ගායකයෙක්, නර්තන ශිල්පියෙක් විදියට කාගේත් ආදරය දිනාගන්න ඔහු දුෂ්යන්ත් වීරමන්. දුෂ්යන්ත් ගායනා කරන ගීත අතර ප්‍රේක්ෂකයන් ආසා කරපු ගීත විදියට ඔමරි ලතා, දේදුන්න වාගේ, ගෝමර මාලා, වාසනා ලොවක්, නෙලුම් විලෙන් වැනි ගීත ගණනාවක්ම ප්‍රේක්ෂක අපි අතර ඉතා ජනප්‍රිය ගීතයන්.ඉතින් දුෂ්යන්ත් වීරමන් හිරු නාලිකාවේ විකාශය වුණු හිරු සුඔඅර් ඩාන්සර් වේදිකාවේ විනිසුරු මඩුල්ලත් නියෝජනය කරපු කෙනෙක්. ඉතින් දක්ෂ ගායකයෙක් වන ඔහු මේ වන විට විවාහ වෙලා ඉන්නේ. දුෂ්යන්ත්ගේ ආදරණීය බිරිද තමයි ස්ටෙෆනි සිරිවර්ධන. ඇය දක්ෂ නිවේදිකාවක් විදියට අපි කවුරුත් දකින්නේ සිරස වොයිස් තරගාවලියට නිවේදනය සදහා එකතු වීමත් එක්කයි.
ඉතින් කලා ක්ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයන් දෙකක් වන දුෂ්යන්ත් සහ ස්ටෙෆනි ගායනා කල සිරි සග බොධි ගීතය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා වයිරල් වුනා. ඒ නිසාම ඔවුන් දෙදෙනා ගැන ගොඩක් දෙනෙක් කතා කරන්න වුනා. ස්ටෙෆනිට සිංහල වචන උච්චාරණය ටිකක් අපහසු නිසා ඒ ගැනත් වැඩිපුර මේ පවුල ගැන කාගේත් අවධානය දිනා ගන්න හේතුවක් වුණා. ඉතින් බිරිද හැටියට ස්ටෙෆනිගේ විශේෂත්වය ගැන දුෂ්යන්ත් මේ විදියටයි එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ.
” ඇත්තටම ස්ටෙෆනි මාර කෙල්ලෙක්. එයා මට මගේ ජීවිතේට ලැබුණු ලොකු තෑග්ගක්. එයා ජීවිතේ දිහා බලන විදිය හරි වෙනස්. අපි කොල්ලො විදියට දෙයක් ගැන හිතනවට වඩා එයාලා හිතන්නේ හරි පුදුම විදියට. අපි ගෑණු කෙනෙක්ට ආදරේ කරන්නේ පෙනුමට, කෑම හදලා දෙනවට, තේ එක හදලා දෙනවට වගේ දේවල් වලටනෙ ආදරේ කරන්නේ. නමුත් එයාලගෙ ආදරේ ගොඩක් තියෙයි. ඒක තේරෙන්නෙ ගෑණු කෙනෙක් වගෙ හිතන්න ගත්තම.”