අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම පැරණි නර්තන සම්ප්‍රදායන්වල පැවැතිය යුතු අගනාකම් සහ සුන්දරත්වය එලෙසින්ම පවත්වා ගනිමින් නර්තන ශෛලීන් නිර්මාණය කරන නර්තන ශිල්පිනියක් වගේම මෝස්තර නිරූපණ ශිල්පිනියක් තමයි සාරා අබේවර්ධන කියලා කියන්නේ. ඒ වගේම ඇය දැන් ප්‍රාසාංගික නර්තන රියැලිටි තරගවලට නැතිවම බැරි විනිසුරුවරියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ගොඩක්ම පැරණි සම්ප්‍රදායට ගරු කරන කෙනෙක් වගේම එම සම්ප්රදාය නව නිර්මාණවලට යොදාගන්න කෙනෙක් කියලයි ඇය කියන්නේ.
ඒ වගේම සාම්ප්‍රදායික නර්තනය ප්‍රායෝගිකව සහ ලිඛිතව හරියට හදාරපු කෙනෙක් විදිහට එහි වටිනාකම දන්න කෙනෙක් කවදාවත් නිර්මාණයකට හානියක් කරන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇය බය නැතිව නව නිර්මාණ කරන්නේ සහ කරන අයට සහයෝගය දෙන්නේ සම්ප්රදාය ගැන දැනුමක් තිබෙන අයට විතරයි කියලයි සාරා නම් කියනේ. නමුත් සම්ප්රදාය නොදැන දැනුමක් නැතිව බිහිවෙන නිර්මාණත් ගොඩක් තිබෙනවා කියලත් ඇය කියනවා.