තමන් ගායනා කරපු ගීත දෙකක් හරහා මිලියන විස්සකට වඩා ආසන්න රසික පිරිසකගේ ආදරය ලබන්න කෙනෙක් වාසනාවන්ත වෙනවා කියන්නේ ඔහු කොයිතරම් දක්ෂ ගායකයෙක් වෙන්න ඕනෙද. රියැලිටි වැඩසටහනක් හරහා රසිකයන් අතරට ආපු මේ සුන්දර ගායකයන් නමින් තිවංක දිල්ශාන්. අද වන විට ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල ම යොවුන් තාරකාවක් විදිහට ඔහුව හඳුන්වන්න පුළුවන්. රියලිටි තරඟාවලිය හරහා ඔහු ශේත්‍රයට ආවත් තිවංකට හැකියාව ලැබෙන්නෙ නෑ අවසාන තරගකරුවන් අතරට එන්න. නමුත් ඔහුට හැකියාව ලැබෙනවා ජනතාවගේ හදවතේ ගායකයා බවට පසුකාලීනව පත්වෙන්න. ළඟ ළඟ ලගටම ඇවිත් ඔයා ගීතයත් එක්ක තමයි තිවංක ගේ ගායන ලෝකය ලෝකය සම්පුර්ණ වෙනස් උනේ. මේ විදියට ජනප්‍රිය වෙන්න ඔහු සතු අපූරු හඬක් තියෙනවා. මේ ජනප්‍රියතාවය රහස පිළිබඳව තිවංක අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.
“මගේ ගායන විලාසය සහ මගේ නිහතමානීකම මේ ජනප්‍රියත්වයට බලපෑවා කියලා මම විශ්වාස.යිඑදා රියලිටි වේදිකාවට ගොඩ වෙන්න කලින් හිටපු තිවංක ම තමයි මිලියන 20 ක ජනතා ප්‍රතිචාර ලැබුවත් අද ඉන්නේ. ජීවිතය මම හැමදාම හිතපු දෙයක් තිබුනා ඒ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වෙනවා කියන එක ඒක මම ඉස්කෝලේ තුන වසරෙදි විතර මගේ හිතට ආපු දෙයක්. එදා ඉදන් මම ජීවත් වුණේ ඒ හීනයත් එක්ක මම ඉපදිලා තියෙන්නේ සංගීත කරන්න කියලා මට හිතෙනවා ඒ හීනෙ හැබෑ කරගන්න ජනතාව තමයි මට මේ වරම දුන්නේ.”
ඒ විදිහට අදහස් දක්වන තිවංකට විශේෂයෙන්ම තරුණ ගැහැනු ළමයි ගොඩක් දෙනෙක්ගේ ඉහළ ප්‍රතිචාර තියෙනවා. නමුත් ඔහු නම් සඳහන් කරන්නේ වැඩිහිටියන්ගෙන් ඒ වගේම පුංචි දරුවන් ගෙන් පවා කිසිදු වෙනසක් නැතුව ඉහළ රසික ආදරයක් ලැබෙනවා කියලයි. ඉතින් මේ යෞවන යෞවනියන්ගේ ආදරය දිනාගෙන සිටින තිවංකට මේ වෙද්දි පෙම්වතියක් ඉන්නවද කියලා අහපුවාම ඔහු පිළිතුරු දුන්නේ මේ විදිහටයි.
“ඔව් මට පෙම්වතියක් ඉන්නවා ජනප්‍රිය වෙන්න කලින් පුංචි රැකියාවක් කළා මම ඒ කාලෙදි මට මගේ පෙම්වතිය මුණ ගැහෙන්නේ. නැති බැරි කාලේ මුණගැහුණු ඇයට මම ගොඩක් ආදරෙයි. මට ගොඩක් ආදර ඇරයුම් ලැබෙනවා ඒත් මම ඒ ආදර ඇරයුම් වලට රුකුල් දීලා ඒ අයගේ හිත් රවට්ටන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. මම හැම හැමවිටම අවංක පෙම්වතෙක් කියන තැන ඉන්න උත්සහ කරනවා. මම විවාහ වෙන්න සූදානමින් ඉන්නවා ගොඩක් දුරට ලබන අවුරුද්ද විතර අපේ විවාහය වෙයි“