බොහෝ දෙනෙකුගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිනවල විකාශය වන ප්‍රසන්න ජයකොඩි ගේ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යෙය් ‘සිරි’ වෙන්නේ මහේන්ද්‍ර පෙරේරායි. මහේන්ද්‍රගේ ටෙලිනාට්‍ය කලා ජීවිතෙය් ‘සිරි’ ට ලැබෙන තරම් ප්‍රතිචාරයක් මින් ඉහත නොලැබුණු බවයි ඔහු කියා සිටියේ. වර්තමාන ටෙලි නාට්‍ය කලාවේ ඉඳහිට හෝ මෙවැනි නිර්මාණ යක් දක්නට ලැබීමත් එක් අතකින් සතුටට කාරණයක්. පසුගිය කාලය ඇතුළත අපේ ටෙලි නාට්‍ය කලාව අවගමනයට ලක්වූයේ සැබැවින්ම මෙවන් නිර්මාණයන්ගේ පහස ටෙලිනාට්‍ය කලාවට අහිමි වීම නිසාවෙනි. විශේෂයෙන්ම මුදල් මතම පදනම් වූ සමාජයක රුපියල් සත පස්සේම හඹා ගිය බැවින් මිනිස්සුන්ගේ රසාස්වාදය, ආදරය, සෙනෙහස, ගැඹුරු මිනිස් සබඳතා වැනි දෙයින් ඈත්ව සරල, විනෝදාත්මක දේටම ලැබුණු ප්‍රමුඛතාවය මේ හිඩැස ඇති වෙන්නට එක්තරා හේතුවක් වුණා. කෙසේ වෙතත් මෙවර අපගේ අවධානය යොමු වූයේ ප්‍රසන්න ජයකොඩි ගේ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘සිරී’ ගේ චරිතය නිරූපණය කරන ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා වෙත.
ටෙලි නාට්‍යයේ පසුතල ඉතාමත් සුන්දරයි. කොහෙද මේ ටෙලිනාට්‍යය රූපගත කළේ?
ගලහ ප්‍රදේශයේ සුන්දර පරිසරයක. ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කළේ කොරෝනා කාලෙදි. අනිත් පැත්තෙන් මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ පොඩි නළු නිළි කණ්ඩායමක්. ප්‍රසන්න ජයකොඩි හරිම අවධානයකින්, පරිස්සමකින්, හොඳට කාල වේලාව අරගෙන තමයි ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් කළේ.
අපි නව නිළියෝ වශයෙන් ලොකේෂන් එකට ගියාම නිරායාසයෙන්ම ඒ චරිතවලට ඉබේම ආරූඪ වුණා.
ඔය සුද්දියි, සිරියි දෙන්නම මීට කලින් ලංකාවේ රසිකයන්ට හමුවෙනවා නේද?
ඔව්. ඒ ප්‍රසන්න ජයකොඩි ගේ 28 චිත්‍රපටයෙන්. නමුත් 28 සිරිට හම්බවෙන්නේ සුද්දි ගේ මිනිය.
මේ ටෙලි නාට්‍යයෙන් කියවෙන්නේ සිරිට සුද්දි මුණ ගැහෙන හැටි. නමුත් කොයිම වෙලාවකවත් අපි චිත්‍රපටය පිළිබඳ අවධානයකින් කටයුතු කළේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා අලුත් ටෙලි නාට්‍යයක් විදියට තමයි රූපගත තිරිම් කළේ.
මේ කතාවේ එන සිද්ධිය එක්තරා අන්දමක සත්‍ය සිදුවීමක්. නමුත් ප්‍රසන්න ජයකොඩි ඒක වෙන ආකාරයකට මතු කරලා කතාවක් නිර්මාණය කරනවා.
අති විශාල සමාජ විග්‍රහයක් ඇතිවන ආකාරයට, මනුෂ්‍යත්වය ගැන කතාවෙන ආකාරයට ප්‍රසන්න නිර්මාණශීලිව මේ කතාව ලියනවා.
මිනිස්සුන්ට මේ තරම් මේ දැනෙන්නේ ප්‍රසන්නගේ ලියවිල්ලද?
ලියවිල්ල විතරක් නොවෙයි. ඔහුගේ අධ්‍යක්ෂණය. මේ හැම දෙයක්ම. ප්‍රසන්න නිර්මාණයක් වෙනුවෙන් දැඩි කැපවීමකින්, උවමනාවකින් කටයුතු කරන කෙනෙක්. ඒ කැපවීම, ඒ උවමනාව අවසානයේ ඉතුරු කරන්නේ හොඳ නිර්මාණයක්. ප්‍රසන්න මේ උවමනාව තුළ ඔහු අපෙන් ඉතා සියුම් රංගනයක් ඉල්ලා සිටිනවා. ඔහු ඉල්ලා සිටින ඒ සියුම් හැඟීම් කොහොම හරි අපි ගන්න ඕන. සමහර අවස්ථාවල අපි හුඟක් වෙලාව අරගෙන බොහෝ තැන් සාකච්ඡා කරනවා.
ඒ විදියට අපිටත් හිතා ගන්න බැරි විදියට චරිත වලට කිඳා බැස්සා. මම ලොකේෂන් එකට ගිය ගමන්ම නිකම්ම ‘සිරි’ බවට පත්වෙනවා.
මේ ටෙලිනාට්‍යයේ බොහොම අඩු චරිත ප්‍රමාණයක් නේද තිබෙන්නේ?
ඔව් චරිත 4-5 ක් තියෙන්නේ. නමුත් ඒවා රංගනයේ බලකණු විදියටයි මම දකින්නේ. සරත් කොතලාවල, සේමිණි ඉද්දමල්ගොඩ, ප්‍රදීප් රාමවික්‍රම සහ මම අතර තමයි මේ කතාව දිව යන්නේ. චරිත පොඩි ප්‍රමාණයක් වගේම ටෙලි නාට්‍යය කොටස් 27න් ඉවර වෙනවා. නමුත් ප්‍රසන්නට ඕන නම් ඔය කතාව තව දිග්ගස්සන්න තිබුණා.
කොටස් 30-40න් ඉවර කරන්නත් තිබුණා. සමහර වෙන වෙන සිද්ධින් තිබුණු දර්ශනත් ප්‍රසන්න ඉවත් කළා. වෙන කෙනෙක් නම් ඕක කොටස් 30-40ක් දක්වා වත් ඇද ගන්නවනේ.
නමුත් ප්‍රසන්නට ඕන වුණේ එහෙම දෙයක් නොවෙයි. හොඳ නිර්මාණයක් කරන්න විතරයි. එතනදි ඔහුට නාට්‍යයේ කොටස් ගණන වැදගත් වුණේ නෑ.
ප්‍රසන්නලා එදා ඉඳන්ම වැඩ කරන්නේ තමන්ගේ කෘතිය දරුවෙකුටත් වඩා ආදරෙන් රැක බලා ගනිමින්නේ.
සිරි ගේ චරිතය ඔබට දැනුණේ කොහොමද?
‘සිරි’ වගේ චරිත අනන්ත අප්‍රමාණ මේ සමාජයේ ඉන්නවා. මේ කතාවට වස්තු විෂය වුණු ඒ සත්‍ය කතාවෙත් එහෙම කෙනෙක් ඉන්නවා. අතීතය කොහොම වුණත් ආදරය අවංකව දැනෙන මිනිස්සු අපි අතර ඕන තරම් ඉන්නවා. මේ අයට ඒ කාන්තාවගේ අතීතය වැඩක් නෑ. කවදාවත් හෝද හෝද මඩේ දැමිල්ලකුත් නෑ.
ආදරේ නම් ආදරේ ප්‍රකාශ කරලා ඒ විදියට යනවා. ටෙලිනාට්‍ය කරන තුරුම අපි එකඟතාවයකට ආවා මීට කලින් කරපු 28 ගැන කතා කරන්නේ නෑ කියලා. අපි අලුත්ම දෙයක් විදියට තමයි ‘එයා දැන් බැඳලා’ කරගෙන ගියේ.
නමුත් ‘28’ ‘අබසිරි’ හිතේ කොනක ප්‍රින්ට් වෙලා තියෙනවානේ. නමුත් ‘සිරි’ ගේ ජීවිතේ වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ දර්ශන ගත කරන්නේ.
එතැනදි ඔහුගේ ගති පැවතුම්, සිරිත් විරිත් සහ ඔහුට ආදරය දැනිච්ච එක හරි සියුම් ලෙස එළියට ගන්න වුණා. ඒක හරි අසීරු කාර්යයක්. ප්‍රසන්න ගේ අධ්‍යක්ෂණ කාර්යය තමයි ඒ සියුම් තැන් එළියට ගැනීමේ මූලික දේ වුණේ. එකක් තමයි ප්‍රසන්න ජයකොඩි ගේ ලියවිල්ල. ඒ ලියවිල්ල තුළ අපට කිමිදෙන්න පුළුවන් ෂෝක් එකට. ඔහු හොඳට ඒක ඩිවලොප් කරලා ලියලා තිබුණා. ඔහු ලියපු දෙබස් විතරයි අපි කියන්නේ. ඒ ඔක්කොමත් එක්ක ‘28’ ‘අබසිරි’ අමතක වෙලා එයාගේ වෙන කාලයක් ලොකේෂන් එකේදී ඉබේම මතු වෙනවා. ඒකත් එක්ක මේ නාට්‍යය හරි අලුත් බවක් දැනුණා. ආදරයත් සමඟ යන ගමනක් නේ මේක ඇතුළේ තියෙන්නේ.
ජීවිතේ කිසි දවසක ‘සිරි’ කියන මනුස්සයට ආදරයක් ලැබිලා නැහැ. දැනිලත් නෑ. මේ මනුස්සයා සුද්දි තුළින් ඔහුගේ අම්මව දකිනවා. අම්මගේ හිනාව, අම්මගේ පාට ඔහු දකිනවා.
ඊට පස්සේ තමයි අවංක ආදරයක් ‘සුද්දි’ කෙරෙහි ඔහු තුළ ගොඩනැඟෙන්නේ. ඒ හැඟිම් හරි සියුම්ව ප්‍රසන්න මගෙන් එළියට ගත්තා.
මෑත භාගයේ ඔබ ටෙලිනාට්‍යවලින් දකින්න ලැබුණේ අඩුවෙන්?
ඔව්. හුඟාක් කාලෙකට පස්සේ තමයි මේක කළේ. මිට කලින් චරිත් අබේසිංහගේ ‘ නම්බර් නයින්’ කියලා ටෙලි නාට්‍යයක් කළා.
ධනංජය සිරිවර්ධන ගේ තිර පිටපතකට. ඒක විකාශය වුණු කාලේ පවර් කට් එක ආවා. ඒ නිසා ඒක බොහොමයක් දෙනාට මඟ හැරුණා.
ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ඉතා කුණු ලාබෙට ලොකෙ වටෙන් කුණු ගොඩවල් ගෙනත්, ඉන්දියාවෙන්ද, කොරියාවෙන්ද මන්දන්නෙ නෑ දෙබස් කවලා පෙන්වලා ඊළඟ පරම්පරාව මෙලෝ රහක් නැති ගොන්නු ටිකක් කළා. රසවින්දනයෙන් පොහොසත් ඊළඟ පරම්පරාවක් හදන්න ඒවට බෑ. මං හිතන්නේ ආයතන දෙකක් වගේ තියෙනවා ඒ රසවින්දනය හදන්න පොඩ්ඩක් හෝ කැපවෙන. ඇත්තටම කිව්වොත් අපිට හොඳ ටෙලිනාට්‍ය කලාවක් තිබුණානේ. ඒ කාලේ අපේ නාට්‍ය කලාවත් එක්ක ඉන්දියාවට හැරෙන්නවත් බෑ. ඉන්දියාවට හැරෙන්න පුළුවන් වුණා නම් පුළුවන් වුණේ ‘මල් ගුඩි දවස’ නාට්‍යයෙන් විතරයි. මම දන්න විදියට. කොහොමහරි අපිට එවැනි නාට්‍ය කලාවක් තියෙද්දි මේ ඉතා ඉක්මනින් රුපියල් හම්බ කරන්න හින්ද, සම්පූර්ණයෙන්ම මනුෂ්‍යත්වයද, රසවින්දනයද ඒ ඔක්කොම අමතක කරල දාල ජරාවල් ගෙන්වල පෙන්වන්න පටන් ගත්තා. අනිත් එක තමයි කිසිම සොයා යෑමක්, හැදෑරීමක් නෑ.
අපේ රටේ හොඳ දක්ෂතාවයන් තියෙන නළු නිළියෝ ඉන්නවා. නැතුවා නෙමෙයි. නමුත් හැදෑරීමක්, සොයා යෑමක් නෑ. අද වෙලා තියෙන්නේ ජනප්‍රිය වුණු ගමන් එතැනින් එහාට හැදෑරීමක් නැති කම.
ජනප්‍රියත්වය ලැබුණු ගමන් එතනින් එහාට ඕන තව ටෙලිනාට්‍ය විතරයි. ඊට පස්සේ එකතු කරන්නේ ෂර්ට්, කලිසම්, සපත්තු විතරයි.
ඔබ මේ ක්ෂේත්‍රයට ආවේ ලොකු හැදෑරීමකුත් එක්ක. ක්ෂේත්‍රයට පැමිණිලාත් දශක ගණනාවක් වෙනවා. එහෙත් නිර්මාණ ගත්තොත් මහ ලොකු ගාණක් නෑ නේද?
මම ආව කාලෙත් එක්ක එන එන ටෙලිනාට්‍ය කළා නම් මෙලහට හාර පන්සීයක් කරන්න තිබුණා. නමුත් එහෙම ලොකු ගණනක මම රඟපාල නෑ. ජීවිතේටම එකම එක මෙගා නාට්‍යයකට විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකත් යුතුකමක් ඉෂ්ට කරන්න කරපු දෙයක්. මේ තාක් කල් මට මෙගා ටෙලිනාට්‍ය ඕන තරම් කතා කරලා තියෙනවා. මම ගියේ නෑ. සතියේ දවස් පහ පෙන්වන එකට මම විරුද්ධයි. සමහර ටෙලිනාට්‍ය මම රඟපාලා ඉවර වුණාම මගේ දැනුමෙන් තොරවත් සතියේ දවස් පහ පෙන්වනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. මට නඩු කියාගෙන දඟලන්න යන්න බෑ.
නමුත් දැන් මම කරන්නේ මම පරිස්සම් වෙලා තීරණයක් ගන්න එක. දැන් ඉන්න පරම්පරාවට වෙලා තියෙන්නේ ජනප්‍රිය වෙනවා කිව්වම ඊට වැඩිය දෙයක් නැති වීම. ඒක ඔටුන්නක් වගේ දාගෙන දිනපතාම ටී.වී. එකේ ඉන්න ආසයි. ඒ අය දන්නෙ නෑ අන්තිමට ඔවුන් රූපවාහිනි කුරුල්ලා වගේ වෙනවා කියලා.
පසුගිය කාලයේ ඔබ අසනීපයෙන් පසුවුණා. ඒකත් එක්ක කලා කටයුතු මඟ ඇරඅණද?
සමහර නිර්මාණ මං නිසා පොඩ්ඩාක් පස්සට දාපු අවස්ථා තිබුණා. මාස 8ක් වගේ කාලයක් මුකුත් කරන්නේ නැතුව හිටියා. ‘එයා දැන් බැඳලා’ කළේ මම අසනීප වෙන්න කලින්.
දැන් මොනවද කරන්නේ? අලුත් නිර්මාණ වලට සම්බන්ධ වුණාද?
ප්‍රසන්න විතානගේ ගේ අලුත් චිත්‍රපටයක් පටන් ගන්නවා පෙබරවාරිවල. ඒකේ මම රඟපානවා. ප්‍රසන්න ජයකොඩි චිත්‍රපටයක් කරන්න යනවා මාර්තු මාසේ. ඒකටත් සූදානම් වෙනවා. ක්‍රිෂ් ඇන්තනී ගේ අලුත්
චිත්‍රපටයකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. අප්‍රේල් වෙනකොට වගේ පටන් ගනීවී. ඔක්කොම චිත්‍රපට තමයි ලැබිලා තියෙන්නේ.
මේ දිනවල ඔබ රඟපාන ‘ගින්දරී’ චිත්‍රපටයත් ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා.
සිනමාවට පොඩි පණක් ලැබිලා තියෙනවා වගේ දැනෙනවා. පසුගිය කාලේ ආපු චිත්‍රපට කිහිපයකුත් ආදායම් වාර්තා තැබුවා. මිනිස්සු ඉන්නේ මහා කඩා වැටිල්ලක. මිනිස්සුන්ට කන්න නෑ. නමුත් මිනිහෙකුට රසවින්දනය කියන එක ජීවත් වෙන්න හරි වැදගත්. සමහර අය ‘ගින්දරී’ රස විඳීන්නේ නැති වෙන්න පුළුවන්. වෙනත් දෙයකට ආස වෙන්න පුවවන්. එහෙම වෙන්න පුළුවන් නමුත් මිනිස්සුන්ට රසාස්වාදය කියන එක ඕන.
මේ දවස්වල ඔබ ප්‍රේක්ෂකයන් හමුවෙන්නේ අන්ත දෙකකින්. ඒ ගැන මොනවද හිතෙන්නේ?
ගින්දරි හරහා හාස්‍යීත්පාදක චරිතයකින් හමු වෙනවා. ඒ වගේම ‘එයා දැන බැඳලා’ නිසා හරිම සිරියස් විදියටත් හමු වෙනවා. මගේ සිනමා ප්‍රේක්සකයෝ ඒ පැත්තෙන් හමුවෙනවා. මේ පැත්තෙන් මගේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ හමු වෙනවා. ඒ වගේම තව නොබෝ දිනකින් අලුත් චිත්‍රපටයකිනුත් හමු වෙනවා.
ඒ ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයෙන්. පෙබරවාරි මාසේ ඒක තිරගත වීමට නියමිතයි. මම සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. සිනමා නිර්මාණ නම් තව 8-10ක් විතර එන්න තිබෙනවා.
මහේන්ද්‍රගේ සලකුණ සිනමාව කියලා මට හිතෙනවා?
මට ඕන වුණේ සිනමා නළුවෙක් වෙන්න. මම සිනමාවට ආවේ 1978 ගාමිණී ෆොන්සේකා මහතා ගේ ‘සක්විති සුවය’ චිත්‍රපටයෙන්.
ඒ වුණාට මම වේදිකාවත් සෑහෙන කාලයක් ඇසුරු කළා. විභාග කළා වගේ වේදිකාව කළා. ‘පුන්තිලා’ වගේ නාට්‍ය කළේ විභාගයක් කරනවා වගේ. ඊට පස්සේ මම වේදිකාවෙන් අයින් වුණා. ඊට වැඩිය මම සිනමාවෙන් තෘප්තිමත් වුණා. වේදිකාවෙන් තෘප්තිමත් නෑ කියන එක නෙවෙයි ඒකෙන් කියැවෙන්නේ.
නමුත් මේ රටේ පවතින තත්වයත් එක්ක වේදිකාවත් එක්ක විතරක් ඉඳලා ජීවත් වෙන්න බෑ. අනිත් එක ලයනල් වෙන්ඩ්ට් එකේ රඟපාල
ඊට පස්සේ කහටගස්දිගිලිය වගේ ඉස්කෝලෙක වේදිකාවක රඟපාද්දි ඔළුව පොළොවේ ගහ ගන්න හිතෙනවා. ඒ දුක, වේදනාව විඳිනවට වැඩිය හොඳයි මේක කරන්නැතුව අයින් වෙන එක.
මොකද මගේ ටාගට් එක වුණේ සිනමාව. ඒක මම කොහොම හරි අල්ල ගත්තා. මොකද සිනමාවේ ඒ ප්‍රක්ෂේපණය හදන එක ලේසි නෑ. ඒක බොහොම බුද්ධිමත්ව කරන්න ඕන වැඩක්. ඒක කොමඩි වේවා, කතාත්මක වේවා අපි බොහොම බුද්ධිමත්ව ඒක කරගෙන යන්න ඕන.
ගුරුවරයාගේ භූමිකාව තුළත් මහේන්ද්‍රගේ චරිතය කැපී පෙනෙන්නක්?
මගේ මහේන්ද්‍ර පෙරේරා රංගායතනයත් අපි නැවත පටන් ගත්තා. මත්තේගොඩ තැනක් අරගෙන. බොහොම පිළිවෙළකට පටන් ගත්තා.ප්‍රදීප් රාමවික්‍රමත් එක්ක.
හැබැයි ඉතින් ඇත්තම කිව්වොතින් බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. ඒකට සහභාගි වෙන ළමයින්ට වුණත් මුදල් ගෙවාගැනීමේ සෑහෙන අපහසුතාවයක් තිබෙනවා.
අපි මේ ස්ථානයටත් අති විශාල මුදලක් ගෙවනා. ලයිට් බිල්, වතුර බිල් ගෙව්වට පස්සේ වෙන මුතකත් නෑ. ඊට පස්සේ යන එන ඒවා, කන බොන දේ අපේ අතින් තමයි.
මේක ලාබ හොයන වැඩක් නොවෙයි. අමාරුවෙන් කරගෙන යන වැඩක්. ළමයි බොහොම අමාරුවෙන් එන්නේ. අපිට ළමයින්ට බල කරන්නත් බෑ.
කොහොමහරි මම අවුරුදු 25-30ක් තිස්සෙම මේක කරගෙන ආවා. 1980 ගණන්වල මම මේක පටන් ගත්තේ බූඩි කීර්තිසේන සමඟ විභවි ආයතනයේ. මේකෙන් බිහිවුණ රංගන ශිල්පින් ලොකු ප්‍රමාණයක් අද ක්ෂේත්‍රයේ ඉන්නවා.
අද වනවිට ලේසියෙන් කරගෙන යනවා ප්‍රදීප් රාමවික්‍රමත් මාත් සමඟ මේකට සම්බන්ධ වෙලා සිටින නිසා. දැන් ප්‍රදීප් වැඩේ අල්ලගෙන යනවා. මම බැක්ග්‍රවුන්ඩ් එකේ ඉනන්වා. අසනීප වුණායින් පස්සේ තවමත් මට වැඩිය මහන්සිවෙන්න, කෑ ගහන්න හොඳ නෑ. තව අවුරුද්දක් විතර යයි යථා තත්ත්වයට පත්වෙන්න.
දැන් අපි අපේ වැඩමුළු කරන්නේ සෙනසුරාදා, ඉරිදා සහ බදාදා දිනවල. කණ්ඩායම් තුනකට. කොහොමහරි ළමයි 100ට ආසන්න පිරිසක් ඉන්නවා. ඊළඟ පරම්පරාව මේ විෂය පිළිබඳ දැනුවත් කරන එක තමයි අපේ ඒකායන බලාපොරොත්තුව. අද වෙන්නේ මොකක් හරි ටෙලි නාට්‍යයක කෑල්ලක් හම්බ වුණාම එතැනින් එහාට අයාලේ යන්න පටන් ගැනීමනේ. ඊට පස්සේ ඔහේ රඟපාගෙන යනවා මිසක් අධ්‍යයනයක් නෑ.
මම කියන්නේ ලෝකේ ඕනම දෙයක් විෂයක්නේ. ඒ විෂය හදාරන්න ඕන. මේ රටේ විතරයි මේක විෂයක් වෙලා නැත්තේ. අනිත් එක ඕනෑම භූතයෙකුට ඇවිත් රඟපාන්නත් පුළුවන් ඕනැම භූතයෙකුට ඇවිත් උගන්වන්නත් පුළුවන්. මම විශ්ව විද්‍යාලයේ ගියේ නැති වුණාට අවුරුදු ගණනාවක් හැදැරීමක් කරලා ආපු කෙනෙක්.
ජර්මනියේන්, පින්ලන්තෙන් වැනි විදේශ රටවලින් ආපු පිරිස් සමඟත් අවුරුදු ගණන් වැඩ කරලා තියෙනවා. ඒ අතරම තමන්ම සොයා ගෙන යෑමත් කළා. දැන් තිබෙන බොහෝ අධ්‍යයන අවස්ථාවලදී ‘රඟපැමට අවස්ථාවක් දෙනු ලැබේ’ කියලා දානවා. හැබැයි මට එහෙම කරන්න බෑ.
නමුත් දක්ෂතාවය තිබුණොත් මම අනිවාර්යයෙන්ම ඉස්සරහට තල්ලු කරලා දෙනවම තමයි.උදාහරණයකට ගත්තොත් ප්‍රදීප් රාමවික්‍රම මීට කලින් පොඩි පොඩි චරිත කරලා තිබුණ කෙනෙක්. නමුත් ප්‍රධාන බරක් උසුලන චරිතයකට එන්නේ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ ‘මනි’ ගේ චරිතයෙන්. මම සෑහෙන ෆයිට් එකක් දුන්නා ප්‍රසන්න ජයකොඩි සමඟ එයාව එතැනට යොමු කරන්න. ප්‍රසන්නත් එහෙම ලේසියෙන් තෘප්තිමත් වෙන කෙනෙක් නොවෙයිනේ. හොඳටම හොයලා බලල තමයි ගන්නේ. එහෙම දක්ෂතාවයක් දැක්කොත් මම කොහොමටවත් අත හරින්නේ නෑ. ගමනක් යන්න පුළුවන් වෙනකම් පිටිපස්සෙන් ඉඳලා තල්ලුවක් දෙනවා.
දැන් මට වුණත් අරිසෙන් අහුබුදු ශූරින් හරහා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අත දුන්නේ නැත්නම්, ඊට පස්සේ ඩී.බී නිහාල්සිංහ මහත්තයා අත දුන්නේ නැත්නම්, මට මෙතනට එන්න බෑනේ. මේ අතරතුර ආචාර්ය සලමන් ෆොන්සේකා ගේත් මම හැදෑරීමක රඟපෑම සොයා යෑමක නිරතවෙලා සිටියා අවුරුදු ගණනාවක්. එහෙම තල්ලුවක් නැතිව ඇත්තටම අමාරුයි. අපිට හැමදාම ඉන්න බෑ. අලුත් අය හැදිලා පෝෂණය වෙලා එන්න ඕන. වෙලා තියෙන කරුමය නම් මේ රටේ මේ තෝතැන්න සශ්‍රීක නෑ. ඉතින් ඉගෙන ගන්න ළමයි මේවා ඉගෙන ගෙන කාටද පෙන්වන්නේ අයි.ටී කෝස් එකක් කළොත් ඒ සහතිකය පෙන්වලා රැකියාවක් ගන්න පුළුවන් වෙයි. ස්වාධීනව කෙනෙකුට එහෙම එන්න ඉඩක් මෙතැන නෑ. දැන්නම් රටත් සශ්‍රීක නැතිකොට කවර කතාද?
නමුත් මම දරුවන්ට කියන්නේ කට්ට කාගෙන මේක හරියට ඉගෙන ගන්න. කවදහරි මේ තෝතැන්න සශ්‍රීක වෙයි කියලයි.
හේමාලි විජේරත්න