මම ජීවිතේ කවදාවත් එක ෆේෂල් එකක්වත් කරලා නැහැ- උදාරි වර්ණකුලසූරිය

 



වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්නා වාසනාවන්තම රංගන ශිල්පිනිය උදාරි වර්ණකුලසූරිය බව නිසැකයි. එයට හේතුව වන්නේ ඇය ප්‍රධාන චරිතයට පණ පොවන සිනමාපට ත්‍රිත්වයක්ම මේ වනවිට තිරගත වෙමින් පැවැතීමයි.මේ නිසාම උදාරි මේ වනවිට සෑම මාධ්‍යයකම පාහේ නිතරම දකින්න ලැබෙනවා. මෑතකදී පෞද්ගලික යූටියුබ් නාළිකාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී උදාරි ඇගේ රූපලාවන්‍ය රහස් හෙළි කරනවා.

"මම ජීවිතේ කවදාවත් එක ෆේෂල් එකක්වත් කරලා නැහැ. මට ෆේෂල් කරන්න ඕනේ වුණේ නැහැ. ගෑනුන්ටත් තියෙන්නේ සමක්. පිරිමින්ටත් තියෙන්නේ හමක්. ගෑණු පිරිමි කියලා බෙදාගෙන ගෑනු ෆේෂල් කරන්න ඕනේ පිරිමි ෆේෂල් කරන්න ඕනේ නෑ කියලා එකක් හදාගෙන තියෙන්නේ ඇයි? මම විශ්වාස කරන්නේ ස්වභාවධර්මයෙන් ඒ කියන්නේ කෙනෙක්ට උත්පත්තියෙන් ලැබුනු දේ තමයි මේ ලෝකේ එයාට ලැබුනු ලස්සනම දේ. අස්වාභාවික දෙයක් ගන්නවා කියන්නෙ කෙනෙක් තවත් විරූපී වෙනවා කියන එක. අපිට ස්වභාවධර්මයෙන් ලැබුනු දේ ඔනංවන්න තවත් දේවල් කරන එක හොඳයි. මම නම් කොන්ඩෙ වෙනස් කරන දේවල් මුකුත් කරන්නේ නැහැ. නමුත් කොණ්ඩෙ පාට කරන්න වෙනවා මගේ රංගන කටයුතු නිසා. නිර්මාණයකට වෙනස් කළොත් ඇරෙන්න මම මගේ කොණ්ඩෙ වෙනස් කරන්නේ නැහැ"





Previous Post Next Post