මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න - සජී මොහොට්ටිගේ




මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන හීනයකි මේ ආදරේ ටෙලිනාට්‍යයේ ටාෂිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ. කොහොම නමුත් ඇය කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිවේදන ශිල්පිනියක් විදිහටයි. ඒ වගේම ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක් මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය හිරු ටීවී එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම හිරු ටොප් ටෙන්, වින්දනීය උදෑසන ඉදිරිපත් කරන්නෙ ඇය. ඉතින් ඒ අතරේදී රඟපාන්න ආවා කියලයි සජී නම් කියන්නේ. කොහොම නමුත් රඟපෑමට එන්න ඇයගේ හිතේ මුලදී අදහසක් තිබුණෙ නැතත් අහම්බයකින් වගේ රංගනයට එන්න අවස්ථාව ලැබුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මීට පෙර හිරු නාලිකාවේ ෂැඩෝ නාට්‍යයේ රඟපෑවා. ඒත් දිගට යන චරිතයක් විදියට මුලින්ම රඟපාන්නෙ ITN එකේ යන හීනයකි මේ ආදරේ නාට්‍යයේ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය පුංචි කාලේ ඉදන්ම නිවේදනය ගැන තමයිලු හිතුවේ. ඒ නිසා ඒ ගැන උනන්දු වෙලා රූපවාහිනි, ගුවන් විදුලි දෙකේම අද නිවේදිකාවක් විදියට වැඩ කරනවා කියලත් සජී කියනවා. කොහොම නමුත් රඟපෑම හිතුව තරම් ලෙහෙසි නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ටීවී එක ඉස්සරහා ඉඳගෙන නරඹනවා වගේ නෙවෙයි රඟපාන්න ආවට පස්සෙ රඟපෑම මොකක්ද කියලා තේරුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය නිවේදනයට අමතරව ඩබ් කරනවා වෙළඳ දැන්වීම් වලටත් ඉන්නවා. ඉතින් රඟපෑම එක්ක ඇයට තවත් දේ ඉගෙන ගන්න ලැබෙනවා වගේම ඇය මේ වන විටත් මියුසික් වීඩියෝ වගේම මොඩ්ලින් එහෙමත් කරනවා.

ඒ වගේම ඇයට තිබුණු ලොකුම හීනය වන ටී.වී. ප්‍රසන්ටර් කෙනෙක් වෙන එක ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඇයගේ සිහිනය රඟපෑමෙන් දුරකට යන එකලු. ඒත් එක්කම ඇයට දැන් පිරිමි ළමුන්ගෙන් ප්‍රතිචාර සහ ආදර යෝජනා බොහෝවිට ලැබෙනවා කියලත් සජී කියනවා. කොහොම නමුත් ප්‍රේමයකට නොයා, මුලින්ම ඇයට ඕනෑ කරන්නේ ඇය කරන මේ වෘත්තියෙන් ඉහළට යන්න පුළුවන් විදියට ඇයගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට මහන්සි වෙන එක කියලයි ඇය කියන්නේ. ඉතින් හරිම කෙනා හරීම හරිම කාලයේදී ඇයට හමුවේවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.





Previous Post Next Post