පියුමි හංසමාලි සුසන්තාට උදව් කරන්න ගිය කතාවේ ඇත්ත මෙන්න




ලංකාවේ නිරූපන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය දිනා ගත්ත ඇය පියුමි හංසමාලී. නම කියපු සැනින් ඕනම කෙනෙක් දන්න පියුමිට ඉස්සරනම් විවිධ විවේචන අහන්න ලැබුණත් දැන්නම් ගොඩක් දෙනා ආදරය කරනවා. ඒ තරමටම හිත හොද පියුමි අනුන්ට උදව් කරන කෙනෙක්. මෑතකදී ඇගේ හොදම යාලුවා චන්දිමාල් ජයසිංහ එක විදෙස් සංචාරයක ගියපු පියුමි හංසමාලී රූපලාවන්‍යාගාරයක් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. ලංකාවේ ඉන්න සුරූපිනියක් විදියට හිත හොද පියුමි ඇගේ ජීවිතය ඉතාම සතුටින් විදිනවා කියලනම් කිසිදු සැකයක් නෑ. කියන්න තියෙන දේ මුහුණට කියන පියුමි සමාජ මාධ්‍ය නිතරම භාවිතා කරනවා. ඒ වගේම පසු ගිය දා ඇය ඇගේ ෆේස් බුක් මාධ්‍ය හරහා සටහනක් පළ කරලා තිබුණා.

ප්‍රවීන රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලී නැවතත් පිළිකා රෝගයට ගොදුරු වීම නිසා ඇය ඇගේ සමාජ මාධ්‍ය හරහා ඒ සදහා යන වියදම දරාගන්න අමාරු ගානක් නිසා සියලුදෙනාගෙන්ම උපකාරය බලාපොරොත්තු වුණා. ඉතින් මේ පෝස්ට් එක දුටු පමණින්ම පියුමි හංසමාලී ඇයව සම්බන්ධ කරගන්න උත්සහ කලත් පියුමිට කිසිම ප්‍රතිචාරයක් සුසන්තා චන්ද්‍රමාලී ඇතුළු ඔවුන්ගේ පවුලේ කිසි කෙනෙක් දක්වලා තිබුනෙ නෑ. ඉතින් පසුගිය දවසක සජිත් ප්‍රේමදාස මහතා සහ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සමගින් ප්‍රවීන රංගන ශිල්පිනිය බලන්න නිවසට ගිය නිසා වෙන්න ඇති සුසන්තා චන්ද්‍රමාලී ඇතුළු පිරිස පියුමි හංසමාලිට ප්‍රතිචාර නොදැක්වූයේ යැයි කියලයි පියුමි සදහන් කරලා තිබුනේ. ඉතින් මේ සෑම දෙයක්ම පියුමි හංසමාලී ඇගේ ෆේස් බුක් ගිණුමේ සටහන් පළ කරමින් ප්‍රේක්ෂකයන්ට කියලා තිබුණා.





Previous Post Next Post