යුගයේ ආදරණීයම කතාව විදිහට මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යය තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය. කියාදෙන්න ආදරේ තරම් ගැන කතා කරනකොට මගහැර යා නොහැකි චරිතයක් තමයි දිගැසි කියන්නෙ. දිගැසිගෙ චරිතයට පණපොවන සචින්තනී කෞෂල්‍යා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නීති ශිෂ්‍යාවක්ද වනවා. ඉතින් අපි හිතුවා සචින්තනීගේ අලුත්ම විස්තර දැනගන්න ඇයත් එක්ක කතා කරන්න.
සචින්තනී කොහොමද ඉතින්?
හොඳින් ඉන්නවා. මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවලට කාර්ය බහුලවෙලා ඉන්නෙ.
නීතිඥ උපාධියත් ඉහළින්ම පාස් වුණා නේද?
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදි උපාධිය මම හොඳින් සමත් වුණා. දැන් නීතිඥවරියක් වීම සඳහා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ඉන්නවා.
නීතිය නිසා ඉදිරියෙදි රංගනය අතාරියිද?
නීතිඥ වෘත්තියට වගේම රංගනයටත් මම ගොඩක් ආදරෙයි. වෘත්තියන් දෙකම සමබරව කරගෙන යන්න තමයි මම හිතාගෙන ඉන්නෙ
කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දෙවෙනිගෙ චරිතය රඟපාන යශ් වීරසිංහයි ඔබයි පෙම්වතුන් කියලා කතාබහක් යනවා. මොකක්ද ඒ කතාවෙ ඇත්ත නැත්ත?
ඒක බොරුවක්. යශ් කියන්නෙ මගේ හොඳ යාළුවෙක්. හැබැයි අපිට ආදරය කරන රසිකයො නම් කැමතියි අපි දෙන්නා පෙම්වතුන් වෙනවට. නමුත් යශ්ගෙයි මගෙයි අතර යාළුකමට එහා ගිය සම්බන්ධයක් නැහැ.
ඇත්තටම ආදරයක් හොයාගන්න කාලෙ හරි නේද දැන්?
කාලෙ හරි වුණාට මට ගැළපෙන විදිහෙ කෙනෙක් තාම හම්බුණේ නැහැ. හම්බ වුණදාට ඉස්සෙල්ලාම පිනිපලසට කියන්නම්.
මොන වගේ ගතිගුණ තියන කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නෙ?
මාව තේරුම් අරන් මට ආදරේ කරන වගේම හොඳ අනාගතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය පටන්ගත්ත මුල් කාලෙට වඩා දැන් ඔබ ලස්සන වෙලා තියෙන්නෙ කොහොමද?
නිළියක් වුණාම ඇඟේ හැඩය, ලස්සන ගැන හිතන්න ඕන. එහෙමයි කියලා මම ලස්සන වෙන්න කිසිම කෘත්‍රිම නිෂ්පාදනයක් පාවිච්චි කරන්නෙ නැහැ. මම ජිම් ගිහින් ව්‍යායාම කරලා ඇඟ හදනවා. ඒක නිසා තමයි ඉස්සරට වඩා මාව ලස්සන වෙලා තියෙන්නෙ.
සමාජ මාධ්‍ය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය විවේචනය කරලා කමෙන්ට් දානවා වැඩියි නේද?
මම අඳින ඇඳුම් සම්බන්ධයෙන් සහ බාහිර පෙනුම ගැන විනිශ්චය කිරීම් සහ විවේචන එල්ල වුණ අවස්ථා තියනවා. ඒ විදිහෙ විවේචන හා විනිශ්චය කිරීම් මට විතරක් නෙමෙයි ලංකාවෙ අනෙකුත් නළු නිළියන්ටත් ඕනතරම් එල්ල වෙනවා. ඒ විදිහට කාවවත් විනිශ්චය කරන්න අයිතියක් කාටවත් නැහැ. අපි කරන කලා කටයුතු රසවිඳිනවා හැරෙන්න අපේ පෞද්ගලික ජීවිත ගැන කාටවත් වැඩක් නැහැ කියලයි මම හිතෙන්නෙ.
විවේචන එල්ල කරන්න තරම් ඔබ සරාගී විලාසිතා කරනවද?
අවස්ථාව අනුව තැනට ගැළපෙන විදිහට මම දිග ඇඳුම් වගේම කොට ඇඳුනුත් අඳිනවා. කොට ඇඳුම් අඳින්නෙ සරාගීකම පෙන්නන්න නෙමෙයි. ඒ අවස්ථාවේදී මාව ලස්සනට පේන්න සහ නිදහස්ව පහසු විදිහට ඉන්න ඕන නිසා. ගැහැනියකගේ සරාගීකම තීරණය වෙන්නෙ කතා කරන විදිහෙන්, හැසිරීමෙන්, ආකල්පවලින් මිසක් නිරුවත ප්‍රදර්ශනය කිරීමෙන් නෙවෙයි කියලයි මම හිතෙන්නෙ.
ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද?
කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකකට මම රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියෙදි ඒ නිර්මාණ රසිකයන්ට නරඹන්න පුළුවන් වෙයි. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන නීතිඥවරියක් විදිහට කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.