාරූපයක්වත් පළ කරන්නේ නැහැ.ශලනි තාරකා තාරකාවක් විතරයිනේ. ඉතින් මෙයා එයාගේ ආදරවන්තයාගේ පුන්සඳ වෙන්නලු යන්නේ.

ශලනි තාරකා ඉක්මනින් විවාහ වෙන්න යනවා කියලා මාධ්‍යයට කීපවතාවක්ම කිව්වා. නමුත් විවාහ වෙන්නේ කවද්ද කියලා කිව්වේ නැහැ. මේ මාසේ 17 වැනිදා ඒ කියන්නේ ජූලි 17 වැනිදා ශලනි තාරකාට මංගල සීනු හැඬවෙනවා කියලා අපිට ආරංචි වුණා. කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වෙන්න නියමිත මේ විවහා මංගල උත්සවයේ ශලනි තාරකා දෙවැනි මනාලයින් සහ දෙවැනි මනාලයින් වෙනුවට පුංචි මල් කුමර කුමරියන් ටිකක්ලු ඉන්නේ. 





Previous Post Next Post