මගේ පුතා මමයි බිරිදයි වගේ වෙනවට මම කැමති නෑ - චාමර වීරසිංහ




ලංකාවේ කාගේත් රසවින්දනයට ගායනා කරන කොයි කාගේත් හදවතේ ගායකයා තමයි චාමර වීරසිංහ කියන්නේ. ඔහු ගායනා කල ගීත අතර රෝස පෙති අතුරාලා, මතකයන් ඔබේ, හිත හෙමිහිට හදාගන්න, ජීවිතයේ හොදම හරිය, උමතුකලා, කිරිවෙහෙරේ මලුව වටෙ, කුමුදු ලියේ සද එලියේ, කිරි වෙහෙරට යන පාරේ, ගුරු ගෙදරට හැමදා එන වැනි ගීත ගණනාවක්ම ඔහු විසින් ගයන ගීතයි.

ඉතින් ලාංකීය ප්‍රේක්ෂකයන් ප්‍රාසාංගික වේදිකාව තුළ අනිවාරෙන් බලාපොරොත්තු වෙන ඒ හඩට බොහෝ දෙනෙකුගේ ආදරය හිමි වෙනවා. ඉතින් චාමර වීරසිංහ නාමය කිසි විටෙකත් කොතරම් ගායන තරු බිහි වුනත් නැති වෙන්නෙ නෑ. ඉතින් මේ වන විට ආදරණීය පියෙක් වන චාමර වීරසිංහ ගායන ශිල්පියා තම පවුලට අංක එක දෙමින් පවුලත් සමගින් සතුටින් ජීවත් වෙනවා. එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අපේ හදවතේ ගායකයා අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.


” මගෙ පුතා තවම පොඩියි. එයා මියුසික් කරනවට මම කැමති නෑ. එයා මම වගේ වෙන්නෙ නැතුව බිරිද වගේ වෙන්නෙ නැතුව වෙනමම අංශයකින් ඉදිරියට යනවට කැමතියි. රූපය අම්මා වගේ. මම ගායනා වේදිකාවට ගිහින් මගේ සිංදු හොදින් කියනවා. අමුතුවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න මොකුත් කරන්නෑ.”


මේ විදියටයි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post