මගේ චිත්‍රපට රූපයෙන්ම සුන්දර විය යුතුයි -චන්න පෙරේරා

චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍රා’ චිත්‍රපටය මේ දිනවල දිවයිනේ සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය වේ. ආත්ම දෙකක ප්‍රේම වෘත්තාන්තයක් රැගත් මේ චිත්‍රපටය චන්නගේ සිවුවැනි සිනමා නිර්මාණයයි. ඔහු විසින්ම තිර රචනය ලියා, අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘යුගාත්‍රා’ පිළිබඳ කතාබහකට පසුගිය දිනක අපි චන්න හමුවුණෙමු. මේ ඔහු සමඟ කළ කතාබහකි.

 ඔබේ ‘යුගාත්‍රා’ චිත්‍රපටය මේ දිනවල දිවයිනේ සිනමා ශාලා රැසක තිරගත වෙමින් පවතිනවා. කොහොමද චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. පසුගිය දින කිහිපය තුළ පීවීආර් සිනමා ශාලාවේ හවුස් ෆුල් දර්ශන කිහිපයකුත් තිබුණා. චිත්‍රපටය නරඹපු බොහෝ දෙනාගෙන් මට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සමහරු ඉන්නවා මේ දින ටික ඇතුළත චිත්‍රපටය දෙපාරක් තුන් පාරත් නරඹපු අය. මම හිතනවා ‘යුගාත්‍රා’ පේ‍්‍රක්ෂකයන් ආදරයෙන් වැලඳගෙන තිබෙනවා කියලා.

 අපි අවුරුදු කිහිපයක ඉඳලා ලොකු සෞඛ්‍ය ප්‍රශ්න මැද්දේ හිටියා. ඊළඟට අපි ආර්ථික අර්බුදයක හිටියා. එවැනි තත්ත්වයක ඉඳලාත් අද මේ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා දකින කොට ඔබට මොනවද හිතෙන්නේ?

ඉතාම සතුටත් දැනෙනවා. අපි පීඩනයකට පත්වෙලා හිටපු ජාතියක්. සෑහෙන කාලයක් අපි ඒ පීඩනයෙන් පිඩා වින්දා. ඒ පීඩනය නිදහස් කර ගන්න දැන් මිනිස්සු ක්‍රමයක් හොයනවා. ඉතිං ඒ සඳහා විනොදාස්වාදය ලබාදෙන ප්‍රධාන මාධ්‍යයක් තමයි සිනමාව කියන්නේ. ඒකෙන් ලැබෙන තෘප්තිය වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑනේ. ඉතින් මම විශ්වාස කරනවා ඒ පීඩනය මඟහරින්න මිනිස්සු සිනමාව වැලඳගත්තා කියලා. අනිත් එක අපි කරන්න ඕන මිනිස්සු සිනමාහල් කරා ගෙන්න ගන්න හැකි නිර්මාණ. ආකර්ෂණීය නිර්මාණ. ඒ විදියට නිර්මාණ කරනවා නම් ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන්ම සිනමාහල් කරා එනවා. තියෙන ප්‍රශ්නවලින් මිදෙන්න. පීඩනයෙන් මිදෙන්න එක්තරා විදියක සිහින ලෝකවලට යනවා. ඒ අත්දැකීම අපි ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයෝ සිනමාහල් කරා ඇදි එනවා.

ඔබට පොඩි හෝ සැකයක් බයක් තිබුණද මේ වෙලාවේ යුගාත්‍රා නිදහස් කරන්න?

නැහැ. මට ඒ ගැන පුදුම විශ්වාසයක් තිබුණා. හේතුව මේ චිත්‍රපටය මීට කලින් කිප වතාවක්ම විශේෂ දර්ශන, ආරාධිත දර්ශන පෙන්නුවා. එක වතාවක් ඕස්ට්‍රේලියාවේ පෙන්නුවා. ලංකාවෙත් කිප වතාවක් පෙන්නුවා. ඒවායින් අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් මට විශ්වාසයක් තිබුණා චිත්‍රපටය අපේ සිනමාවේ යම් වෙනසක් කරයි කියලා. ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනියි කියලා.

ඔබේ සිනමා ගමන් මඟ දිහා බැලුවම ආකර්ෂණීය කතා වස්තු තෝරා ගැනීම, ප්‍රේමයට මුල්තැන දීම වැනි දේ කැපී පෙනෙනවා. මේක ඔබ හිතාමතාම කරන දෙයක්ද?

මම මේ කළේ මගේ හතරවෙනි චිත්‍රපටය. ඒ හැම එකකම කතා තේමාව වෙනස්. දැන් ‘අංජලිකා’ කියන්නේ ප්‍රේම කතාවක්. ඒකේ වචන දෙකක් නෑ ආයේ. නමුත් ‘කල්පාන්තේ සිහිනයක්’ කියන්නේ ඉන් වෙනස් ආකාරයේ එකක්. ඒක ටිකක් ඇඩ්වෙන්චර් ගණයට වැටෙන්නේ. ත්‍රාසය, කුතුහලය තිබෙන චිත්‍රපටයක්. ඊළඟට මම ළමා චිත්‍රපටයක් කළා. ඒක තවම පෙන්වන්න ලැබුණේ නෑ. ළඟදිම පෙන්වන්න ලැබෙයි. ඊට පස්සේ තමයි මම ‘යුගාත්‍රා’ කළේ. ‘යුගාත්‍රා’ කියන්නේ තල දෙකක දිවෙන කතාවක්. උඩුතලයේ දිවෙන්නේ තුන් ඈඳුතු ප්‍රේම කතාවක්. ආත්ම දෙකක් ඔස්සේ දිවෙන. ඒක අනිත් ඒවයින් එහා ගිය බෞද්ධ දර්ශනය පදනම් කරගත් කතාවක්. ඒක තවත් වෙනස් අත්දැකීමක්. ඊට පස්සේ මම චිත්‍රපටයක් කළා.‘ සිහින අනන්තේ’ කියලා. ඒකත් ළඟදිම පෙන්වයි. ඒ නිසා ඒ චිත්‍රපට මට හිතෙන්නේ වෙනස් වෙනස් මාතෘකා යටතේ කළා කියලයි. ප්‍රේමයේ ගැවීමක් හැමතැනම තිබෙනවා තමයි. නමුත් ‘යුගාත්‍රා’ කියන්නේ ප්‍රේම කතාවකට එහා ගිය කතාවක්.

ඔබේ හැම චිත්‍රපටයකින්ම ඔබ නවක රංගන ශිල්පින් ශිල්පිනියන් හඳුන්වා දෙනවා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

අපි ආසයිනේ නැවුම් අත්දැකීමක් විඳගන්න. අපේ ප්‍රේක්ෂකයෝ කැමැති නෑ කලින් දැකපු විදියේ කතාවක් බලන්න. වෙනස් විදියේ කතාවක් තමයි ඇත්තටම මිනිස්සු බලන්න ආස. නව නිළියන් ගේ පැත්ත ගැන බැලුවත් නැවුම් මුහුණු දැක ගන්න ආසයි. ආකර්ෂණිය සිනමාවේ ප්‍රධාන නිළි භුමිකාව සුවිශේෂීනේ. මේ හරහානේ සිනමාව ගොඩනැඟෙන්නේ. අපි හිතුවොත් ජීවරාණිලා ගෙන් පටන් අරගෙන මාලිනි ෆොන්සේකාලා, සබිතා පෙරේරාලා, දිල්හානිලා හරහා ආකර්ෂණීය සිනමාව හැඩ කරපු නිළියන් පිරිසක් හිටියා. ඊට පස්සේ පූජා ආවා. පූජාගෙන් පස්සේ ඇතිවුණ අඩුව පුරවන්න, ඒ හිඩැසට මාෂී සහ අසංකි මම හිතනවා පිටිවහලක් වෙයි කියලා. ඔවුන් නව පරපුරේ දක්ෂ නිළියෝ. අනිත් එක ටෙලිනාට්‍ය වල රඟපාන්නේ නෑ. ඒ නිසා නිතරම දකින්න ලැබෙන්නෙත් නෑ. ඒ සුවිශේෂ කම ඒ අය තියාගෙන තිබෙනවා. අනිත් එක සිනමා නිළියක්ය කියන පෞරුෂය තිබෙන නිළියන් ඉන්නේ අතළොස්සයි. ඒකට වෙන පෞරුෂයක් තියෙන්න ඕන. ඒක නොඅඩුව අසංකි සහ මාෂි ළඟ තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

යුගාත්‍රා හරහා අපේ ප්‍රවීණ නිළි නදිකා ගුණසේකර ගෙන් බොහෝ කලකට පස්සේ චන්න හොඳට වැඩ අරන් තියෙනවා කියලා පේනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?

නදිකා අක්කා මැතකදි කරපු විශිෂ්ටතම රංගනයක් හැටියට මම දකිනවා. ඇය කියනවා ඇය සිනමා ජිවිතයේ කළ හොඳම රංගනයක් මේක කියලා. නදිකා අක්කා හැර මට වෙන කෙනෙක් ඒ චරිතයට හිතන්නත් බෑ. ඇය අති විශිෂ්ට රඟපැමක් කරලා තියෙනවා.

මේ නළු නිළි තෝරා ගැනීම ඔබේමද?

ඔව්, වෙන රටවල කාස්ටින් ඩිරෙක්ටර්ස් ලා හිටියට ලංකාවේ ඒක ගොඩක් වෙලාවට බලපාන්නේ නෑ. තිර රචකයාත් මම නිසා තිර රචනය ලියන දවසේ ඉඳලා මගේ හිතේ චරිත ඇදෙනවානේ. මම හිතනවා ඒ චරිතවලට අතිශය සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා. ලංකාවේ අති විශිෂ්ට නළු නිළියෝ මේකට සහභාගි කරගෙන තිබෙන්නේ. සනත් ගුණතිලක, නදිකා ගුණසේකර, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි අය. ඔවුන් ඉතාම හොඳීන් මගේ චරිතවලට ගැලපිලා විශිෂ්ට රංගනයක යෙදුණා.

යුගාත්‍රා චිත්‍රපටයේ සිනමා ගීත සහ දර්ශනතල විශේෂත්වයත් දක්වනවා. ඔබ කොහොමද ඒ ගැන සැලකිලිමත් වුණේ?

මගේ හැම චිත්‍රපටයකම රූප රාමු ගැන හරියට උනන්දු වෙන කෙනෙක්. ඒ රුපරාමුව හරියටම මට තියෙන්න ඕන. ඒ වෙනුවෙන් මම අතිශය වෙහෙසෙනවා. සමහර දර්ශන පසුතල ඉතාම දුෂ්කර තැන්වල තියෙන්නේ. මේ යුගාත්‍රා චිත්‍රපටයේ තිබෙන විශේෂත්වය තමයි මේ දර්ශන පසුතල කිසිම චිත්‍රපටයක දැකලා නෑ. සියයට අනුවක්ම දර්ශනතල එහෙමයි. මේ වෙලාවේ මගේ පාසල් මිත්‍රයා මනෝජ් පතිරාජට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහුට අයිති වතුයායක තමයි මේක රූ ගත කළේ. ඔහු සහ ඔහුගේ මිත්‍රයන් මට පුදුම විදියට උදව් කළා. මස්කෙළිය ප්‍රදේශයේ මේ දර්ශන පසුතල මට ලබා දෙන්න. සමහර දර්ශන දුටුවම හිතෙනවා මේ ලංකාවද කියලා. එච්චර ලස්සන දර්හන පසුතල හම්බ වුණා. මම ඇතුළු මගේ කණ්ඩායම ඒකට හරියට මහන්සි වුණා.

සංගීතය කියන්නේ මගේ ආත්මයේ කොටසක්. දිනේෂ් සුබසිංහ මේ චිත්‍රපටයේ සංගීතය හරි අපූරුවට නිර්මාණය කළා. ඒක මම හිතන්නේ ආත්මියව බද්ධ වුණා කියලා. මේ චිත්‍රපටයේ එක ගීතයක් මම රචනා කළා. අනෙක් ගිතය වසන්ත කුමාර කොබවක රචනා කළා.

ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. මේ භූමිකා දෙකම චිත්‍රපටයේ අතිශය බැරෑරුම් වගකිම් දෙකක්. ඒක කොයි වගේ අත්දැකීමක්ද?

ඒකට මට ලොකු පන්නරයක් ලැබිලා තියෙනවා. මම ‘පුංචි වීරයෝ’ කියලා ළමා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒකෙන් සමහර දේවල් රඟපාමින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඉතාම දඟකාර, ආම්බන් කරන්න අමාරු ළමයි කිප දෙනෙක් එක්ක අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපානවා කියන එක ලොකුම අත්දැකීමක්. ඊට පස්සේ මට ලැබුණු අත්දැකීම තමයි පූජාව අධ්‍යක්ෂණය කිරීම. ඇය එවකට සිංහල වචනයක් වත් නොදන්න කෙනෙක්. ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපාමින් ‘අංජලිකා’ අධ්‍යක්ෂණය කිරීමද ඉතාම අසිරු, අමාරු වැඩක්. ඉතින් එකටත් මුහුණ දුන්නට පස්සේ දැන් මට රඟපාමින් අධ්‍යක්ෂණය කරනවා කියන එක එච්චර අමාරු දෙයක් නොවෙයි. නමුත් ඒක ලොකු දුෂ්කර ක්‍රියාවක්. චිත්‍රපටය බලත්දි මට ලොකු සතුටත් ලැබෙනවා.

ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

මම ‘සිහින අනන්තය’ කියලා චිත්‍රපටයක් කරලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ මගෙන් ඉල්ලපු දෙයක් තමයි ‘අංජලිකා’ වගේ නිර්මාණයක් කරන්න කියාල. මේක ගීත 5ක් විතර තියෙන ආදරය මූලික කොට ගත් චිත්‍රපටයක්. හැබැයි වෙනස්ම අත්දැකිමක්. නැවුම් කතාවක්. මගේ හැම කතාවක්ම මගේම කතා. මේකේ පෙන්වන්නේ ආදරය කියන්නේ ලබා ගැනීමක් නොව පරිත්‍යාගයක් කියන එකයි. මට මාලිනි ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කිරීමේ වරම මේ චිත්‍රපටය හරහා ලැබෙනවා. ඇය මගේ පුංචි කාලේ වීරවරිය. ඇය අධ්‍යක්ෂණය කිරීමට ලැබීම මට හීනයක්. ඒ හීනේ මෙකෙන් මම හැබෑකර ගත්තා.

අලුත්ම නිර්මාණයකට පසුබිම සකස් වෙමින් පවතිනවාද?

මට ඇත්තටම ළමයි වෙනුවෙන් යමක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. කලින් කරපු ‘එකයි දෙකයි තුනයි’ කියලා චිත්‍රපටයකුත් තියෙනවා. ඒක තාම තිරගත වුණේ නෑ. අද ළමා අවධිය සහ තාරුණ්‍යය කියන එක බොහොම තරගකාරි දෙයක් බවට පත්වෙලා. අපේ කාලේ අපි වින්ද නිදහස දැන් නෑ. ඒක හරිම ඛේදනීයයි. ඒ වෙනුවෙන් නිර්මාණයක් කරන්න පසුබිම සැකසෙමින් එනවා.

 හේමාලි විජේරත්න

Previous Post Next Post