ටැටූ කියන්නේ කලාවක්.හැබැයි සමහර වෙලාවට අපි ඉක්මන් වෙලා ගහන ටැටූ එකක් නිසා පස්සේ කාලයකදී හිත් වේදනාවට පත් වෙන්න පුලුවන්.ඉසුරු කියන්නේ ඒ දේට මුහුණ දුන්න රංගන ශිල්පියෙක්. පසුගිය දවසක වැඩසටහනකට සහභාගී වෙමින් තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් ඔහු හැමෝමත් එක්කම බෙදා ගෙන තිබුනේ මෙහෙමයි.
"මගෙත් ටැටූස් දෙකක් තියනවා. එකක් කකුලේ අනිත් එක පිටේ . මේ මෝඩ කමට කරපු මෝඩකම් වහපුවා... කවදාවත් ඔයාගේ හස්බන්ඩ්ගෙ , යාළු වෙලා ඉන්න අයගේ නම් ටැටූ කරන්න එපා. මගේ අත්දැකීමෙන් කියන්නෙ පෙම්වතියන්ගේ නම් ගහන්න එපා...
ලංකාවේ මෝඩම නළුවෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් කාවින්ග පෙරේරා. අනිත් කෙනා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. දෙන්නම නම් දෙක ගැහුවා කාවින්ද කලා පපුවේ, මම කලා පිටේ. දෙන්නටම මකන්න වුණා. කරනවා නම් තමන්ගේ නම කරගන්න,තමන්ට තමන් ෂුවර්. "