දුවෙක්ට තමයි හීන මැව්වේ, රෝස මලක් හම්බවුනා - දිනූෂා සිරිවර්ධන




පුංචි තිරයේ වැඩිපුර දකින්නට නොලැබුණත් ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයනම් අඩු වෙන්නේ නෑ. ඒ තරමට ප්‍රේක්ෂකයන් ආදරය කරන ඇය සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය චරිතයක්. ඇය ඇගේ සමාජ මාධ්‍ය හරහා ඇගේ ඡායාරූප ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගන්නවා. ඉතින් දිනූෂා රංගනයෙන් දායක වුණු ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘නෙතූ’ ටෙලිනාට්‍යයේ ඇයව දැක ගන්නට ලැබුණත් වැඩිපුර ඇයව අපිට පුංචි තිරය හරහා දැක බලා ගන්නට ලැබෙන්නෙ නෑ. කලා ක්ශේෂ්ත්‍රයට සමබන්ධ වෙන කෙනෙක් සමගින් විවාහ වෙන දිනූෂා මේ වන විට අදරණීය මවක්. ඉතින් ආදරණීය දුව ගැන අංජුලා මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” කොතන ගියත් හැමෝම අහන්නේ ආරාධ්‍යා කෝ කියලා. දැන් එයා කෝලම් මල්ලක්. ආසවුණේ හීන මැව්වේ දුවකට. ඉතින් ඒ වගේම රෝස මලක් ලැබුණා. ගොඩක් සතුටුයි.’’

ඉතින් නිරූපන ක්ශේෂ්ත්‍රයේ සහ මියුසික් වීඩීයෝ හරහා මෙන්ම වෙළද දැන්වීම් තුලින් දැක ගන්න ලැබෙන දිනූෂා මනාලියක් විදියට ඇය දෙදහස් වතාවක් විතර නිරූපනය කරලා තියෙනවා කියලා සදහන් කරනවා.





Previous Post Next Post