මගේ ජීවිතේ මුදුන්මල්කඩ එයා - දීපිකා ප්‍රියදර්ශනි



ඇගේ හඬින් මුමුණපු එක සින්දුවක් හරි අපි හැමෝම ආදරයෙන් වැලඳගෙන තිබෙනවා.. ඒ තමයි ඇගේ හඬේ සුවිශේෂීත්වය.. ඒ ගීත ඇත්තටම භාවනාවක්.. එවන් හඬකට උරුමකම් කියන ඇය මේ වෙද්දී සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.. දීපිකා විවාහ වුණේ ඇගේ ඉරණමේ ලියවිලා තිබුණ විදිහට වුණත් ගොඩක් දෙනෙක් කියනවා ඇගේ අම්මා නිසා තමයි මේ විදිහට ඇගේ විවාහය ප්‍රමාද වුණේ කියලා.. ඉතින් මේ ගැන දීපිකා පුවත්පතකට දක්වලා තිබ්බ අදහසක් අපි මේ විදිහට උපුටා ගත්තා.


".. මම විවාහ වෙන්නෙ නෑ කියලා කවදාවත් කිව්වේ නෑ...මම ජීවිතේ වැඩිකාලයක් ගත කලේ මගේ අම්මා එක්ක.. තාත්තා නැතිවුණාට පස්සේ මගේ ජීවිතේ මුදුන්මල්කඩ වුණේ මගේ අම්මා.. ඒ නිසා අම්මව බලාගන්න එක මම මගේ අතට ගත්තා..මගේ තරුණකාලේ මම ගොඩාක් වැඩ කලා.. ඒත් අම්මා හැම දවසකම කියන්නේ අනේ ඔයාට හොද කෙනෙක් ලැබෙන්න ඕන කියලා... අම්මගේ එකම ප්‍රාර්ථනාව වුණේ ඒක.. අද ඒ දේ ඉශ්ට වෙලා.. ඇගෙ අවසන් සුසුම් හෙලන්න කලින් මට මගේ දරුවන් දෙන්නවා ඇගේ අත්දෙක උඩින් තියන්න පුළුවන් වුණා.. එදා මගේ අම්මා ගොඩාක් අනාවැකි කිව්වා..." දීපිකා තමගේ අම්මා ඇගේ ජීවිතේට සමීප තරම වචනවලට ගලපා ගත්තේ මෙහෙමයි... (උපුටා ගැනීමක්)





Previous Post Next Post