මාලිනි ෆොන්සේකාට කලකට පසුව පැරණි මිතුරිය සෝනියා දිසා මුණගැහිලා

 



මේ දිනවල නිළි රැජින මාලිනී ෆොන්සේකා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර... ඒ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න ගිහින්. මාලිනී ෆොන්සේකාට ඇගේ අතීත යෙහෙළියක් එහිදී මුණගැහිලා තිබුණා.

ඒ වෙන කවුරුවත් නෙමෙයි මාලිනී ෆොන්සේකාසේම අපේ රිදී තිරය වර්නවත් කළ ජ්‍යෙෂ්ඨ සිනමා නිළි සෝනියා දිසා. ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. ඉතින් මාලිනී සොන්සේකා පරණ යෙහෙළියව මුණගැහිලා මුළු දවසම ඇය සමඟ සතුටින් ගත කළා කියලා තමයි ආරංචි වුණේ.  මේ ආදරණීය හමුවීමට ප්‍රවීන රංගන ශිල්පිනී යශෝධා විමලධර්මත් එක් වෙලා තිබුනා. මේ ආදරණීය හමුවීමේ ඡායාරූප කීපයක් ගෙන එය ඇගේ සමාජ මාධ්‍යවල පළ කරන්න යශෝධා අමතක කළේ නැහැ...

"ජනප්‍රිය රංගන ශිල්පිනී සෝනියා දිසාව හමු වුණු නිසා නිළි රැජින ගොඩක් සතුටු වුණා. මාලනී අක්කා ඇගේ දවසම සෝනියා සමඟ සතුටින් ගත කළා. සිනමා ක්ෂේත්‍රයේ දශක 5කට වඩා පැරණි ඔවුන්ගේ මිත්‍රත්වය නැවතත් අලුත් වුණා.."





Previous Post Next Post