මම කියන්නේ ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක හොදයි - කාවින්ද්‍යා දුල්ෂානි




මැස්සා, කෝලම්කුට්ටම සහ ගගන පියවර වැනි ටෙලිනාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක අපි අතරට එන ඇය සුරූපි කාවින්ද්‍යා දුල්ෂානි. කාවින්ද්‍යා කියන්නේ ප්‍රේක්ෂක කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක්. ඇය වැඩිපුරම කැමති නිවේදනයට කියලයි කාවින්ද්‍යා කියන්නේ.කෝලම්කුට්ටමේ ප්‍රධාන චරිතය සුද්දී විදියට රංගනය කරන කාවින්ද්‍යා මේ ටෙලිනාට්‍යය හරහා ඔරු පදින්නත්, ඉස්සො අල්ලන්නත්, රූකඩ නටවන්නත් අත්දැකීම් ලබා ගන්නවා. ඉතින් කාවින්ද්‍යා ගැන පසු ගිය දා සමාජ මාධ්‍ය හරහා වැඩිපුර කතා කරන්නට වුණා. ඒ ඇගේ වීඩියෝවක් සමාජ මාධ්‍යගේ වයිරල් වුන නිසයි.

දැන් දැන් කාවින්ද්‍යා ගැන අහන්නට ලැබෙන්නේ නම් සුබම සුබ ආරංචියි. ඒ ඇගේ ජීවිතයට දැන් මංගල සීනු හැඩවෙලා. ඉතින් ආදරය උපරිමයෙන් විදින කාවින්ද්‍යාගේ අනාගත සහකරුවා ඇගේ උපන්දිනයට ඇයව පුදුමයට පත් කලා. ඉතින් කාවින්ද්‍යා ඇගේ අදහස් කිහිපයක් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.


” මමනම් හිතන්නේ ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක තියෙන එක හොදයි. නැත්නම් කසාද බැදලා වෙන් වෙනවට වඩා බදින්න කලින් ආශ්‍රය කරලා බලලා බැන්දම හරි. මේක කිව්වම මට කට්ටිය බනියි.’’


මේ විදියටයි කාවින්ද්‍යා ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ගැන අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post