හෂිනි හොඳට දන්නවා මාව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලා – ධනංජ්ය සිරිවර්ධන



රංගන ශිල්පියෙක් විදියට ලැබෙන චරිතයට උපරිම සාදාරණයක් කරන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ධනංජ්ය සිරිවර්ධන කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ධනංජය සිරිවර්ධන සමග, 


ඉතින් ධනංජය මේ දවස්වල නිලමේ කෙනෙක් වෙලා නේද..? 

”ඔව් ළඟදීම විකාශනය වෙන්න නියමිත වෙලා තියෙන චන්ඩි කුමාරිහාමි කියන ටෙලිනාට්‍යයේ උඩියන්කුලම නිලමේ කියන චරිතයට මම පන පොවනවා, ඒක ඉතිහාස කතාවක්, ඇත්තම කියනවනම් ටිකක් දුෂ්කර චරිතයක්, මේක වසර දෙසීයකට තුන්සියකට කලින් වෙච්ච දෙයක් නිසා ඇත්ත නැත්ත දන්නේ නෑ, හැබැයි සමහර අය කියනවා මේක ඇත්ත කතාවක් කියලා, ඒ වගේම මේක ප්‍රභන්ධයක් කියලත් කියනවා, මේ දවසල අපි ඒ නාට්‍යයේ වැඩ වෙනුවෙන් කතරගම ඇවිත් ඉන්නේ”

මේ වෙද්දී ධන්ජය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් ඉතින් කියන්නකෝ බලන්න ඒ ගැන විස්තර ටිකක් ?

”ඔව්, මම අධ්‍යෂණය කරපු පලවෙනි නාට්‍ය ළඟදීම විකාශනය වෙන්න පටන් ගනීවි, පහුගිය කාලයේ මම අධ්‍යක්ෂණය කරපු නම්බර් නයින් ටෙලිනාට්‍ය විකාශනය වුනා, ඒ නාට්‍ය රූගත කරන කාලයේ මම ජීවත් වුනේ ඒ චරිත එක්කමයි, ඒ චරිත සේරම මගේ මනසේ තිබ්බා, චරිත ඇතුලට ගිහින් තමයි මම දෙබස් ලිවුවේ, අධ්‍යක්ෂණය කරද්දී කැමරාව එක්ක මම හිතින් රඟපාලා තියෙනවා, ඉතින් මම නිර්මාණයක් කරන්නේ ලොකු කාලයක් අරගෙන, ඒ නිසා නිතර නිතර මගේ නිර්මාන එන්නේ නෑ, කාලෙකින්එකක් දෙකක් ආවත් හැමෝගෙම ආකාර්ශනය දිනාගන්න පුළුවන් වෙනවා”

ධනංජය ආදරණීය බිරිඳ හෂිනි එක්ක ගෙවන ජීවිතයට කොහොමද..? 

”එයා මගේ ජීවිතයට සම්බන්ද වීම සහ, මගේ ජීවිතයට ඇයව සම්බන්ද කරපු පිරිසක් හිටියා, ඉතින් ඒ විදියට හෂිනි මගේ ජීවිතයට සම්බන්ද වීම එක්ක මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා, ඇය මගෙත් එක්ක සම්බන්ද වුනේ නැත්තන් අද මම මේ වගේ තැනක නෑ, සමහර විට මට ඇය හමුවුනේ නැත්තන් මම අදටත් විවාහ නොවී ඉන්නට තිබ්බා, ඇය පැමිණීම එක්ක සේරම වෙනස් වුනා, ඇය තමයි මගේ ජීවිතේ හොඳම කෙනා,”

හෂිනි හදන කෑමවලින් ඔයා කන්න ආසම කෑම මොනවද..? 

”එහෙම විශේෂත්වයක් නෑ, සශිනි දන්නවා රස කියන දේ එක්ක මාව සතුටු කරන්න අපහසුයි කියලා, ඒ වගේම එයා හරියටම දන්නවා මාව කොහොමද සතුටු කරන්න පුළුවන් කියලා, එයා හදන ඕනෑම කෑමක් මට රසයි, ඒ වගේම කෑම කියන මාතෘකාවෙදී අඩුපාඩු නොකියන කෙනෙක් මම, හැබැයි හෂිනි හදන කෑම අපේ අම්මා හදන කෑම වගේ ගොඩක් රසයි,”





Previous Post Next Post