සැමියා කිව්වා ගෑණියෙක් ගත්තේ වැඩකාරයො උයන කෑම කන්න නෙමෙයි කියලා - උරේෂා රවිහරි



අපේ රටේ සිටින සුරූපී ගීත කෝකිලාවීයක් තමයි උරේෂා රවිහරි කියන්නේ.මීට වසර ගණනාවක සිටම අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ඉතාමත් සුන්දර චිත්‍රපටි ගීත රැසකට රැසකට ගායන දායකත්වය ලබාදුන් ඇය අපේ රටේ සිටින අද්විතීය ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය ආදරණීය මවක් වන අතර පසුගිය දවසක ලහිරු මුදලිගේ හරි ටීවී සමග සාකච්ඡාවක් සමඟ එකතු වී සිටියා.එහිදී ඇය මේ විදිහට අදහස් දක්වා සිටියා.

“මම හරිම නිදහසේ හිටපු කෙල්ලෙක්. ඉතින් එහෙම හිටපු මට විවාහ ජීවිතය මුල් කාලයේදී ගොඩක් අමාරු උනා. මොකද සැමියාගේ වැඩ කටයුතු කරන්න ඕන උදේම නැගිටලා උයන්න පිහන්න ඕන.ඒ වගේම තමයි මට වයස අවුරුදු 18 විතර වෙනකන් මගේ අම්මා තාත්තා ආච්චිලා ගෙන් මට පුදුම විදිහට රැකවරණයක් තිබුණා. මම සින්දු රෙකෝඩින් කරන්න යනකොට කවුරු හරි කෙනෙක් මගෙත් එක්ක එනවා.

මගේ විවාහ ජීවිතය ගැන කතා කළොත් මම විවාහ වුණේ ටිකක් වයස පහු වෙලා.ඒකට හේතුව තමයි කලා ක්ෂේත්‍රයේ සිටින ගොඩක් දෙනා විවාහ ජීවිතය පිට පිට අසාර්ථක කරගන්නවා.ඒ දේවල් එක්ක මම ගොඩක් බය වුනා.නමුත් ගෙදරින් බල කරා විවාහ වෙන්න.ඒ උනාට මම කලා ක්ෂේත්‍රය තුළ කිසිම විදිහකින් නරක නමක් හදා ගත්තු කෙනෙක් නෙවෙයි.මේ වෙනකම් කිසිම කෙනෙක් වැරදි විදියකට මගේ දිහා බලලාවත් නැහැ.ඒක නිසා හරිම නිදහස් ජීවිතයක් ගත කරපු කෙනෙක් මම. මට ඒ කාලේ නෙවෙයි සින්දු කරලා ප්‍රසංග වලට ගිහිල්ලා අම්මලා තාත්තලා එක්ක ගෙදර යනවා ගෙදර ගිහිල්ලා මම පුදුමාකාර නිදහසේ ඉන්නවා.මම දවල් 12 ට තමයි නැගිටින්නෙ.උදේට තේ එක ඇඳ ළඟට එනවා කෑම බීම හොඳට ළඟටම හම්බවෙනවා.ඒ දේවල් එක්ක මම කල්පනා කළා ඇයි මම විවාහයකට හිර වෙන්නේ කියලා.

ගැහැනියක් විදිහට මගේ පුතා මට පුදුමාකාර ශක්තියක්.මම හිතනවා මම හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් කියලා.මගේ පුතා ඉන්න නිසා මට මුලු ලෝකෙම එක්ක උනත් සටන් කරන්න පුළුවන් වගේ ශක්තියක් හැඟීමක් මට එනවා.”

එතකොට මට සර්වන්ට්ස්ලා දෙන්නෙක් හිටියා. මගේ සැමියා මුල් කාලේ කිව්වා මම ගෑණියෙක් ගත්තේ වැඩකාරයො උයන කෑම කන්න නෙමෙයි කියලා. ඒක තදින්ම මගේ මගේ හිතට දැනුණා. මම එහෙම වෙන්න කැමැති නෑ. ඊටපස්සේ මම මගෙ දරුවාගේ වැඩකටයුතුත් තනියම කරන්න පටන්ගත්තා. ටික ටික අනිත් ගෙදර වැඩ ටිකත් කරන්න ගත්තා. මම සියලුම දේවල් කළමණාකරණය කරන්න පුළුවන් වුණා. තනියම ඒ හැමදෙයක්ම කරගෙන පහුවදා රෙකෝඩින්ග් තියෙනවා නම් මම ඒ වෙලාවත් මගේ වෘත්තිය වෙනුවෙන් කැප කළා.

ඉතින් මේ විදිහට තමයි කලකට පසුව පැමිණි සාකච්ඡාවේදී අදහස් දක්වා සිටියේ.





Previous Post Next Post