කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ අපේ රටේ තරුණ පරපුරේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය අතරින් ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ සුද්දි චරිතයට ඇයට බෙහෙවින් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම කාවින්ද්‍යා ගැන පසුගිය කාලයේදී විවිධ කතා අහන්න ලැබුණත් ඇය මේ වන විට ආදරය උපරිමයෙන් විදිමින් ඉන්නේ.
ඉතින් කාවින්ද්‍යා දුල්ෂානි ආදරය කරන ඇගේ පෙම්වතා බුද්ධික ජයවර්ධන. ව්‍යාපරිකයෙක් වන බුද්ධික ජයවර්ධන ජීවත් වෙන්නේ මෙල්බර්න් නුවර. ඉතින් විනෝදාංශයක් හැටියට ඔහු ගීත රචකයෙක් විදියටත් වැඩ කටයුතු කරනවා. ඉතින් කාවින්ද්‍යාට ඇගේ පෙම්වතා මුණ ගැහුණු ආකාරය ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” එයාව මට උණ ගැහුනේ ගීත රූප රචනාවකට ශූටින් කරන්න ගියාම. දමිත් අසංකගෙ අලුත් ගීතයට රූප රචනයට මට බුද්ධික මට කතා කලා. ඒ දැන හදුන ගැනීමත් එක්කයි ආදර කතාවක් පටන් ගත්තේ. මියුසික් වීඩියෝව කරලා ඉවර වුනාම එයා මට ගෙදර ගියාම කෝල් කලා. මමත් බලන් හිටියේ කතා කරනකම්. මම එකපාරට එයාට කැමතියි කිව්වෙ නෑ. එයා මට දක්වන ගරුත්වය වගේම මාව පියෙක් වගේ රැක බලා ගන්නවා. මේ අවුරුද්දෙ අග අපි විවාහ වෙනවා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ෂානි අදහස් දක්වලා තිබුණේ.