ශලනි තාරකා කියන්නෙ මගෙම අක්කා, ඒක වචනයක් විතරක් නෙමෙයි - අනුරාධා එදිරිසිංහ




වෙළද දැන්වීමක් හරහා ක්ශේෂ්ත්‍රයට ආපු ඇය අද වන විට රටක් ලෝකයක් වසග කරගන්නා අයුරින් රංගනය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ. ඇය තමන්ට ලැබෙන ඕනෑම චරිත රංගනයක් හරහා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන තරුණ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇයව අපිට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘ කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ හිරුණි මිස් විදියට දැක ගන්න පුලුවන්. ඒ වගේම ඇය රංගනය කල තවත් ටෙලිනාට්‍යය විදියට රාවණා, නන්නත්තාර, සුසුම් රස්තියාදුව වැනි ටෙලිනාට්‍යය කිහිපයක්ම පෙන්වා දෙන්න පුලුවන්.

ඉතින් අනුරාධා එදිරිසිංහ සදහන් කරන ආකාරයට ඇයට ලොකු ලොකු අනාගත බලාපොරොත්තු නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් රංගනය කරන අතරතුරේ තවම රංගනය ගැන හදාරන කෙනෙක් තමයි ඇය. ඇය හිතන්නේ තවම ඇය ආධුනික රංගන ශිල්පිනියක් කියලා. ඉතින් ක්ශේෂ්ත්‍රයේ ඇය ළගින්ම ඇසුරු කරන කෙනා ගැන මේ විදියටයි එක්තරා පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ක්ශේෂ්ත්‍රයේ වැඩියෙන්ම ආදරේ කරන්නේ ශලනි අක්කාට. එයා මගේම අක්කා. ඒක වචනයක් විතරක් නෙමෙයි. වචනයෙන් පරිපරිසමාප්ත අර්ථයෙන්ම එයා මගේම අක්කා. මම එයාට ගොඩක් ආදරෙයි.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා ගැන අනුරාධා එදිරිසිංහ කියලා තිබුණේ.





Previous Post Next Post